CHAPTER 29

301 60 60
                                    


One month later

"ටේහ්‍යුන්ගී..."

"ම්ම්?"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඇඳ උඩ එරමිණිය ගොතාගෙන වාඩිවෙලා ටේහ්‍යුන් දිහා හොරෙන් බලන ගමන් හිමින් කතා කළාම ප්‍රොජෙක්ට් එකක කන්ට්‍රැක් එකක් දෙවනි වතාවට කියවන ගමන් හිටිය ටේහ්‍යුන් ෆයිල් එක දිහා බලාගෙන ම කිව්වා ම ජන්කුක් මොකක්හරි වැදගත් දෙයක් කියන්න වගේ හරිබරි ගැහිලා වාඩි වුණා....

"හ්‍යුන්ගි ලෙන්ස් යූස් කරලා තියේද?"

"ම්හු....මට ලස්සන ඇස් දෙකක් තියෙද්දි මම ඇයි ලෙන්ස් දාන්නෙ කූ බබා?"

ටේහ්‍යුන් කල්පනාව පිට ම ඇහුවත් ටේහ්‍යුන් ඔලුව උස්සන්නෙ නැතුව ඉන්න ලොකු උත්සාහයක් දුන්නා... ටේහ්‍යුන් බය වුණා එකපාර ජන්කුක් ලෙන්ස් ගැන අහද්දි...

ටේහ්‍යුන් බය වුණෙ එයාලගෙ රහස ජන්කුක් දැන ගන්නවට නෙවෙයි....තේහ්‍යුන් එයාට හොරෙන් ජන්කුක් එක්ක සෙල්ලම් කරනවදෝ කියන බය ටේහ්‍යුන්ව කලබල කළා....

"ම්ම්...ඒකත් ඇත්ත....මං ආසයි ඔයාගෙ ඇස් වලට හ්‍යුන්ගී...ඒත් බලන්නකෝ...මම නිල් පාට ලෙන්ස් දෙකක් ගත්තා...මම දාන්න දන්නවා..."

ජන්කුක් එහෙම කියලා සද්ද නැතුව හිටියා ම ටේහ්‍යුන් පුටුවෙන් නැඟිටලා ඇවිත් ජන්කුක් ළඟින් වාඩිවෙලා ජන්කුක් ඔලුව මුදුනෙන් දාගෙන ඉන්න පුංචි පෝනිටේල් එක හරියට හදලා නළලට වැටිලා තියෙන කොණ්ඩෙ ඇඟිල්ලෙන් දෙපැත්තට කරලා ජන්කුක්ගෙ කම්මුල් දෙකට අත් දෙක තියාගත්තා....

"ම්ම්...මම නම් ආසම මේ තරු පිරුණ බෝල කළු ඇස් වලට..."
ජන්කුක්ගෙ ඇස් දෙකම උඩින් පුංචි හාදු දෙකක් තියලා ටේහ්‍යුන් හිනා වෙද්දි ජන්කුක් එයාගෙ හා දත් දෙක පේන්න හිනා වුණා...

"ඒත් ඔයා ආසයි නම් ලෙන්ස් යූස් කරලා බලන්න කූ බබා...ඔයා හරියට දාන්න දන්නවා නේද?"

ටේහ්‍යුන් ජන්කුක්ගෙ ඔලුව අතගාලා අහද්දි ජන්කුක් ඔව් කියන්න ඔලුව වැනුවා....

"හ්ම්...හ්‍යුන්ගි ආස නැති එකම දේ ඔයා අඬන එක... ඔයාට රිදෙන එක විතරයි....වෙන ඕන දෙයක් කරලා බලන්න ඔයාට නිදහස තියෙනවා කූ බබා....මං දිහා හොරෙන් බලලා පර්මිශන් ගන්න ඕනෙ නැහැ..."

The Hell HighwayWhere stories live. Discover now