CHAPTER 19

333 72 57
                                    


යුංගි හෙල්මට් එකත් අතේ අරගෙන නිදහස් අතින් කොණ්ඩෙ ගස ගසා ලිවින්ග් රූම් එකට එද්දි සෝෆා එකේ වාඩිවෙලා හිටිය ටේහ්‍යුන් ,හෙසෝක් දෙන්නා යුංගි එක්ක හිනා වුණා....

"උඹ මේ පාර රේස් එකට යනවද බං?"
හෙසෝක් අහද්දි යුංගි නතර වෙලා ඒ පැත්ත බැලුවා...

"හෙට තියෙන එක ගැන නම් අහන්නෙ...ඔව්....මං උඹලට ටිකට් ගෙනාවා...උඹේ සූටි බබත් එක්කරන් වරෙන්..."
ටිකට් හතරක් ටේහ්‍යුන්ගෙ උකුල උඩට විසි කරන ගමන් එහෙම කියලා යුංගි පඩිපෙළ නඟින්න ගත්තා...

"උඹටත් ගත්තද ?'

"අනියා...ජිමින්ට.."
ගානක් නැතිව කියලා දාලා පඩිපෙළ නැගගෙන යන යුංගි දිහා බලන් හෙසෝක් හිනා වෙද්දි ටේහ්‍යුන්ගෙ මූණෙත් හිනාවක් ඇදිලා තිබුණා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ජිමින්? නිදිද?"
ජිමින්ගෙ කාමරේ දොර සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න ඇරලා ඇතුළට ඔලුව දාන ගමන් ඇහුව යුංගි ජිමින් පේන්න නැති නිසා වොශ්රූම් එකේ ඇති කියලා හිතන් ඇතුළට ගියා....

ජිමින්ගෙ ඇඳෙන් වාඩිවෙලා ටිකක් කාමරේ වටේ බල බලා ඉද්දි වොශ්රූම් එකේ දොර ඇරගෙන ජිමින් එළියට ආවෙ කලවා වලින් හතරෙන් එකක්වත් වැහෙන්නෙ නැති සුදු පාට තුවායක් විතරක් ඉණ වටේ දවටගෙන... ජිමින් යුංගිව දැකලා වොශ්රූම් එකට නොගිහින් යුංගි ළඟට ඇවිත් ඇඳෙන් වාඩි වුණා.... වාඩිවෙද්දි තවත් ටිකක් තුවාය ඇකිළිලා ජිමින්ගෙ රෝස පාට කකුල් සම්පූර්ණයෙන්ම වාගෙ නිරාවරණය වෙලා තිබුණා... පපුවෙ පැත්තකට වෙන්න ගහලා තිබුණ රෝස මලක ටැටූ එක ජිමින්ගෙ රතු රෝස පාට පිරුණු පපුවෙ තද කළු පාටට කැපිලා පෙනුණා...

ලස්සනයි...සරාගියි....ආකර්ෂණියයි....පාක් ජිමින් කියන්නෙ බලන් හිටියත් මත් වෙන අමුතුම ඇබ්බැහියක්....

යුංගි යන්තමට ඔලුව ගසලා අහක බලාගෙන සාක්කුවට අත දානවා දැක්ක ම ජිමින් යුංගිගෙ කම්මුල දිගේ එයාගෙ රෝසපාට සීතල ඇඟිල්ලක් තාලෙකට ඇදගෙන ගියා...

"ටේහ්‍යුන්ට වගේ ඔයාටත් මාව එපා වෙලා ද?"
ජිමින් අමුතු හීන් හඬකින් අහද්දි යුංගි ජිමින්ගෙ අත ටිකක් තද කරලා අල්ලලා ගසලා දැම්මා....

The Hell HighwayWhere stories live. Discover now