විසිවන දිගහැරුම ~

Start from the beginning
                                    

"වො කවිදුට 22ක්ද ගොඩක් ලොකු ඇතිනෙ එයා "

"ඔ..ඔව් දුවේ දැන් ඒක වැඩක් නැහැ කොහොමද ඇගට දැනෙන්නෙ "

" ඔහොම ඉන්න මන් කවිදුට වඩා අවුරුදු 2යි වැඩිමල් කවිදුට 22ක් නම් මට වො 24ක් නේද මගෙ ජිවිතේ හරිම අපලයි "

"අනේ ඇයි දුවේ එහෙම කියන්නෙ "

"නැත්තන් නැන්දෙ ජීවිතේ හොදම අවුරුදු වල මම කෝමා එකක ඉදීද නැන්දා කිව්වෙ මන් අවුරුදු 6කට ඉස්සෙල්ලා කෝමා එකේ හිටියා කියලා නේද "

"😒 ඒ ආච්චියේ දැන්ම ඔක්කොම ප්‍රශ්න අහනවද ගෙදර යන්නෙ නැත්ද "

"මට ගෙදරක් නෑනේ නැන්දෙ "

දුක හිතෙන හිනාවක් දාලා සනුදි දිහා බලන් කිව්ව පස්සෙ

" ඔයාට අපේ ගෙදර තියෙනවා දුවේ අපේ ගෙදරට එන්න මමයි මාමයි ඉන්නවා ඔයාව බලාගන්න "

" නැන්දට දුවෙක් හිටියානේද සනුදි කියලා එයා කෝ දැන් "

"අ එයා ඉන්නවා "

"එයත් ලොකු ඇතිනේද ඉස්සර චූටීනේ ගොඩක්"

"ඔව් දැන් එයා ලොකු කෙල්ලෙක් එයාව බලන්න ආසද "

"ඔව් ආසයි කොහෙද ඉන්නෙ "

"මෙතනමයි "

"මෙතන කිව්වෙ මෙයාද සනුදි නංගි "

සනුදි දිහා හිනාවක් එක්ක බැලුවා සනුදි නදී දිහා ආදරෙන් බැලුවා ඒ දෙන්නගෙ එකට හිටිය මතක නැති වුනාට අලුත් ඒවා හදාගන්න පුලුවන් කියලා සනුදිට තේරුන නිසා

" ඔව් අක්කේ මමයි සනුදි අක්කගෙ චූටි නංගි"

"අනෙ ගොඩක් ලස්සන වෙලානේ අදුර ගන්නත් බැහැ පෙනුමෙන් නම් 18ක් වගෙ "

"ඇත්තටම මට 18 ලබනවා නොවැම්බර්"

"ඒකනෙ මගෙ ඇස් වරදින්නෙ නැහැ  "

ඔව් නදී අක්කෙ ඔයාගෙ ඇස් කවදාවත් වරදින්නෙ නැහැ ඔය ඇස් වලටනෙ මන් වශී වුනෙත්

" අපි යමුද දුවේ "

" යමු නැන්දේ "

" මහත්තයා ඩොක්ටර් ට කතා කරන්නකො "

ඩොක්ටර් ඇවිත් නදීව ගෙදර එක්කගෙන යන්න අවසර දුන්නා ගොඩක් එයාව මහන්සි කරන්න එපා ආයෙ කිසිදෙයක් කල්පනා නොකර එකපාර කියන්න එපා කියලා අවවාද දුන්නා

My Teacher || GL ||Where stories live. Discover now