'' වාව්..!!! '' අදුරට ඇස් හුරු වෙනකම් ඉදපු ගවීෂ් ඔටෝම විස්ල් එකක් ගහන ගමන් කිව්වේ එයාගේ ඉස්සරහා තිබුන වීව් එක ගැන හිතාගන්න බැරුව.....දිග තැන්න ගිහින් ඉවර වෙන්නේ , එයාලාට ටිකක් එහාට වෙන්න තිබුන ගගත් එක්ක..... වම් පැත්තෙන් ඇහෙන්නේ කන්දේ උඩම ගලෙන් වැටෙන දිය ඇල්ලේ සද්දේ... ම්ම්ම් ගග පටන් ගන්න තැන....... එයාලා ඉදපු ලොකු තණ තිල්ල වටේ පොඩි වටයක් ගහන ගග පහළට ගලන්න පටන් ගන්නේ නිම්නය මැදින්..... කන්දෙන් පහළ ,ඈත සම්පූර්ණ කහ පාට එළිපත්තු වෙන යොරෙල් ගම්මාන..... ලස්සනම දේ....... පහළ පල්ලමේ පේන විලේජ් එක  දෙපැත්තේ උතුර කෙළවරේත් , දකුණු කෙළවරේත් ඈත පේන මන්දිර දෙක..........ආශක්‍යසිංහ මැන්ෂන් එකයි වේඝර්ණ මැන්ෂන් එකයි......මැද හරියට වෙන්න තනිකර අදුරු කොටස ඩ්‍රොප් සෝන් එක වෙන්න ඕන.... ඒ හැමදේටම ගොඩක් දුරින් , හුළගට පදුරු හෙළවෙන නිදහස් සානුව....... තැනිතලාවේ ඉදන් අඩි තුන හතරක උසකින් එහාට මෙහාට පියාඹන දහස් ගාණක කණාමැදිරියො.... හද එළිය නැති නිසාම පැහැදිලි වෙලා තියන තරු පිරිච්ච අහස....... හරියට - කතා පොතක් වගේම....... මෙතනට එන්න කාපු කට්ටට සාපේක්ෂව ගොඩක් වටිනවා !!!!!

'' උබ කොහොම ද මෙතන හොයාගත්තේ ? දවල්ට කොච්චර ලස්සන ඇත් ද ?  '' ගවීෂ් ඇහුවේ යන්තං පින්න වැටිලා තියන තණබිස්ස උඩින් වාඩි වෙන ගමන්...... පස්ස තෙමෙනවා ... අවුලක් නෑ කෝමත් බාගේට තෙමිලනේ.....

'' නෑ මට දැන් හිතුනේ , මේ වෙලාවටයි ලස්සන.. '' මියුන් කිව්වේ තණ බිස්ස උඩින් වාඩි වෙලා හුළගට ඇස් දෙක පියාගන්න ගමන්......

'' මේක උබලාගේ සීමාවේද අපේ සීමාවේද තියෙන්නේ ? '' ගවීෂ් ඇහුවේ මෙච්චර ලස්සන තැනක් මගඇරුන විදිය හිතාගන්න බැරුව....

'' මං කෝමද ඒක දන්නේ ? !!! සමහර විට මැද ? .' මියුන් උත්තර දුන්නේ ගවීෂ් ඇස් දෙකත් පියාගෙනම කපාගෙන එන හුළගට මූණ අල්ලද්දි..... දිය ඇල්ලේ සද්දේ අරන් එන හුළං පාර ඇරුනම  තැනිතලාවම මාරම සන්සුන්..... පහළින් බැලුවම , නිකන් පාළුවට පේන බ්‍රින්ධව් කන්දේ මෙච්චර ලස්සන සානුවක් තියේ කිව්වම.... මං හිතන්නේ මේක විලේජ් එකේ උසම තැනිතලාව.....

'' කවුද උබට මෙතන ගැන කිව්වේ ? ''

'' හහ් කවුරුත් නෑ... '' මියුන් කිව්වේ එක්කන් ආවා වගේ නෙවේ ගවිෂ් බලාගෙන ඉන්න විදියට මෙතනින් ලේසියට එක්කන් යන්න නං වෙන්නේ නෑ කියලා තේරුම් අරගෙන...

- Plot 23 -Where stories live. Discover now