CHAPTER 18

336 62 52
                                    

ටේහ්‍යුන් තමන්ගෙ කාර්යාල කාමරේ මේසෙට වෙලා ප්‍රොජෙක්ට් එකක අයවැය ලේඛනය හතරවෙනි පාරටත් එකතු කළත් අතරමැදදි ටේහ්‍යුන් වැරැද්දුව නිසා කැල් එකේ පෙන්නන කවුන්ට් එක ඩිලීට් කරලා දාලා ටේහ්‍යුන් එයාගෙ පෑන ෆයිල් එක උඩින් තිබ්බා.....

ටේහ්‍යුන්ගෙ ටේබල් එක ඉස්සරහාන් තියෙන සෝෆා එක උඩ ලැප් එක තියාගෙන කකුල් දෙකත් එරමිණිය ගොතාගෙන ජන්කුක් අලුත් බයික් එකක් ඩිසයිග්න් කරනවා....ජන්කුක් ලැප් එකේ එන්ටර් කී එක සැරින් සැරේ එක එක තාලවලට එක දිගට ඔබාගෙන යන ගමන් පෑන හප හපා ඇස් පියන් ඉද්දි ටේහ්‍යුන් කොහොමද ඉතින් හිත හදාගෙන එයාගෙ කූ බබාගෙන් ඇස් අයින් කරන්නෙ?

ජන්කුක් හුරතල්....එයාගෙ වැඩත් හුරතල්.....එයාගෙ සමහර පුරුදුත් ටේහ්‍යුන්ගෙ ඇස්වලට පෙනුණෙ හරිම හුරතල් විදියට.....

එහෙම පුරුදු එකක් දෙකක් කිව්වොත් ඉතින්....ජන්කුක් අතින් මොකක්හරි බිම අතෑරුණොත් ජන්කුක් වැටුණ දේ අල්ලගන්නවා වෙනුවට අත්දෙකෙන් ම ඔලුව බදාගෙන ඇස් පියාගන්නවා.... තව ජන්කුක්ට කිඹුහුම් යද්දි ජන්කුක් නහය වෙනුවට අතින් වහගන්නෙ කට....තව ජන්කුක් කතා කරද්දි ඇස් දෙක නටවන ගමන් අතපය එහෙ මෙහෙ කරනවා....ඒ වගේ තවත් එකක් තමයි ජන්කුක් මොකක්හරි වැදගත් වැඩක් කරද්දි එයාට කල්පනා කරන්න ඕනෙ වුණා ම එයා ළඟ තියෙන මොකකට ම හරි ඇඟිලිවලින් එක එක තාලවලට තට්ටු කරනවා....

හරිනම් මේ වෙලාවෙ ජන්කුක් තමන්ගෙ වැඩේ හතර පාරක්ම වැරැද්දුව එකට ටේහ්‍යුන්ට කේන්ති යන්න ඕනෙ වුණත් ටේහ්‍යුන්ට ඒකත් පෙනුණෙ ගොඩක් හුරතල් විදියට....

සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න තමන්ගෙ පුටුවෙන් නැඟිට්ට ටේහ්‍යුන් ගිහින් ජන්කුක් ළඟින් වාඩිවුණාම ජන්කුක් ලැප් එකේ කී එකට තට්ටු කරන එක නවත්තලා ඇස් ඇරලා බැලුවා....

"මොකද්ද ප්‍රශ්නෙ කූ?"

ජන්කුක් ඇස් බෝල කරගෙන තමන් දිහා බලන් ඉන්නවා කියලා දැකලත් නොදැක්කා වාගෙ ටේහ්‍යුන් ජන්කුක්ගෙ උරහිසට උඩින් පරිගණක තිරයට එබිලා ජන්කුක් බාගයක් දුරට ඉවර කරලා තිබුණ ප්ලෑන් එක පුරා ම එයාගෙ කළු ඉරි වැටුණ දුඹුරු පාට ඇස් අරන් යද්දි ජන්කුක්ගෙ තරු පිරුණු බෝල කළු ඇස් ටේහ්‍යුන්ගෙ ශාප් ජෝව්ලයින් එක දිගේ ගිහින් ටේහ්‍යුන් කතා කරද්දි උඩ පහළ යන ඇඩම්ස් ඇපල් එක ළඟ නතර වෙලා තිබුණා....

The Hell HighwayWhere stories live. Discover now