CHAPTER 38

343 58 121
                                    

A/N:-අද චැප්ටර් එක ටිකක් විතර mature content.... එපා කූවට ඔයාලා කියවනවා ඉතිම්👉👈 ඒවුණාට මං warn කළා ඉතිම්👉👈

✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️







Two days later

"මොකද කරන්නේ කූ බබා....අපි මැන්ශන් එකට යමුද?"
ටේහ්‍යුන් උදේ ඉඳලා ජන්කුක් එක්ක එළියට ඇවිත් ගොඩක් තැන්වල ඇවිදින්න ගියත් ජන්කුක් කල්පනාවක ඉන්න බව තේරුණ නිසා ටේහ්‍යුන් හැදුවෙ ලන්ච් ගත්ත නිසා ආයෙත් මැන්ශන් එකට යන්න වුණත් ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතේ එල්ලුණා...

"මියානේ ටේහ්‍යුන්ගී...මම ඔයාගෙ සතුටත් විනාස කළා නේද.... සමාවෙන්න...මම ආයෙ කල්පනා කර කර ඉන්නෙ නෑ....අපි වෝටර් පාර්ක් එක බලන්න් යමුද?"
ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතේ එල්ලිලා කියද්දි ටේහ්‍යුන් ජන්කුක්ගෙ තොල්වලින් පෙක් එකක් තියලා ඒ සිනිඳු කළුපාට කොණ්ඩෙ අතින් අවුස්සලා දැම්මා....

"ම්ම්....මගෙ මල කැමති කොතනටද හ්‍යුන්ගි කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතිව එතනට එනවා මැණික....අපි යමු..."
ජන්කුක්ව තුරුල් කරගෙන බයික් එක ළඟට ඇවිත් ජන්කුක්ගෙ හෙල්මට් එක දාලා ක්ලිප් එකත් දැම්ම ටේහ්‍යුන් ජන්කුක්ට නඟින්න කිව්වා....ජන්කුක් වාඩිවුණාට පස්සෙ ජන්කුක්ගෙ අත් දෙක තමන්ගෙ බඩ වටෙන් අරගෙන එකට තියලා අල්ලගන්න කිව්ව ටේහ්‍යුන් ජන්කුක් එක්ක හිනාවුණාම ජන්කුක් ඔලුව ඇල කරන් හිනා වුණා....

"ම්ම්....මම ටිකක් වේගෙන් යනවා... මගේ මල බය ද? නෑනෙ?"
ටේහ්‍යුන් අහද්දි ජන්කුක් ඒකට කමක් නෑ කියලා ටේහ්‍යුන්ගෙ උරහිස උඩින් නිකට රඳවගෙන ටේහ්‍යුන්ගෙ පිටට ම ඇලිලා තුරුල් වෙලා හිටියා....

මඟින් මඟට ලිස්සගෙන පහළට යන ජන්කුක්ගෙ අත්දෙක ටේහ්‍යුන් හිනාවෙවී උඩට කරලා ඇඟට තද කර ගත්තෙ ජන්කුක් තමන්ව අවුස්සන්න හිතාගෙන එහෙම කරනවා කියලා හිතාගෙන වුණත් ජන්කුක් හිටියෙ
ඊයෙ හොස්පිට්ල් එකේදි නම්ජුන් හ්‍යුන්වයි,ජැක්සන් හ්‍යුන්වයි හමුවෙලා කතා කරපු දේවල් මතක් කරන ගමන්...

Flashback

"ඒ කියන්නෙ කිම් දේහ්‍යුන්ට ළමයි දෙන්නෙක් ඉන්නවා?"
නම්ජුන් අහද්දි ජින්ගෙ උකුලෙ වාඩිවෙලා හිටිය ජන්කුක් ඔව් කියන්න ඔලුව වැනුවා...

The Hell HighwayWhere stories live. Discover now