04

1.8K 346 53
                                    

දවල් එක පහුවෙනකොට මනමාල ගෙවලයගෙ පවුලෙ අයයි අපේ අයයි හැමෝම හිටියෙ කෑම මේසෙ වාඩි වෙලා....අපේ නැන්දයි ලලිතා නෝනයි එකතු වෙලා ලෝකෙ තියෙන හැම කෑමම හදල මම හිතන්නෙ....ජීවිතේට අපේ ගෙදර හදපු  නැති විදිහෙ ඒවත් තිබ්බා කිහාන්කො....

"ඒ බන් අයියෙ මොනාද බන් මේ අමුතු අමුතු ඒවත් තියෙන්නෙ...."

"කටවහන් කාපන්....ඕවා අශේල්ලට කන්න ලේසි වෙන්න හදල තියෙන්නෙ....එයාල වැඩි කාලයක් හිටියෙ කැනඩාවලලුනෙ...."

ඕ ඕ රට බුවෙක්ද....අපිට මොකෝ මොකෙක් උනත්....මගෙ නෑනා දෙන්නෑ එච්චරයි...

කෑම මේසෙ ගෙවලයා හිටියෙ හරියටම මට ඉස්සරහින්....අපේ එකී ඌට එහාපැත්තෙන්....ළඟ ලඟම ආසන පනවල ජෝඩුවට....මල විකාරනෙ මේ මාමලාගෙත්....අයියා ගාවම ඉඳගන්න දෝණි යැයි යැයි ගෑවා....අයියා නෙවේ ඕකා හුයියා....

කෑම කනකල් පාඩුවෙ ඉඳපු මම ඌ වතුර බොන වෙලාවක් බලල ගානට මිම්මට මේසෙ යටින් පයින් ශොට් එකක් දුන්නා....ආවා මෙතන ගෑනු ගන්න දැන් නාපන්....නොහිතපු පහරින් ගෙවලයා ගැස්සිලා ගිය පාර වතුර වීදුරුව එහෙමම ඇඟ පුරාම....ගන්න දෙයක් නෑ....ඌප්ස් සොරි බ්‍රෝ...මම හිතලම තමයි ගැහුවෙ....මොනා කරන්නද නෑනා දෙන්න බෑනෙ...

"අයියෝ....මොකද උනේ පුතා...."

"ඉට්ස් ඕකේ ආන්ටි අත ලිස්සුවා...."

මම කකුල වැදුනා කියල බොරුවට සමාවගන්න කටදිව හදාගෙන ඉඳිද්දි අරූ කියපි අත ලෙස්සුවා කියල....උඹට හොඳ නම් මට මොකෝ....ඕනිනම් තව පාරක් දෙන්නම් ආයෙ වතුර බොන වෙලාවක් බලල....

"ඔහොම ඉන්න බෑනෙ පුතා....බලන්නකො ඇඳුම සවුත්තුයිනෙ...."

"ඉට්ස් ඕකේ ආන්ටි මේක ඉක්මනට වේලෙයි....හිතන්න එපා..."

"නෑ නෑ එහෙම හරි නෑනෙ....සුදු පුතා ඔයා කාලා ඉවර එකේ මේ අයියව එක්කන් ගිහින් ඇඳුමක් දෙන්නකො බලල....ඔයාගෙ ඒවා මදිනම් ලොකූගෙ එකක් දෙන්න...."

"මගෙ අල්මාරියෙ අලුත් ඇඳුමක් ඇති සුදූ....ඒක දෙන්න අශේල්ට....ඔයාගෙ ඒවා මදිවෙයි කොහොමත්...."

කාලා වරෙන්කො....වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනා කියන්නෙ මේවගේ වෙලේට වෙන්නැති....දැන් එතකොට මම මූව එක්ක ගිහින් ඇඳුමක් දෙන්න ඕනිද....අනේ මේ මට නම් බෑ....මොන විකාරයක්ද...අයියා කාරයටත් මම එකසිය ගානට රැවුවා....මූ බලහල්ලකො.... මස්සිනාට ඇඳුමක් අන්දන්න හරි හදිස්සියි වගේ...

"සුදු පුතා...."

"ඕ ඕ මාමෙ මේ යනවා...."

මාමා එක්ක බෑනෙ ඉතිං....නැන්දා වගේ නෙවෙයි කියන දේ නෑහුවොත් කාට උනත් දිගට හරහට ගුටි තමා....පාඩුවෙ මම පඩිපෙල නගිද්දි මනමාල ගෙවලයත් මගෙ පිටිපස්සෙන් ආවා....පඩිපෙලෙන් තල්ලු කරන්න හිතයි මට මේකාව....

එහෙමම අයියගෙ කාමරේට ආව මං අල්මාරිය ඇරල අර කීව ඇඳුම අරන් ඒක ගෙවලයට දමල ගැහුවා....

"ආ මේක ගන්න...."

"මොකද ඔච්චර සද්දෙ...."

"මගෙ ඇති සද්දයක් නෑ....හැබැයි තමුසෙ....හොඳ හිතින් කියන්නෙ තමුසෙ මගෙ නෑනගෙන් ඈත් වෙලා ඉන්නවා...."

"අයින් නොවුනොත්..."

කට කොනෙන් හිනාවෙලා ඇහි බැමකුත් උස්සපු ගෙවලයා මගෙත් එක්ක ගේමටම ආවා....

"අයින් නොවුනොත් අයින් නොවුනොත් මම හොඳ වැඩක් කරනවා....බලමුකො මගෙ නෑනව අර....මේ මොකද....අහ....කට යනවා....අහක්...."

"ෂ්ෂ්ෂ් මේක හොඳට ඔය චූටි ඔලුවට දාගන්න බබා...ඔයා කොච්චර නැටුවත් මම කරන්නෙ මට ඕනි දේ....මෙතන වෙන්නෙ මට ඕනි දේ...ම්ම්ම්...."

මම කටගහගෙන යද්දි ඒකා අඩියෙන් අඩියට මගෙ ගාවට ආවා...පස්සෙන් පස්සට ගිය මං අන්තිමට නැවතුනේ ඇඳේ ඉන්දවිලා...මගෙ ගාවට නැවුන ගෙවලයා උගෙ ඇඟිල්ලකින් මගෙ නලලට තට්ටු කරල ඌ කරන්නෙ ඌට ඕනි දේ කීවා විතරක් නෙවෙයි ආයෙම කට කොනකින් හිනා උනා....ඒකාගෙ වොයිස් එකට මගෙ කට නිකම්ම ලොක් උනා....

ආ ආ මට කේන්තියි යකෝ....මේ මොන මගුලක්ද....මූ මගෙ අයියගෙ කාමරේ ඇතුලෙදිම මට පාට් දානවා...හහ්....ඒවා කොහෙද....මම හැදුවෙ ඒකව තල්ලු කරල දාලා නැගිටින්න උනත් හිතුව වගේ කරගන්න බැරි උනා....අලි මස් කාලද මෙච්චර හයිය....

"අයින් වෙනවා....මගෙ නෑනව තමුන්ට දෙන්නෙ නෑ...නෑමයි..."

මම ගිරිය කඩන් පිප්පුවා....ඒ උනාට ඒක ගෙවලයාට ගානක් වත් උනේ නෑ වගේනෙ මට පෙනුනෙ....තල්ලු කරන්න හදපු මගෙ අත් දෙක උගෙ එක අතකින් අල්ල ගත්ත ගෙවලයා ආයෙම මගෙ මූනට එබුනා...මමත් ගේමටම රවාගෙන හිටියා....

"රැවිල්ලයි කෑගැහිල්ලයි නවත්තලා එලියට ගියානම් මට චේන්ජ් කරගන්න තිබ්බ බබා....කැමතිනම් ඉන්න නෝ ප්‍රොබ්ලම්...."

එහෙම කියපු ඒකා මගෙ ඉස්සරහම ශර්ට් එකේ බොත්තම් ගලවන්න පටන් ගත්තා ...මේ මොන විලිලැජ්ජා නැති කමක්ද....පුලුවන් උපරිමෙන් ඒකාට රවපු මම කාමරෙන් එලියට පැන්නා....නැහැදිච්ච රට ගෙවලයා....උඹට නම් මගෙ එකීව ගැලපෙන්නෑ කීයටවත්....

ගැලපුනත් උඹට දෙන්නෙත් නෑ....





𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹


ඉහි ඉහි...ආයෙ එන්නා....ම්...

ආශුWhere stories live. Discover now