CHAPTER 50(END)

1K 97 191
                                    


Back to present....

"පපාට පේන්නෙ නැති දුරට දුවන්න එපා සූ..."

තමන්ට ඉස්සරහින් කකුල් මාරු කර කර යන්තමට උඩ පනින ගමන් දුවන අවුරුදු දහතුනක් විතර පෙනුණ පුංචි කෙල්ලට කිව්ව තරුණයා තමන්ගෙ අතේ තිබුණ සුදු රෝස මල් හයත් අතට තද කරගෙන හෙමිහිට ඉස්සරහට ඇවිදගෙන ගියේ පුංචි කෙල්ලගෙ දිහාත් සැරින් සැරේ බලන ගමන්...

ටිකක් දුරට ඇවිදගෙන ගියපු තරුණයා කනත්තෙ අරලිය ඇර වෙනස් මල් ගහකට කියලා තිබුණ ඇට්ටේරියා ගහ පේන සීමාවෙ ම තිබුණ කළු ගල්වලින් බැඳපු තරමක් උස සොහොන් කොතක් ළඟ නතර වුණා...

ඇදගෙන හිටිය ඇඳුමට උඩින් ලා දුඹුරු පාට බිමට දිග ලෝගුවක් දාගෙන හිටිය තරුණයා තමන්ගෙ නළලට වැටිලා තියෙන කළු පාට කොණ්ඩෙ අතින් පස්සට කරන ගමන් ඒ ලා දුඹුරු පාට ඇස් සොහොන් කොතේ තිබුණ පින්තූරෙ ළඟ නතර කරගෙන හිටියා...

සුදුමැලි හම....තද කළු පාට ඇස්... නළලටත් එක්ක වැටිලා තිබුණ තරමක් දිගට වැවිලා තිබුණ කොණ්ඩෙ... කලාතුරකින් පෙන්වන ගමී ස්මයිල් එක එක්ක ජිමින්ගෙ හිත ඇතුලේ එදා යුංගිව මැවිලා පෙනුණා...

ජිමින්ගෙ ජීවිතේ යුංගිගෙ තැන හිස්වෙලා අවුරුදු අටකටත් වඩා වැඩියි....ඒත් තවම ඒ මතක පාට චිත්‍රපටියක් වගේ ජිමින්ගෙ ඔලුව ඇතුළෙ කැරකුණා...

අහසට ගින්දර දීලා අන්තිමේ අහසට ම ලෙංගතු වෙලා පැය කීපෙකට අහස ලස්සනට පාට කරලා ඉර බැහැලා ගියාට....ඒ ගෑවුණ පාට මකා ගන්න අහසට බැරිවෙලා...ඉර හැංගිලා ගියත් අහස පාට ටිකක් එක්ක අතරමං වෙලා....

සමහරවිට අහස බලාපොරොත්තු තියාගෙන ඇති ආයෙත් ඉර අහස හොයාගෙන එයි කියලා....

ජිමින් ඈතින් පේන තැඹිලි පාටට බැහැලා යන ඉර දිහා බලාගෙන හිටියා...ඒ පැත්තෙ අහසම රතු,තැඹිලි කහ, දම් පාටවලින් පාට වැටිලා තියෙනවා දැක්කා ම ජිමින්ගෙ මූණෙ හිනාවක් ඇඳුණා....

ජිමින්ගෙ මූණ ඉස්සර විදියට ම පාට වැටිලා තිබුණා... ජිමින් තවමත් තරුණයි.... අවුරුදු තිහ පහුවෙලා තිබුණත් ජිමින් තවමත් දකින කෙනෙක් උමතු කරන රෝසමල ම වුණා පිටට....ඒත් ළං වෙලා බැලුවොත් පෙනෙයි...ලොකු අඩුවක් තිබුණා...ඒ මලට තවදුරටත් සුවඳක් තිබුණෙ නැහැ....

The Hell HighwayWhere stories live. Discover now