'' ඒ කියන්නේ මුල සතියේ  ? '' යොවන්දිගේ අම්මා අහනවා ඇහුනත් ගවීෂ්ට ඒ මොකක් ගැනද කියලාවත් අවබෝධයක් නැ.... යොවන්දි එයාගේ මූණ දිහා බලපු නිසා ගවීෂ් හිස් හැගීමෙන් ඒ දිහා බැලුවේ කරන්න වෙන දෙයක් ඇත්තේම නැද්ද කියලා අහන්න... යොවන්දිගේ මූණත් තාමත් අදුරුයි... සමහර විට කතා කළා නම් මීට වඩා සැහැල්ලුවෙන් මූණ දෙන්න තිබ්බා...

''අපේ ගවීෂ් මොකද කියන්නේ ? '' ආර්ය වේඝර්ණාරච්චි , හරිම ප්‍රසාදයෙන් වගේ ඇහුවේ , ඍෂිතුමාගේ අතේ තිබිලා ගත්ත නැකැත් පත්‍රය පැත්තකින් තියලා ඇහුවේ ගවීෂ් දිහා බලන ගමන්.... මං මොකද කියන්නේ ? නැගිටනවා ද ? නැගිටලා දමලා ගහලා මට මේක කරන්න බෑ කියලා අයින් වෙනවා ද ?  ඒ නැත්තන් ආශක්‍යසිංහ මැන්ෂන් එක දෙවනත් කරගෙන හරි ඇතුළට කඩන් පැනලා මියුන්ව මෙහේ එක්කන් එනවා ද ? !!!! - එකක් පටන් ගත්තම ඇති..... මොකක් ද කරන්න පුළුවන් - එච්චරට හය්යක් නැද්ද ගවිෂ් ?

'' ගවීෂ් ?? '' සීයා ආයේ කතා කළේ සන්සුන්ව උනාට , ඒ හඩේ තිබ්බ පැහැදිලි අනතුරු ඇගවීම නිසාම ගවීෂ් ඉබේම ඔළුව වැනුවේ පුරුද්දට වගේ.... මේ කොන්ද පණ නැති ගතිය , ඇගේ තිබුන දෙයක් නෙවේ , ඇග පුරා තියෙන මැකෙන්නැති තුවාල කැළැල්වලින් ඇති කරපු එකක්... යන්තම් අකුරු කියවන කාලේ ඉදන්ම , කෙලින් හිටගන්න හැම සැරේකම බෙල්ට් එකෙන් කැපුන තැන්වලින් අනතුරු අගවන කොන්ද පණ නැති ගතියක්.... කවදා මේකෙන් මිදෙන්න පුළුවන් වෙයිද දන්නැති කොන්ද පණ නැති ගතියක්..... ෂිට් !!!

'' යොවන්දි ? '' සියා ඇහුවට , ඒක ගැන අහන්න ඕනකමක් තිබුන බවක් නම් පේන්න නැහැ..

'' කෙල්ලගෙන් අහන්නත් දෙයක් ද? . '' යොවන්දිගේ අම්මා කිව්වේ ගවීෂ් එයාගේම පවුල ගැන උපහාසේට කටින් පැන්න හිනාව යන්තමින් තොල් අතරේ හිර කරගනිද්දි.... සීයා අන්තිම තීරණය අරන් , පුටුව පස්සට කරලා නැගිට්ටේ , මේසේ ඉදපු සේරම ඍජු ඉරියව්වට ඇවිත් කෙලින් වෙද්දි.....

'' හොදයි , හිතවත් බර්ඩ්‍රේන්වරුනි... හදිසියේම මේම කැදවීමක් කරන්න සිද්ද වුනේ අපේ ප්‍රධාන පවුලට අදාළව මට වැදගත් තීරණ කිහිපයක් දැනුම් දෙන්න තියන නිසා.... '' සීයා උගුර පාදලා පටන් ගත්තේ ගවීෂ් අත් දෙක එකට තියලා තද කරගනිද්දි....

- Plot 23 -Where stories live. Discover now