නිල් ඇස් රාජධානියේ කුමාරයාට පවුලේ විස්තර කියන්න තරම් ඔයා එයාව විශ්වාස කරන්න ගත්ත ද !!.. විශ්වාස කරන්න රතු ඇස් උත්තමාවිය , ඉස්සරහට මිනිස්සු විශ්වාස කරන්න කලින් මීට වඩා ගොඩක් හිතන්න ඕන... ඒත් ඔයා මාව විශ්වාස කරපු නිසා , මං කැමතියි ඔයාගේ විශ්වාසේ බාර ගන්න...

ඉතින් ඔයා සුදූය කිව්වේ එදා පහන් පූජාව දවසේ ඔයාගේ අතේ ඉදන් අඩ අඩ මොකක් ද ඉල්ලපු පොඩි කොල්ලා ගැන වෙන්නැති කියලා හිතනවා.... එතකොට චූටි කියන්නේ යාදම් උත්සවේ ගැන හැම එකම පොත්වලින් කියවලා මට බැනගෙන ආපු පොඩි කොල්ලා නේ ද ? ඒ කොල්ලාට අවුරුදු පහයි කියලා ද මට කියන්නේ ඔයා!! ඒ වයසට අච්චර පොත් කියවනවා ද ? යකෙක්නේ බැලුවම... ලොකු මල්ලි නම් අහිංසක පාටයි ඇත්තටම , ඒත් නංගිලා දෙන්නාගෙන් නම් වැඩිකල් නොගිහින් මේ අහිංසකයා ගුටි කනවා ඇත්තමයි....

මෝඩ කමක් ද දන්නැති උනාට මමත් කැමතියි ඔයාව විශ්වාස කරන්න... නිල් ඇස් රාජධානිය ගැන කියනවා නම් , ( සමහරවිට ඔයා දන්නවත් ඇති මගේ හිතේ ) මමයි මගේ නංගියි නිවුන්නු... ඔයාට මතක ද අපේ කොන්ඩේ දිගම කෙල්ල... ඒ මගේ අනිත් බාගේ.... අපි දෙන්නට විසි පහයි... එතකොට මාත් එක්ක ඉදියේ පුංචි ගෑනු ළමයෙක් , අවුරුදු හතරක ? අර ඔයාගේ සුදූ එයාගේ බොම්බයි මොටයි එක උදුරලා ගත්තේ ? ඒ මගේ අක්කාගේ චූටි කුමාරි... නිශා....මමයි නම තිබ්බේ....( ඔයත් දවසක ඔයාගේ නංගියෙක්ගේ හරි මල්ලියෙක්ගේ හරි දරුවෙක්ට අනිවාරෙන්ම නම තියලා බලන්න ඕන , ඒක හරි වෙනස් හැගීමක්... )

අපේ දෛවය ලියන්නේ දෙවියො නම් , එයා කොහෙත්ම නිශාට සාධාරණ වෙලා නෑ... ඉතින් මගේ බෝනික්කිට ඇහෙනවා විතරයි... ඔයා බලන්නැති එයා මාත් එක්කම ඉන්නෙ මොකද කියලා , ඇත්තටම එයාගෙන් අපිට වැඩක් නෑ කියලා හැමෝම හිතන්නේ... ඒක නිසා හැමෝම බලාගෙන ඉන්නේ ලොකු මල්ලිගේ දරුවා ඉපදෙනකම්... අනාවැකි කියන්නේ ඒත් ගෑනු ළමයෙක් වෙයි කියලා... ම්ම් , ඊට පස්සේ අපේ චූටි මල්ලි නම් තාම පොඩි එකෙක්... ඔයාට වඩා ගොඩක් බාලත් නෑ දාහතයි... එක අතකට පොඩි පරතරයක් ඇවිත් නේ ද ? ඔයා ඔහේ වැඩිමල්ම වෙලත් ඔයාට තාම දහ නවයයි !!..

මං හිතන්නේ මේක මම දැනට ලියපු දිගම ලියුම... ඔයා කතා කරන්න කැමති නම්, ඕන දෙයක් ගැන කතා කරන්න මාත් කැමතියි... වැදගත්ම දේ මට හරි සතුටුයි ඔයා මාව විශ්වාස කරපු එක ගැන !!

- Plot 23 -Where stories live. Discover now