"ම්ම්....ඒලෙවල් වලට මොනවද කරේ...."

"ආර්ට් කරේ...ඒලෙවල් කාලෙ තමා මම ආසම....චිත්‍ර එක්ක ඒ කාලෙ මම සතුටෙන් හිටියා ගොඩක්...."

මොන හේතුවක්ද මන්ද මාමා අපි තුන් දෙනාවම ඒලෙවල් වලදි විතරක් කැමති සබ්ජෙක්ට් කරන්න නිදහස් කරා....හැබැයි ඒ කියල වැඩක් උනේ නෑ....ඒලෙවල් ඉවර උන ගමන් අපිව එයා කැමති පැති වලට බලෙන්ම දැම්මා....

ගෙදර ඉදන් කැම්පස් එකට වැඩි දුරක් නැති හින්දම පොඩි වෙලාවකින් අපි හිටියෙ කැම්පස් එක ළඟ....

"තෑන්ක්ස් අශේල් මාව ගෙනැත් ඇරලුවාට....පරිස්සමෙන් යන්න...."

"ලෙක්චර්ස් ඉවර වෙලා එලියට වෙලා ඉන්න....මම එන්නම් ඔයාව ගන්න...."

අශේල් යන්න ගියා....කීවත් වගේම හවසට අනිවාරෙන් එයි...මට එපා කියන්න හිතුනෙත් නෑ....අශේල් ළඟ ඉන්න එක අපහසුවක් නෑ....මොකද්දෝ සැහැල්ලුවක් දැනෙනවා....ඒ හින්ද වෙන්නැති මම ගානක් නැතුව මගෙ කැමති දේවල් ගැන අශේල් එක්ක කීවෙ....අනික මට ඉක්මනට ගෙදර යන්න උවමනාවක් නෑ....යාලුවො කියලත් නැති එකේ හවස අශේල් ආවොත් එයා එක්ක කොහෙ හරි ගිහෑකි....

අශේල් හවස ඇවිත් හිටියා....සයුරි දැක්කා අශේල් ඇවිත් ඉන්නවා....අද ගෙදර ගිහාම මොනව කියයිද මන්දන්නෑ....මම ඔය ගොබ්බ කෙල්ලට බයත් නෑ....ඕනි මගුලක් කියපුදෙන්...මම කරන්නෙ මට ඕනි දේ...මම වැරැද්දක් කරන්නෙ නෑනෙ....

අශේල් එක්ක ඔහේ රවුමක් ගහපු මම අදත් අන්තිමට නැවතුනේ බීච් එකේ....අපි ඔහේ කියෙව්වා...කතා කරන්නවත් හිතට ෆිට් උන කෙනෙක් නැතුව හිටපු මට අශේල් එක්ක කියවන්න ගොඩක් දේවල් තිබ්බා....අශේල් හොඳ සවන්දෙන්නෙක්...මම මොනවද කියන්නෙ සේරම අහගෙන හිටියා....වෙලාවකට විහිලු කරා....

ආදරේ කරන එක කෙසේවෙතත් අශේල් දැනටම මගේ හොඳ යාලුවෙක් වෙලා....හිතට ලඟ කෙනෙක් වෙලා....

හවස් වෙනකොට අශේල් මාව ගේ ළඟින් දාගෙන ගියා...

"ඔය එන්නෙ රට වටේ රවුම් ගහලා....කාර් එක ආවා නැග්ගා ගියා....කවුද දන්නෙ මොන මගුලෙ ගියාද කියල....ඇත්තමයි අම්මා මහ ලැජ්ජාවක් නැති එකෙක්නෙ අපිත් ගේ අස්සෙ දාන් හදල තියෙන්නෙ....රටේ ලෝකෙ මිනිස්සු මොනවා කියයිද මෙයා මෙහෙම කොල්ලෙක් වෙලත් තවත් කොල්ලෙක් එක්ක රවුම් ගහද්දි....මොකට මම අර මිනිහට කැමැත්තෙන් හිටියද.....කොහෙද යන අසහනකාරයෙක්නෙ බලද්දි...."

ගෙට ගොඩ වෙද්දිම සයුරි ඇනුම් පද පෙට්ටිය දිගෑරියා....අශේල් එක හිනා වෙලා ඉදල ගෙට ගොඩ උන ගමන් මෙයා මගෙ ඔලුව කනවා....සයුරි හරියට කතා කරන්නෙ මම අශේල් එක්ක පාර මැද #$%# ආවා වගේනෙ....ඉවසනවා කියල ඔහොමත් කතා අහන්න ඕනිද ..මගෙත් රතු කට්ට පැන්නා....

"සයුරි මේ මම ඒ මනුස්සයා එක්ක කතා බහ කරල ආවා මිසක් බලු වැඩ කරන්න ගිහින් ආවෙ නෑ.....අනික කාට උනත් කතා කරන්න ඉගෙන ගන්නවා....අසහනකාරයා අසහනකාරයා ගාන්නෙ....මොනවා කරාටද....තමුසෙ කෙල්ලෙක් හින්දා මම මෙහෙම කතා කරන්නෙ ...නැත්තන් කියන්න ඕනි විදිහ මම දන්නවා....අශේල් තමුසෙට අකමැති උන එකට මට කරන්න දෙයක් නෑ....මම එහෙම කරන්න කියල කීවෙ නෑනෙ....ඒ හින්ද ඔය ඇනුම්පද කියන එක නවත්තනවා....හැමදාම කටපියන් ඉඳී කියල හිතන්න එපා...."

"හහ් අර මිනිහගෙ පවර් එක වෙන්නැති පෙන්නන්නෙ මෙයා මේ....නිවේන් මේ මතක තියාගන්නවා තමුසෙ වැටිලා ඉන්නෙත් අපේ ගෙදර කියල...."

"මං ඒක දන්නවා සයුරි කියන්න ඕනි නෑ...."

"නවත්තගන්නවා දෙන්නම....සුදු පුතා යනවා කාමරේට....දෝණි තමුනුත් යනවා කාමරේට....ආයෙ මේ විදිහෙ සද්ද බද්ද මේ ගෙදර ඇහෙන්න බෑ තේරුනානෙ දෙන්නටම...."

මාමා ඇවිත් අපි දෙන්නගෙම කටවල් වහල දැම්මා....සයුරි ගස්සගෙන පුප්පගෙන කාමරේට යද්දි මමත් කාමරේට එන්න ආවා...මොන මගුලෙ යන මරාලයක්ද මේ මට කඩා පාත් උනේ....අශේල් එක්කත් මට කේන්ති එනවා....ඒකා තමා මේ සේරටම මුල....මහ ලොකු සතුටක් නැතත් දෙයියනේ කියල මම මේ ගේ අස්සෙ හිතේ සැනසීමෙන් හිටියා....දැන් ඒකත් නෑ.....






𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹



ආයෙ නම් හෙට තමයි හොඳේ....ගුඩ්නයිට් හැමෝටම....

ආශුWhere stories live. Discover now