CHAPTER 11

381 67 45
                                    


රෑ එළි වෙනකල් ම සැරින් සැරේ ජිමින්ව බල බලා ජිමින්ගෙ කාමරේට වෙලා හිටිය හෙසෝක් ඇහැරුණේ මූණට තදට ඉර අව්ව වැටුණ නිසා.....ඇස් පුංචි කරගෙන අවුල් වුණ කොණ්ඩෙ අතින් හදන ගමන් හෙමින් වටපිට බලලා ජිමින්ගෙ මූණටත් අව්ව වැටිලා කියලා දැක්කා ම හෙසෝක් ගිහින් ජනෙල් රෙද්දි වහලා හරියට හැදුවෙ අව්වෙ රස්නෙට බෙරි වෙලා තිබුණ ජිමින්ගෙ පිමබුණ තොල් ආයෙමත් සාමාන්‍ය අතට ඇරෙද්දි....

බෙල්ලෙ පැත්තක් අතගාන ගමන් ඇඳ ළඟට ඇවිදගෙන ආව හෙසෝක් ජිමින්ගෙ නළලට පිටි අල්ල තියලා බැලුවෙ තවමත් රස්නෙයි ද කියලා....රෑ සැරින් සැරේ ජිමින්ට උණ තිබුණා.... කේන්ගෙන් ඇහුවාම බය වුණ නිසා වෙන්නැති කිව්ව නිසා හෙසෝක් කේන් කිව්ව විදිහට ජිමින්ට බෙහෙත් පෙති දෙන්න ඇහැරන්න බැරි නිසා පැරසිටමෝල් සිරප් එක ටිකක් වැඩියෙන් දීලා පාන්දර වෙනකල් ම තෙත ටවල් එකකින් ජිමින්ගෙ නළල පපුව තව තවා හිටියා....

ජිමින් දිහා බලලා හුස්මක් පාත දැම්ම හෙසෝක් ජිමින්ට පොරවලා තියෙන රෙද්ද ආයෙමත් හදලා බාගෙට ඇඳෙන් පහලට වැටිලා තිබුණ ජිමින්ගෙ අතත් අරගෙන බඩ උඩට කරලා තියලා කාමරෙන් එළියට ගියේ දොරත් වහගෙන.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඇඳගෙන හිටිය පැත්තෙන් සුදුපාට ඉරක් තියෙන කළු පාට ලූස් ශෝට් එකේ සාක්කුවකට අතක් ඔබාගෙන අනිත් අතේ ඇඟිලි යන්තමට ගැට වැටිලා තියෙන කළු පාට තරමක් වැවුණ කොණ්ඩෙ අතරින් යවන ගමන් උඩට කමිසයක් නැතිව ම පහළට බැස්ස හෙසෝක්ට මැන්ශන් එක පාළුයි කියලා දැනුණා වගේ ම යුංගි, ටේහ්‍යුන් දෙන්න ම මැන්ශන් එකේ නෑ කියලත් හෙසෝක්ට තේරුණා....

ඊයෙ ජිමින්ව අරගෙන ආව වෙලාවෙ ඉඳලා ම හෙසෝක් යුංගි එක්ක නම් කතා කළෙ නෑ....හෙසෝක් හිටියෙ කේන්තියෙන්....යුංගිව ගහලා මරන තරම් කේන්තියෙන්...ඒත් ජිමින් ගැන බලන එක අංක එක නිසා හෙසෝක් යුංගි එක්ක පැටලෙන්න ගියේ නෑ.... නිදාගෙන ඉන්න ජිමින්  දිහා බලාගෙන ඉද්දි හෙසෝක්ගෙ හිතේ හොල්මන් කළ එකම ප්‍රශ්නෙ වුණේ තමන් කොහොමද යුංගිව විශ්වාස කළේ කියලා....ජිමින් ගැන කොහොමටත් හොයන්නෙ නැති යුංගිට ජිමින්ව එක්කරගෙන එන්න කියලා කියන්න තරම් තමන් නොසැලකිලිමත් වුණේ ඇයි කියලා හෙසෝක් පසුතැවුණා.... හෙසෝක්ට යුංගි ගැනට වඩා තමන් එක්ක කේන්ති ගියා මැන්ශන් එකට එන්න යන වෙලාව ඉතිරි කරගන්න ජිමින් ව අනතුරේ දැම්මා කියලා....ඒ නිසා තරමකට යුංගි එක්ක තිබුණ කේන්තිය අඩු වුණත් හෙසෝක් ඒ ගැන වචනයක් වත් අහන්නෙ නැතිව පහළ වොශ්රූම් එකට ගිහින් ඇඟ සෝදාගෙන කෑම කාලා ආයෙමත් ජිමින්ව බලන්න ගියා.....

The Hell HighwayWhere stories live. Discover now