'' තමුසේට සිහිය නැති වුනායින් පස්සේ අපි--... ''

'' මං ඇහුවේ මියුන් කොහෙ ද !!! '' ගවීෂ් ඇහුවේ අඩුනොවුන කලබලෙන්....

'' පොඩ්ඩක් නහයෙන් අඩන්නැතුව ඉන්නව ද තමුසේ !!! මං මේ කල්පනා කරන්නේ කවුද මේ බ්‍රින්ධව් කන්දේ මිනිස්සු කියලා !! ''

'' මියුන්ට මොකද උනේ ? තමුසේට සිහිය තිබ්බ ද !!!.. '' ගවීෂ් නවත්තන්නේ නැතුව කිව්වේ අරවින්ද්ගේ කොන්ද ඇවිලෙන්නැති විදියට මිනිහාට බිත්තියට හේත්තු වෙන්න උදව් කරන ගමන්...

'' පොඩ්ඩක් කියන එක අහනව ද මිස්ට රෝමියො !!!  '' අරවින්ද්  ඒ පාර තදින් ඇහුවේ ගවීෂ් තොල් දෙක තද කරගනිද්දි...

'' හරි කියපන්කො.. ''

'' උන් කලින් මගේ පස්සෙනුත් පැන්නුවා.. ''

'' කොයි වෙලේ ද ?  යකෝ තමුසේ අතනට ඇවිත් අච්චර ඩ්‍රාමා එකක් කරන වෙලේ ඕක කියන්න මතක් උනේ නැද්ද ???? සේරටම කලින් මට කියපන් තමුසේ මොකක්ද ඇත්තටම බ්‍රින්ධව් කන්දේ කරන්නේ කියලා !!! '' ගවීෂ් කේන්තියෙන් ඇහුවේ අරවින්ද් දිහා අවිශ්වාස සහගත බැල්මක් හෙලන ගමන්..... අමාරුයි... අරවින්ද්ව කෙසේ වෙතත් තාමත් අමාරුයි එයා ඇතුළේ ඉන්න *ආශක්‍යසිංහ උරුමය* විශ්වාස කරන්න... අරවින්ද් උත්තරයක් නැති ගානට ගවීෂ් දිහා බලාගෙන ඉදලා ආයේ අහක බලාගත්තේ ගවීෂ්ගේ ඉවසීම නැති කරන ගමන්....

'' අරවින්ද් !!! මං ඇහුවේ.... තමුසේ මොකක්ද ඇත්තටම බ්‍රින්ධව් කන්දේ කරන්නේ කියලා ? මං තමුසේගේ මූණට කෙලින්ම නෙලන්නේ නැතුව ඇයි මේක ආයේම අහන්නේ කියලා තමුසේට තේරෙන්න ඕන !! ''

'' මට තමුසේගේ චාන්ස් එකෙන් වැඩක් නෑ... මං ආවේ මගේ වැඩකට... ''

'' තමුසේගේ වැඩක්ද ? නැත්තන් විමල් ආශක්‍යසිංහගේ වැඩක් ද ? !!! ආහ් ? මට උත්තර දීපන්... ''

'' මගුල !! ඒනං මොන රෙද්දකට ද උන් මගේ පස්සෙන් පන්නන්නේ ? තමුසෙගේ මෝඩ කම දෝරේ ගැලුවට ඒක  ප්‍රදර්ශනය නොකළට කමක් නෑ ගවීෂ් !! '' අරවින්ද් කිව්වේ ගල් බිත්තියට වාරු දීලා යන්තම් නැගිටින ගමන්... ම්හ්.. පොඩි ඇත්තක් තියනෙවා.. උන් ආශක්‍යසිංහලා නං අහවල් රෙද්දකට ද මූ පස්සේ පන්නන්නේ... අර කියන්නත් වගේ උන් ආශක්‍යසිංහල වෙනවට වඩා වේඝර්ණලා වෙන්න තියෙන සම්භාවිතාවේ වැඩියිදත් මන්දා.....

- Plot 23 -Where stories live. Discover now