එයා කෑන් එකක් ඒහෙමම කඩල අරන් ඒක  , එක හුස්මට හිස් කලේ , එනර්ජි ඩ්‍රින්ක් එකෙන් පොඩි සහනයක් එයාව වෙලා ගනිද්දි.... උඩින්ම තිබ්බේ අයිස් බෙයාගේ මූණේ හැඩේ හරිම යුනික් බොක්ස් එකක්.... ඔහ්, මේ බඩ්ඩ කොහෙන්ද ? ගවීෂ් කුතුහලේටම ඒක අතට ගත්තේ හොලවලත් බලන ගමන්..  ආශදීගෙද ? ඒකිනෙ සාමන්‍යෙන් මේ වගේ කියුට් කියුට් බඩු එකතු කරන්නෙ..... පව් අප්පා එක අතකට ඒ කෙල්ල... ඉස්සර නන් වලියමයි... යුවනිදු අය්ය නැති උනාට පස්සෙ ගවීෂ්ගේ අතේ එල්ලීගෙනමයි.... වෙලාවක කෙල්ලට මොනාහරි අරන් දෙන්න ඕනෙ....

ගවීෂ් බොක්ස් එක ඕපන් කලේ , අයිස් බෙයාගේ නහයට තට්ටුවකුත් දාලා... අහ්... බොක්ස් එක ඇතුළේ ඔයිල් පේපර් එකක් උඩ පිළිවෙලකට අතුරල තිබ්බේ ,..............

" පොල් ටොෆීඊඊඊඊ ??? "

ඔව් !!! කොළ පාට පොල් ටොෆි !!! ගානට පිළිවෙලකට කපල තිබ්බ පොල්ටොෆී.... නහය විනිවිදගෙන ගිය , හවායින් වයිබ් සුවදට බඩත් එක්ක ගවීෂ්ග් බුරුබුරු ගාන්න ගත්තේ තත්පර ගානයි....

හෝව් හිටාන් !! මේක..... කාගෙන්ද - .  ප්‍රශ්නෙත් එක්ක උත්තරයත් ඔලුවට ඇවිත් අහවර උනත් මිනිහා ඒක පිළිගන්න ලෑස්ති නැ.... එයා දහ පහළවකින් ඒම කොළ පාට පොල් ටොෆි ඉල්ලලා නෑනෙ....  එකයි... ලෝකෙටෙම එකයි.... ඒත් ඒම වෙන්න පුළුවන්ද යකො ?

පණිවිඩයකට කියල තිබ්බේ ඈෂ් කලර් ස්ටිකි නෝට් එකක කළු මාකර් එකකින් ඇදල තිබ්බ ඇටකටු මිනිහයි, දිව ඇදන් ඉන්න කන් දිග බලු මූණකුයි ... ගවීෂ් බොක්ස් එක අතට අරන් නැගිට්ටේ එක පාරට මතු උන කලබලයක් එක්ක..... කොල්ලා දොර ඇරියේ වැඩි බලාපොරොත්තුවකින් නොවුනට, ආශදීයයි යොවන්දියයි තාමත් දොර ළග....ගවීෂ්ගේ අතේ තිබ්බ බොක්ස් එක දිහා බලපු ආශදී ඇස් උඩ යැව්වේ , යන්තන් හිනා වෙන ගමන්.. හරියට ගවීෂ් ආයෙ දොර අරින බව දැනන් ඉදිය ගානට.... හරි එහෙනන්... !! ඒකි තමයි මේක ගෙනත් දුන්නෙ.......

" හ්ම්ෆ්...ඉස්සෙල්ලා එනව ඇතුළට ඉතින්... " ගවිෂ් තොල් ඇද කරල කිව්වේ යොවන්දි බලාගෙන ඉද්දි....

" අක්කි මම යන්නද ? " ආශදී ඇහුවේ යොවන්දි එහෙ මෙහෙ බලලා ඔළුව වනද්දි.... කෙල්ල ඒ කිව්වේ එයාට ගවීෂ් එක්ක තනියම කතා කරන්න ඕනෙ කියන එක යොවන්දිට තේරෙනවා.... 

- Plot 23 -Where stories live. Discover now