පහලොස් වන දිගහැරුම ~

Start from the beginning
                                    

"සනුදි නැගිටින්න "

"ම්ම් තව ටිකක් නිදියන්න ඕනේ...."

"වෙලා නෑ ලමයො 1ට class දැනටත් 8 යි වෙලාව"

"මොකක් ! "

සනුදි එකපාර නදීගෙ අතත් අල්ලන් නැගිට්ටා සනුදි එකපාර නැගිට්ට නිසා නදීගේ නලලෙ එයාගෙ නලල වැදුනා

"ආව්..."

සනුදි ඉක්මනට නලල අත ගෑවා නදී කලබල වුනා

"ඒ ගොඩක් රිදුනද කො පෙන්නන්න "

" නැ අක්කෙ රිදුනෙ නැහැ අද සෙනසුරාදා ද "

නදී සනුදිගෙ නලල අත් ගෑවා එයාගෙ නළල රිදුනට සනුදිව බලන්න එපැයි

"ඒකනේ අද සෙනසුරාදා තව පොඩි වෙලාවක් කාලා බීලා ලෑස්ති වෙන්න තියෙන්නෙ ගිහින් වොශ් දා ගන්න කවිදු ඔයාගෙ පොත් මෙහෙට ගේන්නම් කිව්වා ඔයාට මෙහෙ ඉදන් යන්න "

සනුදිගෙ නලලෙ තියෙන කොන්ඩෙ එහෙට මෙහෙට කර කර කිව්වා

"ආ ඒක හොදයි නැත්තන් ආයෙ ගෙදර ගිහින් එද්දි වෙලා යයි "

" ඒකනේ දැන් යන්න ඔයා මේකේ වොශ් දාන්න මන් අනිත් එකට යන්නම් සාලු ඇති වොශ් රූම් එකේ "

" හරි අක්කේ "

සනුදි නදීට ලොකු හිනාවක් පෙන්නලා වොශ් රූම් එකට ගියා නදී සනුදි යන දිහා හිනා වෙවී බලන් ඉදලා ආයෙ ඇද දිහා බැලුව දැක්කෙ ගෝරිල්ලා වගේ ගොරව ගොරව ඉන්න එයාගෙ නගාව නදී කොට්ටයක් අරන් ශයිනිට ගැහුවා

"ඒයි ගෝරිල්ලො නැගිටිනවා 8 පහු වෙලා"

"තව ටිකක් නිදියන්න ඕනා "

නදී ගහපු කොට්ටෙම බදන් ආයෙ නිදා ගත්තා නදී ආයේ ශයිනි ලගට ඇවිත් කොට්ටෙ අරන් තඩිබෑවා

"ආව් ආව් රිදෙනවා "

"නැගිටිනවා ලෑස්ති වෙන්න "

"හැ කොහෙ යන්නද තාම උදේනේ අනික මන් කොහෙට යන්නද අද "

"මමයි සනුයි class යනවා ගෙදර තාත්තත් නැ ඔහෙව තනියෙන් තියන්නෙ නැ අපි එක්ක යන් ඉක්මනට ලෑස්ති වෙන්න තව ටිකකින් කවිදුත් එයි"

"එ එයා එන්නෙ ඇයි "

ශයිනි ඉක්මනට නැගිට්ටා

My Teacher || GL ||Where stories live. Discover now