06

1.8K 321 18
                                    

හරියටම දවස් තුනකට පස්සෙ අශේල් ආයෙම බීච් එකට ගියෙ හිත නිදහස් කරගන්න....ගෙදරින් මිස්ට ජයසූරියගෙ ගෙදර යන්න කරන බලකිරීම නවතින්නෙම නැතිව ගිහින්....අශේල්ට බේරුමක් නෑ....

අශේල් බීච් එකටම යන්න හේතුවක් තිබුනා....මොකද්දෝ දේකට එදා බීච් එකේදි දැකපු පොඩි මූණ ආයෙ බලාගන්න අශෙල්ට වුවමනා උනා ....ඒ මුණ අමතක කරන්න ඒ දඟකාරකම අමතක කරන්න බැරි ගතියක් දැනිලා තිබුනා....ආයෙම ඒවිද මුණ ගැහේවිද නොදන්නවා උනත් අශේල් බලන් හිටියා බැරිවෙලාවත් එයා ඉඳීද කියල....ඒත් අශේල්ගෙ බලාපොරොත්තු බිඳුනා....කොලු පැටියා එදා ඇවිත් හිටියෙ නෑ....අශේල්ට දැනුනා එයා ගෙදරින් එද්දි තිබුන බර තවම එහෙමමයි කියල....එදා වගේ ඔලුව නිදහස් වෙලා නෑ අද....අශේල් ආපිට ගියේ හිතේ බර තවත් වැඩි කරගෙන....

දිගින් දිගටම එදා බීච් එකේ දැකපු කොල්ලා අශේල්ගෙ හිතට වදදුන්නා....අශේල් කොහොමහරි වෙලාවක් හදාගෙන දිගටම බීච් එකට ගියා....ආයෙම එකපාරක් හරි ඒ මූන බලාගන්නයි අශේල්ට ඕනිඋනේ....හරියටම සතියක් ගෙවුනා....එදත් අශේල් බීච් එකට ගියෙ බලාපොරොත්තු තියාගෙන....මොකද්දෝ වාසනාවකට එදා අශේල් හොයපු රූපෙ බීච් එකේ කොනක වාඩි වෙලා හිටියා....කාර් එකෙන් බැහැපු අශේල් පොඩි කොල්ලා පේන දුරකින් ගිහින් හිටගෙන මුහුද දිහා බලා ඉන්න ගමන් ඇස් කොනෙන් කොල්ලා දිහාවත් බැලුවා....

පොඩි කොල්ලා අඬනවා....අශේල්ට පේනවා ඒ කම්මුල් දිගේ කඳුළු බේරෙනවා....හැබැයි කාටවත් පෙනෙයි කියලද කොහෙද කොල්ලා ඉක්මනට කඳුළු පිහිදගන්නවා...ආයෙම අඬනවා....අශේල් දන්නෑ පොඩි කොල්ලා අඬන හේතුව මොකද්ද කියල....මොකක් උනත් අශේල්ට වේදනාවක් දැනුනා....පොඩි කොල්ලා අඬද්දි අශේල්ගෙ හිතත් රිදුනා....

ටික වෙලාවක් වැල්ලෙම වාඩි වෙලා අඬපු කොල්ලා ආපහු සුපුරුදු දඟ වැඩ ටික පටන් ගත්තා....කෑගගහ තනියම රැල්ල පෑගුවා....හිනා උනා....දඟල දඟල ඉඳල යන්න ගියා....අශේල් ඈතට වෙල බලා හිටියා....අශේල්ට දැනුනා එයාගෙ ඔලුවෙ බර නිදහස් වෙලා කියල....අශේල්ගෙ මූනෙත් හිනාවක් ඇඳිලා තිබුනා.....

ගෙදර ඇවිදිනුත් අශේල් දිගටම කල්පනා කරේ පොඩි කොල්ලා ගැන....කාගෙ කවුද මොනව කරන කෙනෙක්ද තවම ඉස්කෝලෙ යනවද....කොහෙද ඉන්නෙ ඇයි ඒ ඇඬුවෙ....ඇයි තනියෙන් බීච් එන්නෙ....කොහොමද එච්චර ලස්සන උනේ එච්චර හුරතල් උනේ....අශේල්ට මේ ප්‍රශ්න වලට උත්තර ඕනි....ඒත් අහන්න කෙනෙක් නෑ....කාගෙන්ද අහන්නෙ....

"මොකද පුතා තනියෙන් හිනා වෙන්නෙ...මම දැන් සෑහෙන වෙලාවක ඉදන් බලාගෙන...."

"ආහ් නෑ නෑ අම්මා පොඩි දෙයක් මතක් උනා...."

"දැන් ඉරිදා ගමනට ඔයා ලෑස්තිද පුතා.... හා කියන්න හරි බෑ කියන්න හරි අපි ගිහින් එමුකො....හැබැයි ඉතිං බෑ කියන්න හේතුවක් නෑ දරුවො....ඒ දූ හරි සිරියාවන්ත දරුවෙක්....ඔයා ෆොටෝස් දැක්කනෙ නේද...."

ආයෙම සුපුරුදු මාතෘකාව....කේන්ති ගියා උනත් අශේල් ඉවසුවා....එයාට බෑ එකට එක කියල අම්මගෙ හිත රිද්දවන්න....ඉරිද වෙනකල්ම අශේල් දිගටම කරේ හවස් වරුවට බීච් එකට ගිය එක....වෙන මොකටවත් නෙවෙයි අහම්බෙකින් හරි අර මූන බලාගන්න....ඒ දඟ වැඩ බලල හිත නිදහස් කරගන්න.....

සෙනසුරාදත් ඒ කොල්ලා බීච් ඇවිත් හිටියා....අදත් තනියම....අද නම් ඇඬුවෙ නෑ...හැබැයි මොකද්දෝ ලොකු දෙයක් හිතේ තියාගෙන ඈත මුහුද දිහා බලන් හිටියා....අශේල්ට තදින්ම උවමනා උනා කොල්ලට කතා කරන්න....හිත හයිය කරගෙන ඉස්සරහට යද්දිම පොඩි කොල්ලට කෝල් එකක් ආවා වගේම කොල්ලා හිනා වේගෙන කොහෙටදෝ දුවගෙන ගියා....අශේල් කොල්ලා ගිය පැත්ත බලන් හිටියා....දුවගෙන ගිය කොල්ල කවුදෝ තවත් උස කොල්ලෙක්ගෙ ඇඟේ එල්ලුනා....කවුද ඒ....කොහෙන් ආපු එකෙක්ද...පොඩි කොල්ලා ඒ අනිත් උස කොල්ලගෙ කාර් එකේ නැගල යන්න ගියා....

අද අශේල්ගෙ හිත බරයි....මොකද්දෝ ඊරිසියාවක් එක්ක තරහකින් හිත පිරිලා...
ඒ මදිවට හෙට මගුලෙ මනමාලියො බලන්න යන්න වෙලා....

අශේල් හිත හදාගත්තා හෙට ඔය කියන ගමන යන්නම ඕනි හින්දා යනවා....ඒ ගිහින් ආව ගමන් පොඩි කොල්ලා ගැන හොයන්න පටන් ගන්නවා කියල....

මොකද අශේල්ට දැනීගෙන එනවා ඒ කාගෙ කවුද නොදන්න පොඩි එකා අශේල්ගෙ හිතේ ලොකු ඉඩක් අරගෙන කියල....

ඉතින් හොයල නොබල කොහොමද....







𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹

ඔව් ඔව් නොබලා කොහොමද....

ආශුWhere stories live. Discover now