"මියු-න්....... "  ගවීෂ්ගේ තොල් උඩ ඇදෙන පරක්කුවට පුටුව පස්සට කරල නැගිටපු මියුන් !! මෙච්චර වෙලා වචනයක් කතා නොකර ඉදපු මියුන් , මේසේටත් උඩින් පැනගෙන දොර ගාවට දුවගෙන ගියේ අනිත් අයවත්  පියවි සිහියට අරගෙන..... වින්ඩ් චෑම්ප් එක මහ හය්යෙන් වැදිල සද්දේ දෙන දොර කිසිම අනුකම්පාවක් නැතුව අතඅරින පරක්කුවට ගවීෂ් අත දික් කළේ මියුන්ව බදාගන්න ?? !!!!!! පිස්සු !!!මියුන්ගේ බැලන්ස් එක නැති වෙන්නම ගවීෂ් අත මිට මොළවලා පළවෙනි පාර මූණටම ගැහුවේ , වැදිච්ච පාරේ සැරටම මියුන් ඇස් දෙක තද කරලා පියාගනිද්දි.... 

  '' ගවීෂ් ! '' මෙතුල තදින් කිව්වේ මියුන් යන්තං එතන තිබ්බ මේසේට බර දීලා කෙලින් වෙනවා බලාගෙන....

'' මොකට ද ගැහුවේ කියලා තමුසේ දන්නවනේ !!! පැත්ත පළාතක එන්න එපා කිව්වම!!! ..... '' ආයේම එයාගේ ෂර්ට් එකේ කරෙන් අල්ලලා ගත්ත ගවීෂ්ව ඒ පාර නම් මියුන් කේන්තියෙන් එහාට තල්ලු කළේ මෙච්චර වෙලා සාමකාමිව බලාගෙන ඉදපු අරවින්ද් පවා නැගිටිද්දි....

'' උබට ඕන එහෙම නම් .... ආහ් මේක මගේ ගානේ !!!! '' මියුන් ගවීෂ්ගේ මූණටම ආපස්සට පාරක් ගැහුවේ රණ්ඩුව මැද්ද පනින්න හදපු මෙතුලව අවිනාශ් අතින් අල්ලගනිද්දි.... 

'' ඔහොම විසදගන්න දෙන්න මේපල්.. කෝමත් වැඩි වෙලා තියෙන්නෑ..  '' අවිනාශ් කිව්වේ මියුන්ගෙන් වැදිච්ච පාර බලාපොරොත්තු නොවුන ගානට ඇස් ලොකු කරන් ඉන්න ගවීෂ් දිහා බලන අතරේ..... 

මියුන්ගෙන් පාරක් කාපු පළවෙනි පාර නොවුනත් එයාගේ සැර නං මදි නොකියන්න ඒ පාරේ තිබුණ විත්තිය සැරින් සැරේට පුපුරු ගහන කම්මුලෙන් ගවීෂ්ට හොදටම තේරෙනවා.. මියුන් ඒ පාර ගැහුවේ කොච්චර සැරෙන්ද කියලා තේරුම් ගන්න පරක්කුවට ගවීෂ්ගේ ගිනි ගන්න කේන්තියෙන් තිබ්බ මූණ වැහි කෝඩයෙන් වැහිලා වගේ අදුරු වෙන්න ගියේ තත්පර ගානයි....  ඌ!! සිරාවටම !! මට !! ගැහුවා !!! 

'' ඇයි දැන් ආවේ ? ඇයි ආවේ තිමෞර්ය !!! ? '' මියුන් කවදාවත් නැති විදියට කෑගනවා ගවීෂ් බලාගෙන... මේම ගියොත් මියුන්ව කන්ට්‍රෝල් කරගන්න පුලුවන්ද කියල විශ්වාසයක් නැති ගානට අරවින්ද් පවා අඩියක් ඉස්සරට තිබ්බේ කොයි වෙලේ හරි මැද්දට පනින්න සූදානමින්...

- Plot 23 -Where stories live. Discover now