*ඇයි ? * ගවීෂ් ඇස් දෙක රැලි කළේ මියුන් මුකුත් නෑ කියන්න ඔළුව දෙපැත්තට වනද්දි..... අඩුම මෙච්ච කාලේකට මියුන්වත් , එයාවත් මෙච්චර සන්සුන් විදියට කතා කරලා නැ කියලා ගවීෂ්ට විශ්වාසයි.... සමහර විට පැටලෙන්නවත් මියුන්ට ශක්තියක් නෑ... නැත්තන් - සමහර විට එයාගේ ඔළුව පුරා ඔඩු දුවලා තියන වරදකාරී හැගීම නිසා ද ? මියුන් එයාගේ අතින් අල්ලගෙන හිමින් පිරිමදින විදියට ගවීෂ් මුකුත් කියන්නැතුවම මියුන් දිහා බලාගෙන ඉදියේ ටිකක් බර වුන ඇස්වලින්.....

'' තාම ඇග රස්නෙයිනේ ඕයි... '' ගවීෂ් ඇහුවේ මියුන්ගේ අතින් පවා හොදටම රස්නේ දැනෙන නිසා...

'' ඊයේට වඩා අඩුයි... හරි වැඩේ තමයි අරවින්ද් අය්යා දොරට ගහන්න ගිහින් කකුලත් උළුක් කරගෙන..... '' ගවීෂ් යන්තම් හිනා වුනේ මියුන් ඒක කියපු විදියට.... හොද වැඩේ ඕකාට , ඒත් මියුන් මොක උනත් මිනිහා මියුන් ගැන බලලා තියෙනවා...

'' ඊයේ මට කෝල් කලේ සනීප නෑ කියන්න ද ? '' ගවීෂ් ගග දිහා බලලා ඇහුවේ කණ්ණාඩි දෙකට යටින් තියෙන මියුන්ගේ තනි කළු ඇස්වලට මුහුණ දෙන්න බැරිකමට....

'' නෑ -මට ආරං-චි වුනා ... '' මියුන් ඒක කිව්ව විදියට ගවීෂ් මියුන්ගේ අත තද කළේ මොනව කියාගන්න ද හිතාගන්න බැරුව....ආරංචි නොවී තියෙන්න විදියක් නෑ , ඊයේ බැන්ක්වෙට් එකේ සිද්ධ වුන හැමදේම මේ වෙනකොට ආශක්‍යසිංහලා විතරක් නෙවේ යොරෙල් විලේජ් එකම නොදන්නවා වෙන්නත් බැහැ...

'' මං කැමති නෑ උබ ඕම කතා කරනවට..... '' ගවීෂ් කිව්වේ ඇඩෙන්න ආපු එක නවත්තගන්න මියුන්ගේ උරහිස උඩින් ඔළුව තියලා බදා ගන්න ගමන්... රස්නෙයි.. හොදටෝම.... මියුන් ඇදන් ඉදපු සුදු පාට බැගී ටී එක යටින් මියුන්ගේ ගිනි ගන්න තරම් ඇගේ රස්නේ ගවීෂ්ට දැනෙනවා.... මේම උණක් එක්ක ඊයේ දෙතුන් සැරයක් සිහිය නැති වුන එක අහන්න දෙයක් නෙවේ....වෙනදාට හිතුවක්කාර විදියට එයාගේ ඉණ වටේ එතෙන මියුන්ගේ අත් , අද නම් ගවීෂ්ගේ අතකින් අල්ලගෙන හරිම සන්සුන්....

'' අවංක උනොත් -..........මට ටිකක්.... අම්.. දරාගන්න බැරි උනා.. '' මියුන්ගේ දුර්වල කටහඩේ තිබුනේ ලොකු පාපොච්චාරණයක්.... ම්ම් - හිතුවා වගේම මියුන්ට මේම එක පාරට උණ ගන්න ඇත්තෙත් නිකන් නෙවේ එහෙනම්......
ගවීෂ් තවත් තද කරලා ඇස් පියාගත්තේ මියුන්ව තවත් ළගට අරගෙන.... බර වෙලා තිබ්බ ඇස් තද කරලා අගුලු දාගන්න කලින් හිතුවක්කාර විදියට පිට පැනපු කදුළු බිංදුවට ගවීෂ් ඔහේ යන්න දුන්නේ මියුන්ගේ උරහිසේම මූණ හංගගෙන බර වෙලා තිබ්බ නහය උඩට අදින ගමන්......

- Plot 23 -Where stories live. Discover now