"නා නා ලගට එන්න එපා මගෙ අත ලිස්සුවොත් පිහියෙන් බෙල්ල කැපිලම යයි "
මේක දිහා බලන් ඉන්න සනුදි හොදටම බය වෙලා අත පය ගැහෙනවා කෙල්ලට ගොඩක් කේන්තියි නදීට රිද්දද්දි
" හරි හරි ලගට එන්නෙ නැහැ මුකුත් කරන්න එපා "
"ම්.. මන් ආවෙ මගෙ වෙන්න ඉන්න නෑදෑයො ටික බලන්න "
"උබේ නෑදෑයෝ මෙතන නැහැ පලයන් යන්න "
"සංසුන් වෙන්න නෑනෝ සංසුන් මෙතන සෙනග ගොඩක් නැහැ කෑ ගහන්න එපා නගේ "
" ශික් මටම ලැජ්ජයි උබව මගෙ අයියා කෙනෙක් විදිහට සලකපු එක ගැන "
"අනේ පව්...."
සනුදි නදී දිහා බලන් ඉදලා බැරිම තැන කුස්සියෙ තිබ්බ පොල්ලක් අරන් ආවා හෙමින් සැරේ බිම දිගේ ජගත් ලගට ගියා මොකද එයායි ජයනියි කතාවක නිසා එයාට සනුදි ගැන සිහියක් තිබ්බෙ නැ
"හෝව් හෝව් ඔහොම ඉන්න කො පොඩි එකී අපේ "
"උබට මොකටද ඒක "
" ඇයි මේ මාමව බලන්න එන්නැත්ද"
එහෙම කියද්දිම සනුදි ජගත්ගෙ පිටට තට්ටු කරලා පොල්ලෙන් ගහගෙන ගියා ජගත්ගෙ අතින් නදීගෙ කොණ්ඩෙ අත් හැරුනහම තව වේගෙන් ගහන් ගියා
"තමුසෙ මගෙ නදී අක්කට රිද්දන්න කොහෙන්ද හයියක් ආ මන් ඉන්නකන් එයාට කාටවත් අතක්වත් තියන්න දෙන්නැ උබ කොහොමද යකො මගේ නදීව ඇඩෙව්වෙ ආ "
සනුදිට ජගත් මොන වයසෙද කියලා ඒ වෙලාවෙ අදාල වුනේම නැහැ නදීව දකිද්දි
"අම්මො !! මෙන්න ගහනො ආව් යකො එහාට පලයන් කො දීපන් ඕක "
ජගත් සනුදිව අත් දෙකෙන් අල්ලගෙන පොල්ල විසික් කරලා සනුදිගෙ කම්මුලට ගහන්න යනකොටම කවුදෝ කෙනෙක් ඇවිත් ජගත්ට සිහිය නැති වෙන්න පාරක් දුන්නා සනුදි හැරිලා බලද්දි පොලිස්කාරයෙක් නදී ඉක්මනට සනුදි ලගට ගිහින් එයාව බදාගත්තා ජයනි මේ දෙන්නව දැකලා ටිකක් හිනා වුනා
"ඔයා කවුද සර් "
"මන් සජිත ආන්ටි මාව දසුන් එව්වෙ මේ ගෙදර ආරක්ශාවට"
"අනේ සර් වෙලාවට ආවෙ "
"මට පුතා කියන්න ආන්ටි මේක මගෙ රාජකාරියක් මේ මිනිහ කවුද එයාව හිරේ දාන්නද බලහත්කාරකම් කරන්න ආවා කියලා මොකද කියන්නෙ "
YOU ARE READING
My Teacher || GL ||
Fanfictionඅවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච්චරයි කියන්නෙ වැඩිය කියන්න බෑනේ එතකොට රසය එන්නෙ නැහැ ඉතුරු ඒවා දැනගන්න පොත ඇතුලට කිදා බැහැලම බලන්නකො ඔයාලා ආස වෙයි 🌝
විසිහත්වන දිගහැරුම ~
Start from the beginning