19

1.7K 333 27
                                    

"චූටි පුතූ කන්න එන්න...."

"අශේල් ආවම එයත් එක්කම කන්නද අම්මා...."

"කැමැත්තක් ඉතිං මට මොකෝ....නේද නාලක....අපි නම් කනවා ඔන්න....අපිට බෑ කුරුලු ජෝඩු කන්න එනකල් බඩගින්නෙ ඉන්න..."

"අම්මා..."

"ඔය ලමයට විහිලු කරන එක නවත්තලා මට බත් බෙදලා දෙන්නකො නදීරා....මං බඩගින්නෙ පේන්නැද්ද...."

"අනේ මේ ඔයා ඉන්නකො නාලක....මොකද ඔයාට ඊරිසියද මං මගෙ පොඩි කොල්ලා එක්ක විහිලුවක් තහලුවක් කරගෙන ඉඳිද්දි...."

"වැඩේමයි...මේ බලහන්කො කොල්ලො මෙයා...."

මං මෙහෙට ඇවිත් දවසක් ගතවෙලා....හිතේ බයකින් දෙගිඩියාවකින් ආවත් ගෙට අඩිය තිබ්බ පලවෙනි තත්පරේම ඒවා කොහේ ගියාද හොයාගන්නත් නැතිඋනා....අශේල්ගෙ අම්මා මාව පිලිගත්තෙ පුදුම තරම් සතුටකින්....ඒ මූනෙ මම ලොකු සතුටක් ආදරයක් දැක්කා....එයා මාව තුරුල් කරහෙන හාදුවක් දීලාමයි ගෙදරට පිලිගත්තෙ....මට ගොඩකාලෙකින් මඟැරිලා ගිය උණුසුමක් දැනුනා....අම්මෙක්ගෙ ළඟින් එන උණුසුම කියන්නෙ ඒකට වෙන්නැති....

අශේල්ගෙ තාත්‍තා නම් සිප වැලඳගත්තෙ නෑ....එයා හැසිරුනෙ මම අමුත්තෙක් නෙවේ ගානට දාලා....එයාගෙම කෙනෙක් කරගෙන....

"කොල්ලො මේ ඔය බටර් වලට අහුවෙන්න එපා....ඔය මායම් දාන්නෙ උඹව අල්ලගන්න....ඕවට අහුවෙන්න එපා..."

"නාලක මේ මගෙන් ගුටි කන්න තමා ඔයා ඈ...."

"ඇයි ඇයි ඇත්තනෙ කීවෙ මං....ලොකු පුතා පොඩි පුතාව කාමරේට එක්ක යනවා....මනමාල කම් කරල අහුවෙන්න එපා කොල්ලා ගෙට අඩිය තිබ්බ ගමන්....උබව හමගහනවා මං...."

"තාත්තෙ ඇති අප්පා....ආශු මෙහෙන් එන්න...ඔය දෙන්නටම ටිකක් ට්‍රැක්....ගනන් ගන්න එපා...."

ගෙදරට ආව ගමන් උන කතා බහ මතක් වෙලා මට හිනාවක් ගියා....අශේල්ගෙ අම්මයි තාත්තයි ගොඩක් නිදහසේ ඉන්න අය....පිටරටක හිටපු හින්දද මන්ද ඒ....ඒ ගොල්ලො හරි ෆ්‍රෙන්ඩ්ලි....ගෙදරදි ඉන්නෙ යාලුවො වගේ....මම ආව ගමන් ආන්ටි අංකල් කියල කතා කරාට පස්සෙ පොඩි වෙලාවකින් ඒවා මේ ගෙදර තහනම් වචන උනා....ආන්ටියි අංකලුයි මගෙත් අම්මා තාත්තා උනා....මුලදි මට ඒ වචන නුහුරට දැනුනා....මොකද මම කවදාවත් කාටවත් එහෙම කතා කරල නෑ නැන්දා මාමා කීවා මිසක්....හැබැයි මේ වෙද්දි මට ඒ වචන පුරුදු වෙලා....

ආශුWhere stories live. Discover now