CHAPTER 17

337 70 40
                                    


තේහ්‍යුන්ගෙ මැන්ශන් එකේ ලිවින්ග් රූම් එකේ වාඩිවෙලා අත් දෙකේ ඇඟිලි එකට තෙරපමින් තොල් හපාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා විනාඩි පහකට ආසන්න වෙලාවක් පඩිපෙළ පාමුල හිටගෙන හිටිය තේහ්‍යුන් බලාගෙන හිටියත ඒක ටේහ්‍යුන් දැක්ක බවක් නම් පෙනුණෙ නෑ....

බර කල්පනාවක හිටිය ටේහ්‍යුන් ගැස්සිලා ගියේ තේහ්‍යුන් එයාට ඉස්සරහින් සෝෆා එකේ වාඩිවෙද්දි.....

"ඉතින්....අත තවම අමාරුයිද ?"
තේහ්‍යුන ඇහිබැමක් ඔසවලා අහද්දි ටේහ්‍යුන් කට ඇද කරලා නුරුස්සන හඬක් නඟද්දි තේහ්‍යුන් කට කොනින් හිනා වුණා....

"කවුද ඒ කොල්ලා?"
තේහ්‍යුන් අහද්දි ටේහ්‍යුන් ටික වෙලාවක් තමන්ගෙ සහෝදරයා දිහා නිහඬව බලන් හිටියා....

"ලස්සනයි හැබැයි..."
තේහ්‍යුන් කට කොනින් හිනාවෙලා කියද්දී ටේහ්‍යුන්ගෙ අත් දෙක මිට මෙළවෙනවා තේහ්‍යුන් දැක්කා...

"හ්ම්.....උඹ ඒ කොල්ලට ඇත්තටම කැමතිද නැත්තම් සෙල්ලමක් ද කරන්නෙ?"
තේහ්‍යුන් තමන් නමලා උඩට අරන් අනෙක් කකුලෙ දණහිස මත තියාගෙන හිටිය කකුලෙ දණහිසට ඇඟිලි වලින් තට්ටු කරන ගමන් අහද්දි ටේහ්‍යුන් වේගෙන් ඔලුව ඉස්සුවා....

"මම සෙල්ලමක් නෙවෙයි කරන්නෙ හ්‍යුන්.....එයාට පාඩුවෙ ඉන්න දෙන්න..."
ටේහ්‍යුන් තරමක් කේන්තියෙන් වාගෙ කියද්දි තේහ්‍යුන් හයියෙන් හිනාවුණා....

"හහ්.....අවංක ආදරවන්තයෙක්.... උඹ දන්නවද මාත් කාලයක් සුරංගනාවියක් වාගෙ කෙල්ලෙක්ට පණටත් වඩා ආදරේ කළා....අප්පත් ආදරේ කළා.... ඒත් ඒ බැ#ලි මාව පාවලා දුන්නා.... ඒකිට පිස්සුවෙන් වාගෙ ආදරේ කරපු මං ම ඒකිව කොල්ලො පනහකට සෙල්ලම් කරන්න දෙන්න තරම් අමනුස්සයෙක් කළා මාව.....ආදරේ කියන්නෙ දුර්වලතාවයක් ටේහ්‍යුන්.... මම කැමති නෑ දුර්වලතා තියෙන මිනිස්සුන්ට...ඒ වගේ උන්ට මේ ලෝකෙ ඉන්න අමාරුයි....

උඹෙ ඇත්ත කියලා බලපන්....

ඌ උඹට බයේ වෙව්ලලා පැනලා යයි....නැත්තන් හෙට වෙද්දි වෙන මාෆියා ලීඩර් කෙනෙක්ට ඔත්තු දෙයි...."

තේහ්‍යුන් කියන වචනයක් ගානෙ ටේහ්‍යුන්ගෙ හකු තද වෙනවා හොඳට ම පෙනුණත් ටේහ්‍යුන් හරි සන්සුන් ව කතා කළා....

The Hell HighwayDove le storie prendono vita. Scoprilo ora