'' කෝ මියුන් ? කෝමද මෙතන හොයාගත්තේ ? ''

'' මියුන් මෙතන ඉදලා ගියේ..... අනික අපි හොයාගත්ත රෙද්දක් නෑ - ඒ අංකල් තමා අපිව එක්කන් ආවේ... '' අරවින්ද් උත්තර දුන්නේ ගුහාවේ අැතුළ් පැත්තට අඩිය තියන ගමන්... මනුස්ස වාසයක සලකුණු පේන්න තිබ්බ ලොකු ගුහාව දිහා බලපු ගවීෂ් සැනසුම් සුසුමක් හෙලුවේ අඩ අදුරේ ඇස් දෙකට අහුවුන පළවෙනි ඡායාව නිසා.... මියුන් එක්ක ඉදපු තරමක මැදි විය ඉක්මවපු මනුස්සයා අරවින්ද් වගේම ගවීෂ් දිහාවටත් විනිවිද යන බැල්මක් හෙලුවේ දෙන්නම මූණට මූණ බලාගනිද්දි.... බ්‍රින්ධව් කන්ද බලාගෙන ගියාම විලේජ් එකට හපන් විදියට ජනාවාස වෙලානේ.....

''  අහ් ඇහැරුනාද ? දැන් හරිද කොන් ද ? '' මියුන් එතන ඉදන්ම අරවින්ද්ගෙන් ඇහුවේ ගවීෂ් අරවින්ද්ට රවලා නහයෙනුත් පිඹලා අහකට වෙද්දි... මුගේ ඇති කොන්දේ අමාරුවක් නෑ ප්‍රෝඩාව.... අනුකම්පා කරන්න වටින්නෑ හහ්....

''  අංකල් කවුද ? මෙහේ මොකක්ද කරන්නේ ? '' ගවීෂ් ගහගන්න වගේ ඇහුවේ ඒ මනුස්සයාගේ කළු සාමාන්‍ය ඇස් දිහා බලලා නළල රැලි කරන ගමන්... 

'' මිනිහා වේඝර්ණ නෙවේ... '' ගවීෂ් මිමිණුවේ එයාගේ එහා පැත්තේ ඉදපු අරවින්ද්ට....

'' කෝමත් ආශක්‍යසිංහලා ඔච්චර අපිරිසිදු නෑ..... '' අරවින්ද් නහය අකුලන ගමන් කිව්වේ ගවීෂ් මුකුත් නොකිය දත් තද කරගෙන ඒ පැත්තට අඩිය තියද්දි...

'' බර්ඩ්‍රේන් උරුමය ? '' ඒ ආගන්තුක ඇස් හරිම සන්සුන්.... නුපුරුදු බවක් වෙනුවට අමුතුම විදියේ ආධිපත්‍යක් ඒ ඇස්වල හැංගිලා තිබුන බව ගවීෂ් පවා එක විනාඩියකදි කියවගත්තා....එක පිළිවෙලකට තිබුන , ඍෂිවරු අදින විදියේම උනත් තනි සුදු  පාට ඇදුම් දිහා ගවීෂ් බැලුවේ මෙච්චර ගුහාවක් අස්සේ ඉදලාත් ඒවාල එක කුණු බින්දක් ගෑවිලාවත් නැති විදිය.... අරූ කිව්ව තරම් අපිරිසිදු නම් නෑ !!..  කෙට්ටු නමුත් , උස දේහදාරී ඇගක් තිබුන අංකල් කියලා කියනවට වඩා ඍෂිතුමෙක් කියන්න පුළුවන් පෙනුමක් තිබ්බ නිසාම ගවීෂ් සන්සුන්ව මියුන්ගේ එහා පැත්තෙන් හිටගත්තේ අත් දෙකත් බැද ගන්න ගමන්....

*අවුලක් නැ *  අහන්නත් කලින්ම ඔළුව උස්සලා බලපු මියුන්ට ගවීෂ් උත්තර දුන්නේ ඇස් දෙකෙන් යන්තම් හිනා වෙන ගමන්... මියුන්ට අවුලකුත් නැති විත්තිය මිනිහාට පේනවා...  එතන වාඩි වෙන්න ඉඩ නොතිබුනාම නොවුනත් කොන්දේ අමාරුකාරයාට මුල් තැන දීලා ගවීෂ් හිටගෙන පැත්තකට වුනේ අරවින්ද් දිහාවට ඍෂිතුමාගේ ඇස් කෙලින් එල්ල වෙද්දි...

- Plot 23 -Where stories live. Discover now