" මොකද ඒ පාර... ? "

" වලෝර දෙවොලට ආශාක්‍යසිංහලට ඇතුළු වෙන්න තහනම් නේද ගවීෂ්?  "

" අනේ හු** !! රෙද්දක් කියවන්නැතුව වරෙන්... කොහේ තියෙන නිතියක්ද ? වරෙන් මෙතනින් පස්සේ ඒම නිතියක් නෑ... ! "

අරවින්ද් ඒත් දොරටුව ගාව නිසොල්මන්.....

" ගවීෂ් ...  මම මේ සිරියස් අහන්නෙ.... උබ හිතනව ද අපි කරන දේ හරි කියල ?? "

" මොන දේද ?? "

" නැ... එක වතාවක්ද මුහු උනේ මෙතනින් පස්සේ ආශක්‍යසිංහලාත් නෑ වේඝර්ණලාත් නැහැ... මේක විලේජ් ඇතුළට සීමා වුන දෙයක් නෙවේ ගවීෂ්...එළියේ ලෝකෙන් අපි වෙන් වෙන්න ඕනෙමයි...  මේ මිනිස්සුන්ට පාලනයක් තියෙන්නම ඕනේ...අපි සාමාන්‍ය මිනිස්සු නෙවේ ගවීෂ් වේඝර්ණාරච්චි !!.... එහෙම බැලුවම කරන්න යන දේ අපි හරිද ?? " අරවින්ද් ඇහුවේ තාමත් අඩමානෙට.... අරවින්ද්ගේ මේ තියෙන අඩමානේ ගවීෂ්ට නැතුවම නෙවේ.. අරවින්ද් නොකිය කියන මේකෙ බරපතළකම ඇහුවම ගවීෂ්ගෙත් උරහිස් සීතල නොවෙනව නෙවේ....ඒත් ,

" උබ හිතන්නෙ මම මේ මෙච්චර ඇම්මෙන් මේකට හොම්බ දාන්නෙ මගේ ප්‍රයිවෙට් හේතු නිසා කියලද ?? මට මේ  මියුන්ව ළග තියාගන්න ඕන නිසා මුළු සම්ප්‍රදායක්ම ගිනි තියලා දාන්න ? තමුසේ තාමත් මං ගැන හිතන්නෙ ඒමද ? ඊයා අරවින්ද්...."

" මං එහෙම කිව්වෙ නෑනෙ !! මියුන්ම නොවුනත් උබට උබේ හේතුවක් තියෙන්න ඕනෙ ??  " අරවින්ද් ඒ පාර ඇහුවේ දොරටුව ඇතුළට අඩිය තියන ගමන්....

" මීට මාස ගාණකට කලින් කෙනෙක් මට කිව්ව අන්තිම වචන නිසා.... "

" යුවනිදු වේඝර්ණාරච්චි ?? ..... "

" හ්ම්..."

" එතන මොකක්ද උනේ ? "

" වෙන මොකක්ද !! අය්යව මැරුවා..... අය්යගේ ළමයත් එක්කම එයාගේ වය්ෆ්වත් මැරුවා.... " ගවීෂ් කිව්වෙ අත මිට මොළවගෙන.... අරවින්ද් සන්සුන්.....  එයා ලොකු හුස්මක් ගත්ත බවත් ගවීෂ්ට ඇහුන්නැතුවම නෙවේ....

" හ්ම්... ඊළගට මරන්න ලැබෙන්නෙ උබට... " අරවින්ද් කිව්වේ දේවාලේ නටබුන් අතරින් ඉස්සරහට ගවීෂ් එක්කම අඩිය තියන අතරේ....

- Plot 23 -Where stories live. Discover now