''  රණ්ඩුවට ද යන්නේ ? '' මෙතුල ඇහුවේ ගවීෂ්ට කේන්ති ගියාම කන්ට්‍රෝල් කරන්න ලේසි නෑ කියලා හොදටම දන්න නිසා.. දැන් මේ සරම ද සලුව ද මොකක් ද එක අල්ලන් ඉන්න විදියෙන්ම කියන්න පුළුවන් , යන්නේ ගිනි තියන්න තමයි කියලා....

'' උන් හිතන් ඉන්නේ මොනව ද ? !!! මේ වේඝර්ණලාව නවත්තන්න ? බොතල් කටුගොඩකින් ? හහ්.. '' ගවීෂ් කේන්තියෙන්ම සුදු මාමාට කිව්වේ පරම්පරා දෙකේ සීමා දෙක වෙන් කරලා තිබ්බ , ආවාට විල්ලුව ගාවට යන ගමන්... උත්සවයක් ඇතුවම හො නැතුවම , බර්ඩ්‍රේන්ස්ලා වගේම ඩ්‍රොමිඩාලා පරම්පරාගත ප්‍රශ්න විසදගන්න පොදු තැන මේ අදුරු ආවාට විල්ලුව.... ගවීෂ්ට ඉතින් අරවින්ද් එක්ක හොද අතීතයක් තියේ කොහොමත් අවාට විල්ලුවේ ෆයිට් සම්බන්ධව.......

'' ගවීෂ් !!!!!! '' ගවීෂ් කිට්ටු කරන්නත් කලින්ම අරවින්ද් ගවීෂ්ට අඩගහන සද්දේ විල්ලුව පුරා පැතිරුනා... පෙරහැරට පේළි හැදිලා විල්ලුව මායිම ඉදන් දෙපැත්තට... ඉස්සරහාම මූණට මූණ බලන් පෙළපත් දෙක...යුද්ධයකට වගේ... සම්පූර්ණ පළවෙනි පරම්පරා දෙකම පෙරහැරවල් දෙක එනකම් බන්ෂ් එකේ මග බලාගෙන.... පෙරහැරවල් මෙහෙය වන්න භාර වෙලා තිබුනේම , තුන් වෙනි පරම්පරාවට....  සෙනග අතරේ පීරලා ගවීෂ් එයාගේ මිනිස්සු ඉස්සරහින් හිට ගත්තේ අරවින්ද් දිහා පුපුරන කේන්තියෙන් බලන ගමන්...

අරවින්ද් ,අර ට්වින් ජෝඩුව , මෙවීනා , අර ලොකු අක්කා නිශා ,  පොඩි නම දන්නැති ගැනු ළමයි දෙතුන් දෙනෙක් , ම්ම් ක්‍රිෂ්... හුහ් අරූත් ඉන්නවා .... කමක් නෑ මගේ පැත්තට , චූටි මාමා , සුදු මාමා , ආශදි , ඩියෝන් , යොවන්දි , වාශිත් මදිද !! අනේ උන්ගේ බොතල් කටු ??? හහ්..

'' උබලා මොන්ටිසෝරි ගිහින් නැද්ද , අනුන්ගේ සේසත් පාට කරන්නේ ? '' අරවින්ද් ඇහුවේ වේඝර්ණාරච්චිලාගේ ප්ලැන් එකට විනාස වුන සේසත්වල තරහා පිට කරන ගමන්..

'' අඩුම තමුසේ මෙතන ඒ වගේ වැඩක් කරලා තිබ්බා නං මං ඉවසනවා අරවින්ද් !! මේක නං මං ඉවසයි කියලා හිතන්න එපා !! '' ගවිෂ් කිව්වේ පුපුරන කේන්තියෙන්.. මෙතන සාමාන්‍ය මිනිස්සු අතර යුද්ධයක් හදන්න ඕනකමක් නැති නිසාම තමයි කොල්ලො දෙන්නම කාගෙන ඉන්නේ... අඩුම උන් දෙන්නා බැන ගන්නෙත් මේ උන්ගේ වටේ ඉන්න එවුන්ට මිස පිටිපස්සේ ඉන්න යොරේස්ලාගේ  කනට ඇහෙන්නැති ගානට.... එක ළගට වෙන්න විල්ලුවේ හිටන් ඉන්න තම තමන්ගේ ස්වාමි පරම්පරා දිහා එයාලා බලන් ඉදියෙත් කරන්න දෙයක් හිතාගන්න බැරුව...

- Plot 23 -Where stories live. Discover now