12

1.8K 337 16
                                    

"ම්..අයි....යෙ..."

ඔලුව කැකුමක් දැනුනත් ඇස් ඇරපු ගමන් මට කියවුනේ අයියෙ කියල....මං දන්නවා කවුරු කොහොම උනත් අයියා මට ආදරෙයි කියල....ඒ හින්ද වෙන්නැති මම අයියටම කතා කරේ....

මට මතක මම අන්තිමට ශවර් එක යට හිටියා විතරයි....ඊට පස්සෙ මොනවා උනාද මට මතකයක් නෑ....හැබැයි දැන් මම ඉන්නෙ හොස්පිට්ල් එකේද කොහෙද....

"අශේල් සුදූව පොඩ්ඩක් බලන්න....මං ඩොක්ටට කතා කරල එන්නම්...."

අයියා යන්න ගියා....අශේල් ඇවිදින් ඉන්නෙ ඇයි....අශේල් මොකද්ද මේ කරන සෙල්ලම...මට තේරෙන්නෙ නෑ....එහෙන් මගෙ ඔලුව කැක්කුම වැඩිවෙනවා....

"ආශු....බයවෙන්න එපා ඉක්මනට සනීප වෙයි ම්ම්ම්....අපි ඉන්නවනෙ ඔයත් එක්ක...."

ඇයි අශේල් මට ආශු කියන්නෙ....

"අශේ...ල්....ඇයි ම...ට ආශු කිය..න්නෙ...."

මං කතා කරනවා අශේල්ට ඇහෙනවද මට සැකයි....මගෙ කටහඬ මටම ඇහුනෙත් කැඩි කැඩී....

"ඔයා මගෙ ආශු හින්දා....දැන් ඒවා හිතන්න එපා....අපි හෙමීට කතා කරමුකො ඔයාට සනීප උනාම....දැන් ඩොක්ට එයි...."

අශේල් ආය මට මොනවත්ම කියන්න දුන්නෙ නෑ වෙද්දි අයියා එක්ක ඩොක්ට ඇතුලට ආවා....ඩොක්ට මාව චෙක් කරා....ලොකු ප්‍රශ්නයක් නැති හින්දා මාව උදේම ගෙදර එක්ක යන්න කිව්වා....විටමින්ස් වගයක්ද කොහෙද ෆාමසි එකෙන් ගන්න දුන්නා....මට හොඳට කන්න කියලත් කීවා....ස්ට්‍රෙස් වෙන්න එපා කීවා....ප්‍රශ්නයක් තියේ නම් කා එක්කහරි කතා කරන්න කීවා....

මට තියෙන ලොකුම ප්‍රශ්නෙ කතා කරන්න කෙනෙක් නැති එක....මං කියන දේ අහන්න කෙනෙක් නැති එක කියල මට ඩොක්ටට කියන්න හිතුනා....ඒත් මම පාඩුවෙ හිටියා....

උදෙන්ම ගෙදර ගිහින් අයියා මට ඇඳුම් අරන් ඇවිත් තිබුණා....ඒකත් චේන්ජ් කරගත්ත මං අයියයි අශේල් දෙන්න එක්කම එලියට ආවා....

"මචන් සයුරු අවුලක් නැත්තන් ආශුව මම එක්ක යන්නද....බය වෙන්න එපා මම එයාව රෑ වෙන්න කලින් ගෙනැත් අරලින්නම්...."

මොකුත් නොකියපු අයියා මාව අශේල්ට බාර දීලා යන්න හදද්දි අශේල් ආයෙම අයියව නැවැත්තුවා....

ආශුWhere stories live. Discover now