ගෙවලයා නැගිටලා එලියට යද්දි සයුරිත් ඌ පස්සෙන් එලියට ගියා....මටත් යන්ඩ ඕනි අඩේ....මෙතන මෙහෙම ඉඳල බෑ....අරූ මගෙ කෙල්ලට අතවරයක්වත් කරොත් එහෙම කාට කියන්නද....මාමා විජේසිංහ අංකල් එක්ක බරටම බිස්නස් කයියක් පටන් ගත්තා....නැන්දා විජේසිංහ ආන්ටි එක්ක කෝප්පයක් හෝදනවා....කාටවත් වගේ වගක් නෑ දූ පොඩ්ඩ ගැන....

"අයියෙ මේ වරෙන් එලියට යන්න...."

"ඒ මොකටද....උන් දෙන්නට කතා කරන්න දීල උඹ මෙන්න මෙහෙ වරෙන්...."

"අනේ ඇත්තමයි උඹ ඒකිගෙ අයියද කියපන් සේරටම කලින්....නිකමට හිතපන් ඒකා කවුරුත් නැති වෙලේ අපේ එකීගෙ කොහෙන්හරි ඇල්ලුවා කියල....එහෙම වෙන්න දෙන්න බෑනෙ....මහ වලත්ත මූණක් තිබ්බෙත්....යමන් යමන් ගිහින් හොරෙන් බලා ඉමු...."

"කොහෙද යකෝ ඌ වලත්ත....ඒ කොල්ලා හෙන වැදගත් පාටයි උඹ මේ නහින්න හැදුවට...."

පේනවනෙ මූටත් පොත්ත සුදු හයේ හතරෙ ඔනෑ එකෙක් ඔට්ටුයි....දැම්මම නංගි දීලා ඉවරයි....අයියවත් ඇදගෙන මම එලියට පැනලා කනුවකට මුවා උනා....මෙතනට හොඳට පේනව ජෝඩුව....මොනවද දන්නෑ ඔච්චර කතා කරන්නෙ....දෙයියනේ දෙයියනේ අරූ අපේ එකීට අයුතු යෝජනා කරනවද දන්නෙත් නෑ....

"ලොකූ....සුදූ දෙන්නම මෙහෙ එන්නකෝ...."

"ඔය කෙරුවෙ හිවලා....මං තොට කීවා හොරගල් අහුලන්න බෑ කියල....බලපන් නම්බුව ඉවරයිනෙ ශිට්...."

එකපාරටම සයුරි අපි දෙන්නටම අඬගහද්දි මම උඩ ගියා....ඒ මදිවට අයියා කාරයා දමාගෙන කන ගාව ඉදන් බනින්නත් තියාගත්තා....හරි හරි ඉතිං හිතල නෝන්ඩි උනායැ....නෝන්ඩිය වගේද මගෙ නෑනා ඩිංගට අපයෝජනයක් උනා නම්.....අයියා මාවත් ඇදගෙන සයුරිලා ඉන්න පැත්තට ගියා....

යකෝ අයියෙ හෙමින් පලකො....මගෙ කකුල් දෙක පොලවෙ ඇදෙනව මූ යන යෑමට....මනමාල ගෙවලයා ඉන්නවා සක්කු දෙකට අත් දෙක දාගෙන කටකොනෙන් හිනාවේගෙන....දෙන්න හිතයි මූණ පොඩිවෙන්න....සයුරි දාගෙන ඇඹරෙනවා....මේකිට ඇඹරියාව හැදිලද මෙච්චර ඇඹරෙන්නෙ....මල සමයන් බෝල සබන් කීවලු....

"හෙලෝ අශේල්....මම සයුරු....සයුරිගෙ ලොකු අයියා...."

අයියා ගිහින් ගෙවලයාට අතට අත දීලා කතා කරල මාවත් ඉස්සරහට තල්ලු කරා....දැන් මාත් අත දෙන්න ඕනිද මේකාට....

"හෙලෝ...මම නිවේන්....සයුරිගෙ මස්සිනා...."

මම මස්සිනා කෑල්ල බරකරල කියල අත දුන්නා....කවුරු උනත් තේරුම් ගන්න ඕනි නෑනා අයිති මස්සිනාට කියල.....කට කොනෙන් හිනා උන මනමාල ගෙවලයා මගෙ අත මිරිකලාම ඇල්ලුවා...මම ඉක්මනට අත ඇදල ගත්තා....යකෝ රතු වෙලා පාරත් හිටලා....මේකා මාර ඩයල් එකක්නෙ....සයුරිට කලින් මස්සිනාලා දෙන්නව අල්ල ගන්න වෙන්නැති ලෑස්ති.....හිතේ ඇති අපි කෙල්ලව දෝත පුදල දෙයි කියල....ඒව කොහෙද....

ගෙවලයෝ උඹ අත නෙවේ කොහෙ මිරිකුවත් මගෙ නෑනව උඹට දෙන්නෙ නෑ.....

නෑමයි...






𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹


✎ අන්නේකයි දෙන්නෑ දෙන්නෙම නෑ....

ආශුWhere stories live. Discover now