'' මේක පිස්සු හැදෙන තැනක් නේ !!! අහස බලපන් !! '' ගවීෂ් කිව්වේ මියුන්ගේ ටීෂර්ට් එකෙන් ඇදලා අහස පෙන්නන ගමන්...... හදත් තිබ්බා නම් හොදයි , හැබැයි හද තිබ්බෝත් එ් එළියට තරු පේන්නේ නැහැ හරියට.... වළාකුළු එකක්වත් නැති අහස..... දිගම දිග කතාවකට , මෙච්චර නිදහස් තැනක් , ඒකත් මේ හිර කූඩුව ඇතුළේ ??? මියුන් දිහා බලලා යන්තං හිනා වුන ගවීෂ් ආයේ වට පිටාව දිහා බැලුවේ බර හුස්මක් ගන්න ගමන්.....

'' තමුසේට සින්ග් කරන්න පුළුවන් කියලා මං දන්නෑ ?? '' ගවීෂ් ටිකකින් ඇහුවේ මියුන් දිහා ඔළුවට හරවන ගමන්.... මිනිහාත් අහස දිහා බලාගෙන ඉන්නේ... මියුන් උත්තරයක් නැති නිසා ගවීෂ් ආපහු අහස දිහා බැලුවේ කතාව කොතනින් පටන් ගන්න ද කියලා හිතාගන්න බැරුව.... තණ බිස්සේ පින්නට දැන් නං කලිසම සම්පුර්ණයෙන්ම තෙමිලා ඇත්තේ....

'' තමුසේ හිතන්නේ මං ඉන්නේ බය වෙලා කියලා ද ? '' ගවීෂ් එක පාර ඇහුවේ ඇතින් පේන වේඝර්ණාරච්චි මැන්ෂන් එක දිහා බලන ගමන්.....

'' එහෙම .......... ද ?  '' මියුන් ඇහුවේ ආශක්‍යසිංහ මැන්ෂන් එකෙන් ඇස් දෙක එහාට ගන්න ගමන්....

'' මං මේ සතිය පුරාම හිතුවේ... යුවනිදු අය්යා නැති වුන එක නෙවේ.... එයා ඉන්න තැන එළියට ගියේ කොහොම ද කියලා.. ඒක හිතද්දිත් - '' ගවීෂ් තොල් දෙක තද කරගත්තේ වචන වෙව්ලද්දි...

'' උබ ඇරුනම කවුද දැනගෙන ඉදියේ ? ''

'' ආශදීයි මායි විතරයි................ ''

''... කියලා හිතාගෙන ඉදියේ ? '' මියුන් සම්පුර්ණ කළේ ගවීෂ් ඔළුව වනද්දි.....

'' මේම ගිහින් , දුක හිතුනම හැසිරෙන්නේ කෝමද කියලාත් අමතක වෙනවා ...  '' ගවීෂ් යන්තං හිනා වෙලා කිව්වේ සතියක් තිස්සේ දැවිල්ල අල්ලන ඇස් දෙක ටිකකට පියාගන්න ගමන්... එයා මියුන්ගේ උරහිස උඩින් ඔළුව තියන්න ගියත් මියුන් ගවීෂ්ව එහාට තල්ලු කළේ අහස දිහා බලන ගමන්....

''ඇයි ? !! ''

'' මුරණ්ඩු වෙන්න එපා... '' මියුන් සැර කළේ ගවිෂ් දිහා කෙලින් බලන ගමන්....

'' තමුසේට ටිකක් මාව -  '' 

'' බැහැ !!!  මං දැන් තමුසේට මාව බදාගන්න දුන්නොත් , තමුසේ ආයේ ටිකකින් අඩන එක නවත්තයි.... ඒක නිසා කියලා හිටපන්... '' මියුන් කිව්වේ ගවීෂ් උත්තරයක් නැතුව කට වහගනිද්දි.... ඇත්ත- එතන හරි ඉක්මනට හිත සන්සුන් වෙනවා... එතකොට දුක තව හිර කරගන්නවා විතරයි.... ඒක මියුන්ටම විතරයි තේරෙන්නේ !!

- Plot 23 -Where stories live. Discover now