08

1.8K 336 28
                                    

මනමාල ගෙවලයාලා ඇවිත් දවසකුත් ගෙවිලා යන්න ඇවිත්....ඒ ගොල්ලො යන්න ගියාට පස්සෙ මගෙ ඔලුවට නම් දැනුනෙ කියාගන්න බැරි නිදහසක්....මහලොකු ගෙවලයා යන්න කලිනුත් මා දිහා බලා හිටියා....කොහොමහරි උඹේ නෑනව ගන්නවමයි කියල වෙන්නැති ඒ නොකියා කියන්න ඇත්තෙ....

නැන්දයි මාමයි ඉන්නෙ පුදුමාකාර සතුටකින්....තවම ස්ථීර කරල නැතත් එයාල දැම්ම ඉදන්ම වෙඩින් එක ප්ලෑන් කරනවා....අරහෙම කරමුලු මෙහෙම කරමුලු....අයියත් ඉන්නෙ සතුටෙන්....සයුරි නම් කොහොමත් සතුටෙන්....වෙනදට වඩා පොඩ්ඩක් ඔලුව ඉදිමිලාදත් මන්දා....ඔව් ඉතිං පොත්ත සුදු හැන්ඩියෙක් ඒකිව බලන්න ඇවිත්නෙ....මේ මස්සිනාව ගනන් ගන්නෑ තඹේකට....උඹට තේරෙන්නෑ කෙල්ලෙ මේ මස්සිනාගෙ අගේ....උඹ පයින් ගහන්නෙ මැණික් ගලකට....

"අඩෝ මේ අපේ එකී නියමෙට මැචින් නේ බන් අරූට....බලහන්කො පොඩ්ඩක් එකලඟ තියල ඉමෑජින් කරල...."

මූ මේ රෙද්දක් කතා කරනවා....මම මේ විස්සෝප වෙනව නෑනව වෙන එකෙක් ඩැහැගන්න ඇවිත් හින්දා....ආවා මෙතන ඉමෑජින් කරන්න කියන්න....ඉමෑජින් නෙවේ මෙතන....හිතුනොත් නෑනටත් බූට් එක තියල මම යනවා ගෙවලයා එක්ක....සැක් මොනවා හිතනවද මන්දා මමත්....ඉමෑජිනේශන් එකත් පිස්සු කෙලිනවනෙ....

"සුදූ මං උඹට කතා කරේ..."

"ඈ...ආ ඔව් මරු මරු මාර මැචින් තමා...."

"මොකද උඹ නිකන් හරහට කතා කරන්නෙ....සතුටු නැද්ද අපේ එකීට හොඳ කොල්ලෙක් හම්බුන එකට...."

"සතුටුයි සතුටුයි මොකෝ සතුටු නැත්තෙ....මාරම සතුටුයි...."

"මං දන්නවා උඹ දැන් ඔය ඊරිසියාවෙ ඉන්නෙ කියල....බයවෙන්න එපා උඹටත් හොඳ තැනකින් කෙනෙක් තාත්තා හොයල දෙයි...."

අනේ උඹ දන්න පම්කක් නෑ අයියෙ....මම මේ විරහ වේදනාවෙන් ඉන්නෙ යකෝ....

"අනේ මේ මට ඔනෑ ඇති මගුලක් නෑ....මට කලින් උඹ හොයාගෙන බැඳපන්කො....වදදිදී ඉන්නෙ...."

"හොයාගන්නවා තමා උඹල ඔක්කොටම හීක් ගෑවෙන්න...පොඩ්ඩක් හිටපල්ලකො....තවම නැකත ආවෙ නෑ...."

ගෙදර ඉන්න ඉන්න වෙන්නෙ හිත රිදෙන එක විතරක්ම හින්ද මම හවස් වරුවෙ බීච් එකට ආවා....මට කියල වාහන නෑ...මම එන්නෙ කැබ් එකක් හයර් කරගෙන....සුපුරුදු තැනම ඉඳගත්ත මං මුහුද දිහා බලාගෙන මම ගැනම කල්පනා කරා....

ආශුWhere stories live. Discover now