CHAPTER 15

383 75 35
                                    


උදේ තිබුණ බිස්නස් මීට්න්ස් දෙකක් ම ඉවර කරලා ටේහ්‍යුන් මැන්ශන් එකට එද්දි හවස තුන විතර වෙලා තිබුණා...

ගාර්ඩ්න් එකේ පැත්තකට කරලා නතර කරපු වාහනෙන් තමන්ගෙ වොලට් එකයි ෆෝන් එකයි අතට අරගෙන බැස්ස ටේහ්‍යුන් දැක්කෙ ගාර්ඩ්න් එකේ පොන්ඩ් එක කිට්ටුව හදපු පාත්තියක හෙසෝක් එක්ක මල් පැළ වගයක් ඉන්දන ජිමින්ව....වාහනේ සද්දෙට හෙසෝක් ඔලුව උස්සලා බලලා ටේහ්‍යුන් එක්ක හිනා වුණත් ජිමින්ට නම් වාහනේ සද්දයක් ඇහුණ බවක් පේන්න තිබුණෙ නෑ.....

ජිමින් එයාගෙ පාඩුවෙ කර කර හිටිය වැඩේ දිගට ම කරගෙන ගියා....එදා සිද්ධ වුණ දෙයින් පස්සෙ ජිමින් ටිකක් හරි කතා කළේ හෙසෝක් එක්ක විතරයි... හෙසෝක් අතේ අස්ථියක් බිඳගෙන නිසා හෙසෝක්ට ටික දවසක් නිවාඩු දීලා ටේහ්‍යුන් වෙන කොල්ලෙක් ව ටික දවසකට පර්සනල් ගාඩ් විදියට ගත්ත නිසා හෙසෝක් දැන් සතියක් විතර තිස්සෙ දවල් වරුව ම හිටියෙ ජිමින් එක්ක...ඒ නිසා ජිමින් තවත් ටිකක් හෙසෝක් එක්ක එකතු වුණත් වෙන කිසිම කෙනෙක් එක්ක....අඩුම තරමෙ ජිමින්ට ඇඩ්වයිස් කරන්න රිලැක්ස් වෙන්න උදව් කරන්න ටේහ්‍යුන් ගෙන්නන පර්සනල් කවුන්සිලර් එක්කවත් ජිමින් එක වචනයක් වත් කතා කළේ නෑ....ඉස්සර හැම තිස්සෙම නැවතිල්ලක් නැතිව කන ළඟට වෙලා කියව කියව හිනා වෙවී හුරතල් වුණ ජිමින් මෙහෙම ඉන්නවා දකින වාරයක් ගානෙ ටේහ්‍යුන්ගෙ පපුව හිර වෙනවා වගේ දැනුණා....

ඒත් දැන්....සිද්ධ වුණ වැරදි නිවැරදි කරන්න ටේහ්‍යුන් පරක්කු වැඩියි.....

ජිමින් මැන්ශන් එකෙන් එළියට බැහැලා ඉන්නවා දැක්කාම ටේහ්‍යුන්ගෙ මූණෙ ලොකු හිනාවක් ඇඳුණා.... ටේහ්‍යුන් වැඩිය නොහිතාම දුවගෙන වගේ ඒ පැත්තට ගියෙත් ජිමින් අද හරි තමන්ගෙ මූණ බලයි කියලා හිතුණ නිසා.....

සුදුපාට දණහිස ළඟට තිබුණ කොට කලිසමකට තද නිල් පාට බොත්තම් දාන අත් කොට කමිසයක් ඇදලා හිටිය ජිමින් මල් පාත්තිය ළඟ තිබුණ තරමක් පැතලි කළු ගලක් උඩට දණහිස් දෙක තියාගෙන බිම එළලා තිබුණ ටියුලිප් පඳුරුවල පැළ වෙන් කරනවා....ජිමින්ගෙ රෝස පාට සිනිඳු අත් දෙකේ ම මඩ තැවරිලා....ජිමින් මූණ පිහදලා ද කොහෙද ජිමින්ගෙ පුංචි නහය උඩින් එක කම්මුලක එක්කම මඩ ගෑවිලා තිබුණා.... පිම්බිලා තියෙන රෝස පාට තොල් දෙකත් එකට තද කරගෙන එක කොළයක්වත් නැවෙන්නෙ නැතිවෙන්න ගොඩක් පරිස්සමට හිමිහිට පැටලිලා තියෙන මුල්වල පැටලුම් අරින ගමන් පැළ වෙන් කරන ජිමින් දිහා ටේහ්‍යුන් ටික වෙලාවක් බලාගෙන හිටියා....ජිමින් වැඩේ අතරම වැලමිටෙන් එයාගෙ ඇස්වලට වැටෙන එයාගෙ ලා කහ පාටට හුරු සුදු පාට කොණ්ඩ කැරලිත් අයින් කරනවා....

The Hell HighwayWhere stories live. Discover now