02

2.1K 369 55
                                    

"මිස්ට ජයසූරියලා එතකොට ගේ සම්පූර්ණයෙන්ම අලුතෙන් හැදුවද...."

"ඔව් මිස්ට විජේසිංහ....කලින් හිටියෙ කලුතර ගෙදරනෙ....පස්සෙ තමයි මෙහෙ ගෙදර හැදුවෙ....දැන් අවුරුදු තුනක් විතර පදිංචියට ඇවිත්...."

"ඔහෝ හොඳයි හොඳයි....ඉතිං කෝ දූ පොඩ්ඩ...."

"අහ් ඉන්න ඉන්න මිස්ට විජේසිංහ....දන්නැද්ද ඉතිං අම්මල දූලා.....අමාලී....දුවව එක්කන් එන්න...."

"මේ නම් සයුරු පුතානෙ....එතකොට මේ අනිත් පුතා ...."

"අහ් ඒ මගෙ පොඩි කොල්ලා....නිවේන්....මේකා මහ දඟ මල්ල ඔහොම හිටියට...."

යැයි යැයි යැයි තමා....මල සමයන් බෝල සබන් කීවලු...මලමාල ගෙවලයගෙ අප්පොච්චගෙ වැඩේ ආව වෙලේ ඉදන් ගෙවල් දොරවල් බලනඑක....කුරුඳුවත්තෙ ගේ පොඩ්ඩ හින්දද දන්නෑ යෝජනාවක් උස්සන් දුවගෙන ආවෙ....අපේ මාමගෙ බිස්නස් පාර්ට්නර්ස්ලලුනෙ දැන් මේ ඇවිත් ඉන්න විජේසිංහ පවුල....මොකා උනත් මට වැඩක් නෑ ඇවිත් ඉන්නෙ මගෙ නෑනා උස්සන් යන්නනෙ....කොහොමද දෙයියනේ මේවා දරාගන්නෙ....

එහෙන් අර මනමාල ගෙවලයා....සැක් මම හිතාන හිටියා කොට කැත බුවෙක් වෙන්න ඇති කියල....එහෙම නම් කෙලිම්ම ගේමක් නෑ කපල දැම්මැකි.....ඒ උනාට කරුමෙ කොච්චරක්ද කියනවා නම් ඒකා හයේ හතරෙ සුපිරි හැන්ඩ්සම් පොරක්.....කොහෙන් බැලුවත් අඩුවක් නෑ.....අපේ එකී උඩින්ම මූ එක්ක යන්න කැමති වෙයි....ඌ මට වඩා උසයි....අන්න එතනදි මනමාල ගෙවලයා මට වඩා අඩියක් ඉස්සරහින්....උස ඇරුනම මගේ කියල වෙන අඩුවක් නෑනෙ....අපෙ අයියා මං කොටයි කොටයි ගෑවට මම එහෙම කොට නෑ....මෙතන ප්‍රශ්නෙ මෙන්න මේ මනමාල ගෙවලයයි සයුරියි ඔනෑවට වඩා උස උන එක....සයුරිත් මහ මගුලක්නෙ....කෙල්ලෙක් උනාම කොටට ඉන්න එපෑ....මේකිත් මාව කන්නම දණ්ඩ වගේ උස ගියානෙ....දඬු උනාට කමන් නෑ නෑනා මගෙ එච්චරයි.....

"සුදු පුතේ බලන්නකො නැන්දා මොකක් කරනවද කියල...."

කෑවනෙ කෑවනෙ....ලැජ්ජාව රෙද්ද පල්ලෙ බේරෙනවා....මොන මගුලක්ද සභාව මැද්දෙ හුජු පුතා ගාන්නෙ....මනමාල ගෙවලයාට නම්.මම නෙලනවා හැබැයි ගෙදරින් යන්න මොහොතක් තියල හරි....ඇයි යකෝ මේකා කොයි වෙලෙත් මගෙ දිහා බලනවා....මේක මාර මගුලක් උනානෙ....හුජු පුතා ගෑවා විතරයි ඒකා අමුතුවට හිනා උනත් එක්ක....මේක විසාල කරදරයක් උනානෙ යකෝ....එව්ව් ගෙවලයා....ඒකාටත් ගස්සගෙන මම උඩට දුවගෙන ආවා....අම්මයි දුවයි පොල් ගානවද....

ආශුWhere stories live. Discover now