භාතිය....

ප.ලි - ඔයාගේ තීරණය අනුව මේ මං ඔයාට ලියන අවසන් ලියමන උනොත් , මේ නම දන්නැති දම් පාට මල පර වෙන ඉක්මනට මාව අමතක කරන්න බලන්න මගේ ළමයො....!!

.
.
.
.
.
.
.
.
.
.
.

මෝඩ ආච්චි !! ,

කෙල්ලේ, අද ඔයාව මුණගැහුන එකම ඇති මට .... මං ගැන වද වුන ඒ රතු ඇස් දෙක දැක්කම මට සේරම අමතක උනා , මේ ඇත්තමයි... ඔයාට විශ්වාස කරන්න බෑ මං ඉන්න තත්වේ ගැන වද වෙන එකම කෙනෙක් හරි මේ ලෝකේ ඉන්න එක මට කොච්චර දෙයක් ද කියලා... උරහිස් දෙක උඩ තියන මේ බර බිමින් තියලා , ඔයාව උස්සගන්න පුළුවන් උනා නම් මට ඔයාව එවෙලෙම උස්සලා ගන්නවා සිනල්යා... ඒත් මේ ලෝකේට වඩා ඔයා මට බරයි , ඔයා දන්නවා... මගේ අත් තාමත් එච්චර හය්ය නෑ කියන්න මං ලැජ්ජ වෙන්න ඕන නැ නේද මෝඩ කෙල්ලේ ? ඒත් මං පොරොන්දු වෙනවා... මං අනාගතයේ අනිවාරෙන්ම එන දවසක , ඒ ගානට හය්ය වෙනවා....

හැම හාදුවකින් පස්සේම ඔයා ලියලා එවන කවිවල තියෙන්නේ මට දරාගන්න බැරි උමතුවක් මගේ ළමයො.... ඒ හැම වචනයක්ම මාව ආයේත් ඒ තත්පර ගානට ඇදලා දානවා... ඔයාට ඒ මොහොත දැනුන විදිය එච්චර ලස්සනට ඔයා අකුරු කළාම..... අහ් මට පිස්සු හදවන්නද යන්නේ මගේ ඇපල්මල ? ඉතින් එක දෙයක් මං ,මටම පොරොන්දු වෙනවා එතකොට , මින් පස්සේ හැම සැරේකම කලින් කවියට වඩා ලස්සන කවියක් ඔයාගේ අතින් ලියවෙනවා බලන්නයි මට ඕන... මට ඒකට මහන්සි වෙන්න වෙයි!! මේ ඇත්තමයි.... කවිකාරියෙක්ට කවි ලියන්න හැමදාම අලුත් මාතෘකාවක් ඕන නේ ? ඉතින් මං උත්සහ කරනවා ... ඉතින් ඔයාට ඒ මොහොත දැනෙන විදිය තමයි මං මේ ලෝකේ විදින්න ආසම කවිය !!....

මට එච්චරම ලස්සනට ලියන්න පුළුවන් උනා නම් , මට ඔයාගේ තොල් පෙති අතරේ අතරමං වෙනකොට , මට දැනෙන විදිය ගැන කියාගන්න තිබුනා ? එක්කො සමහර විට බැරිවෙයි , මොකද ඒ තත්පරේදි මට මාවත් නැති වෙන නිසා.... විශ්වාස කරන්න කෙල්ලේ , මට මගේ හැගීම් ඔයාගෙන් වෙන් කරලා අදුරගන්න බෑ එවෙලෙට ... මේ ඇත්තමයි... හැම දෙයක්ම ඔයා ගැන විතරයි.. ඔයාගේ ලොකු ඇස් අඩවන් වෙන විදිය මට ලාවට මතකයි.... මොකද එතනින් එහාට කවදාවත් මට ඇස් ඇරන් ඉන්න පුළුවන් වෙලා නැහැ !!!! කිව්වහමයි ඒක මට හරියට තේරුනේ... කවදාවත් මට ඇස් ඇරන් ඉන්න බැහැ - ඒවා පියවෙනවා.... ඒත් මට ලාවට මතකයි මගේ ඇගිලි තුඩු ඔයාගේ ඉණ ගාව හිතුවක්කාර වෙන විදිය.... ඒත් ඒකටත් මං සංවේදි වෙන්නේ ඔයාගේ ඇගිලි තුඩු මගේ බෙල්ලේ වදිනකම් විතරයි මෝඩ කෙල්ලේ !! එතනින් එහාට මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ මං ගැන.... හැම දෙයක්ම ඔයා ගැන විතරයි..

- Plot 23 -Where stories live. Discover now