දෙවෙනි පරම්පරාව විසිරිලා යනවා බලාගෙන ඉදපු , අරවින්ද් , සනෝශ් තනෝශ් තුන් කට්ටුවම ලී තරප්පුව දිගේ පහළට බැස්සේ පුළුවන් තරම් වේගෙකින්..... ක්‍රිෂ්ගේ මූණෙ කවදාවත් නැතුව සන්සුන් පෙනුමක්..... එයා ගානක් නැතුව ඩ්‍රෑන්ව උස්සන්ම කොල්ලො තුන් දෙනා එක්ක හිනා උනේ නළලට වැටිලා තිබ්බ කොට කොණ්ඩේ ආපස්සට ගසන අතරෙ... එයා කියන්න යන්නෙ හොද දෙයක් නෙවේ කියන්න අරවින්ද්ට ඉවෙන් වගේ දැනෙනවා..... එයා අත මිට මොළවගෙන අඩි ගාණක පරතරයක් තියන් නැවතුනේ ක්‍රිෂ් අක්කා දිහා බලාපොරොත්තු සුන් බැල්මකින් බලන අතරෙ.....නිශා අක්කා වීල් චෙයා එක තල්ලු කරන් ඇවිත් , අරවින්ද්ගේ අත යන්තමින් හොයන් අල්ලගත්තත් එයා දරදඩු වෙලා බලන් ඉදියේ කිසිම වචනයක් නැතුව.....

" හා හා මේ....  භාතිය මාමගේ මෙමෝරියල් එක... ඒකට ඉදලා යන තැනක යන්නෙ....."  ක්‍රිෂ් කිව්වෙ අරවින්ද්ගේ වරදකාරී බවින් පිරුණ මූණ දිහා බලාගෙන....

" ඔයාව.... "

" ඩ්‍රෑන් ඩ්‍රොමිඩා යොරෙල් කෙනෙක්... කෝමද දන්නෙ නැතත් එයා ඇත්තටම හාෆ් බ්ලඩ් අරවින්ද් !! හාෆ් බ්ලඩ් කෙනෙක් එක්ක පැටලෙන එකට විරුද්ධ වෙන්න බෑ එයාලට ?? අහ්හ් අනික ලෙස්බියන් කෙල්ල කොල්ලෙක් හොයාගත්තම අවුරුදු දහයකින් තරුණ උනා වගේ ලුක් එකක් සේරමලාගේ මූණුවල තිබ්බේ... අහ්හ් පවුලේ නම්බුව ඔයින් ගියා මදැයි වගෙ....... " ක්‍රිෂ් හෙණ ගහන්න වගේ කියාගෙන ගියේ කිසි ගාණක් නැතුව හිනා වෙවී....

" අපි කොමන් රූම් එකට යමු ? එයාට සිහිය තියෙනවා නේද ක්‍රිෂාර්යා ? "  නිශා අක්කා ඇහුවේ එහෙමම හිටගෙන බලන් ඉදපු අරවින්ද්ගේ අතින් අදින ගමන්.. සනෝශ් තනෝශ් ඩබලම සයිලන්‍ට්.....

" තියෙනව , නින්ද යන්න මම බෙහෙත් දුන්නේ. ඉතින්... ළමයා නිදි..  කොහෙන් හරි තිබ්බ නන් නිදාගනිවි සැපට.... අම්මෝ !! මගෙ අතුත් රිදෙනව දැන් නම්... " ක්‍රිෂ් කිව්වේ සේරමලට කලින් තුන් වෙනි පරම්පරාවේ කොමන් රූම් එකට බහින පඩිපෙළ පැත්තට ඉස්සර වෙන ගමන්....

                               ****

ආශක්‍යසිංහ , තුන් වෙනි පරම්පරාවේ පොදු කාමරේ පුරාවට ලොකු නිශ්ශබ්දතාවයක්.... සනෝශ් , තනෝශ්, නිශා අක්කා , ක්‍රිෂ් සේරමල දිහා බලපු අරවින්ද් පොත් රාක්කෙට හේත්තු වුනේ ඇගට දැනුන බර ගතියකින්.... ප්‍රශ්නයක් ආවම ඒකට විසදුමක් හොයාගන්නකම් කෝමටත් අරවින්ද් කියන්නේ කතා කරන්න දන්නේ නැති ගොළු මනුස්සයෙක්.....

- Plot 23 -Where stories live. Discover now