05

1.8K 333 26
                                    

සති දෙකකට පෙර

නවීන පන්නයට ගොඩනගපු නිවසක සාලයක වැඩිහිටියො දෙන්නෙක් එක්ක තරුණයෙක් ලොකු සාකච්ඡාවක....එයාල පිටරට ඉදන් ලංකාවට ඇවිත් තවම ගත වෙලා තියෙන්නෙ දවස් තුනක් විතරයි....

නාලක විජේසිංහ රටේ නමගිය ව්‍යාපාරිකයෙක්....අවුරුදු විසි හතක් උන එයාගෙ එකම පුතා අශේල් විජේසිංහ....

"පුතා දැන් මොකද්ද ඔයාගෙ තීරණෙ..."

"මොකද්ද අහන්නෙ අම්මා මම කීවනෙ මට බෑ...මම කැමති නෑ...."

"අපි ගිහින් බලමු පුතා....ඒ ළමයගෙ වරදක් නෑ....අනික ෆැමිලි එක උනත් අපි හොඳට අඳුරනවා...මිස්ට ජයසූරියල කියන්නෙ හොඳ මිනිස්සු...."

"අම්මා....!!"

"අශේල් කටේ සද්දෙ අඩුකරනවා....කාටද ඔය කෑගහන්නෙ....තමුන්ට අවුරුදු විසි හතක් වෙනකලුත් අපි කල් දුන්නා....හිත ගිය කෙනෙක් ඉන්නවා නම් කියන්න කියල....එහෙම කෙනෙකුත් නෑ අපි ගේන යෝජනාවකට කැමති වෙන්නෙත් නෑ ....සෙල්ලන් කරන්න හදන්න එපා පුතා....මේ ගමන අපි අනිවාරෙන්ම යනවා....ඒ වගේම මේ කසාදෙ කෙරෙනවා....ඒක ස්තීරයි....තව සති දෙකයි තියෙන්නෙ....හිත හදාගෙන ලෑස්ති වෙනවා ඒ ළමයා බලන්න යන්න...."

"ඔයාත් මෙයාගෙ පදේට නටන එක නවත්තන්න නදීරා....නැත්තන් මේක කරන්න බෑ...."

තාත්තට රවන්න බැරි කමට අඩි පොලවෙ හප්පපු අශේල් කාර් එකේ කී එක අරගෙන ගෙදරින් එලියට බැහැල ගියෙ හිත නිවෙන ඕනිම තැනකට යන්න හිතාගෙන....

අශේල්ගෙ ඔලුව කම්මලක් වෙලා....තාත්තාට ඕනි විදිහට පුලුවන්ද ජීවිතේට කෙනෙක් ලං කරගන්න....කිසිම හැඟීමක් නැතුව....ජීවිතකාලෙම පසුතැවෙන විදිහෙ තීරණ ගන්න අශේල් ලෑස්ති නෑ....

දෙමාපියෝ සාම්ප්‍රදායික විදිහට හිතන අය නොවුන එකයි පිටරටක වැඩිකාලයක් ජීවත් උන හින්දයි අශේල්ට ගෙදරින් ඕනිවටත්  වඩා නිදහසක් ලැබිලා තිබුනා....තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්න කියල අම්මා එයාට ඉඩ දුන්නෙ අවුරුදු විස්ස පහු වුන ගමන්මයි....අශේල් ආශ්‍රය කරා ගොඩක් අය....හැබැයි ඒ හැමෝම යාලුවො....ගෑනු පිරිමි භේදයක් නැතුවම යාලුවො....අශේල්ගෙ හිත ගස්සන්න හිතට ලංවෙන්න ඒ කාටවත් බැරිවුනා...අශේල් තවමත් හොයනවා එයාගෙ කෙනා කොහෙද කියල....

ආශුOù les histoires vivent. Découvrez maintenant