17

1.7K 343 40
                                    

මම ගේට් එකෙන් එලියට එද්දිම අශේල් වාහනේ මා ගාවින් නැවැත්තුවා....මම හිනා වෙලා ගිහින් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි උනා....

"ගුඩ්මෝනින් ලස්සන කොල්ලෝ....ගෙදරට කියලද ආවෙ..."

ආයෙම මට හිනාවක් ගියා....මොන ප්‍රශ්නෙ ඔලුවෙ තියන් ආවත් අශේල් පොඩි දෙයක් කියල හරි මාව හිනස්සල තියන්න බලනවා....

"ගුම්මෝර්නින් ලස්සන අයියේ....අපෙ අයියා කාරයාට කියල ආවෙ..."

මමත් ඉතිං වෙනසක් නැතුව එයා කරපු විදිහටම ග්‍රීට් කරා....ආයෙ මොකෝ මං කියල....මම අශේල්ට මට වඩා වැඩිමල් උනත් අයියා කියන්නෙ නෑ....නොකියනම තරම්....මට එහෙම කියන්න හිතෙන්නෙ නෑ....අශේල් අයියා කියනකොට මට සෙට් නෑ....ඊට වඩා අශේල් කියද්දි නියමයි....

ඒ හින්දමද කොහෙද මම ලස්සන අයියේ කියල ග්‍රීට් කරද්දි අශේල් ඇහිබැමක් උඩ දාල හිනාවක් දැම්මෙ....

"හරි දැන් කියන්නකො පොඩි මහත්තයාට කොහෙටද යන්න ඕනි අද කියල....කාලද ඉන්නෙ....බඩගිනි නම් මුලින්ම කාල ඉමු...."

"ඕන්නෑ අශේල් පස්සෙ කමු....අපි බීච් එකට යන්ද....එතනනෙ පුරුදුම තැන...."

ටික වෙලාවක් යනකොට මම හිටියෙ අශේල් එක්ක බීච් එකේ සුපුරුදු තැන වාඩි වෙලා...තවම උදේ හින්දා වැඩිය කවුරුත් හිටියෙ නෑ....වඩේ කරත්තත් ඕපන් කරා විතරද කොහෙද....

"ආශු වඩේ ගේන්නද..."

මම ඔලුව හොල්ලද්දි අශේල් නැගිටල යන්න ගියා....මෙතන වඩේ අංකල්ලගෙ වඩේ හරි රහයි....මම තනියෙම ඉස්සර අරන් කනවා....අශේල් ගියාට පස්සෙ මම ඈත මුහුද දිහා බැලුවා...හැමදාම මගෙ හැමදේම මම බෙදාගත්තෙ මුහුද එක්ක....කීවෙ මුහුද එක්ක....අශේල් හම්බෙනකල්ම ඒක එහෙමයි....අශේල් හොඳ සවන්දෙන්නෙක් උනාට පස්සෙ මම වෙරලෙ ඉඳගෙන අශේල් එක්ක කියෙව්වා....මුහුදටත් ඇහෙන්න ඇති....මුහුද අහන් ඉන්න ඇති....

මං අද මගෙ ජීවිතේ වැදගත් තීරණයක් ගන්න යනවා....මට වරදින එකක් නෑ නේද....මම ගන්න තීරනේ හරි තීරණයක් වෙයි නේද....මුහුදෙන් එහා හිටියට කමක් නෑ තාත්තෙ ඔයාට මාව ඇහෙනවද....ඔයාගෙ පුතා ලොකු තීරණයක් ගන්න යන්නෙ....

ආශුWhere stories live. Discover now