තාම ඍෂිවරු ඇතුළ් මළුවේ ශ්ලෝක කියලා වතාවත් කරනවා... ඩියෝන් අතේ පාවඩ තියාගෙන මූණත් ඇඹුල් කරගෙන බලාගෙන ඉන්නේ බරටම වෙව්ලන ගවීෂ්ගේ අත් දිහා... දුර ඉන්න මිනිස්සුන්ට පේන්නේ ගවීෂ් ගානක් නැතුව උස්සන් ඉන්නවා වගේ උනාට ගවීෂ්ගේ එහා පැත්තේ ඉන්න ඩියෝන්ට නම් හොදට පේනවා තනි මනුස්සයෙක්ට උස්සන්න බැරි තරං ලොකු වතුර කළේ ගවීෂ් අය්යා ගානක් නැතුව වගේ උස්සන් ඉන්න කන කට්ට... අනිත් අතට අරවින්ද්ගේ කියලා වෙනසකුත් නෑ...  දෝවන වතාවත් වෙන්නේ , පෙළපත් දෙකේම උරුමයන් අතින්...

'' හරි දැන් පුතාලා යන්න.. '' ශ්ලෝක ඉවර වෙලා ඝන්ටාරය වදිනකොට එතන ඉදපු ඍෂිතුමා කිව්වේ ඩියෝන් පිරුවටය ගවීෂ්ට ඉස්සරහින් එළද්දි... අරවින්ද්ගේ එහා පැත්තෙන් මෙච්චර වෙලා අත් දෙක බැදගෙන රවාගෙන ඉදපු මියුන් අරවින්ද්ට පිරුවටේ එලනවා ගවීෂ් බලාගෙන... නැ නැ වැරදිලාවත් මියුන් නෙවේ ගවීෂ් දිහා බලන්න නිකමටවත් ඔළුවවත් ඉස්සුවේ.... ගවීෂ්නුත් මියුන්ව නොදැක්ක ගානට අරවින්ද් එක්ක ඇතුල් මළුවට පය තියන්න කලින්ම අහස අදුරු කළේ පහළ මළුවේ හැමෝගෙම කටවල්වලින් සූස් සද්දේ එළියට පනිද්දි... ඍෂිවරුත් කවදාවත් සිද්ධ නොවුන දෙයක් ගානට උඩ බිම බලද්දි.... ඒත් එක්කම පිපිරුව පළවෙනි අකුණට ගැස්සුන අරවින්ද් කරන්න දෙයක් හිතාගන්න බැරුව එයාට සමාන්තරව ඉදපු ගවීෂ් දිහා බැලුවේ වතුර කළේ අතරින්...

'' දෙය්යනේ මේ මොකද - ''

'' හරියට ඍධි වතාවත් කෙරිලා නැද්ද - '' පහළ කට්ටිය මුමුණන සද්දේ අරවින්ද්ට වගේම ගවීෂ්ටත් ඇහෙනවා... අසුබවාදී දෙයක් උනොත් සේරම පැටවෙන්නේ එයාගේ වගේම ගවීෂ්ගෙත් කර උඩ නිසාම අරවින්ද් ගවීෂ්ට සන් කලේ පොඩ්ඩක් නවතින්න කියලා... තාම කොල්ලො දෙන්නම සද්ද නැතුව බලන් ඉදියේ වට පිටාව ටිකක් සන්සුන් වෙනකං.. ඒත් -

ගවීෂ්ගේ ඇස් නැවතිලා තියෙන්නේ දැනටම ඇතුළු මළුවට පය තියලා ඉවර මියුන් ගාව... පිරුවට එළන එක නවත්තලා මියුනුයි ඩියෝනුයි බලන් ඉදියේ අරවින්ද් වගේම ගවීෂ් ඇතුළු මළුවට අඩිය තියනකං... එදා මියුන් බන්ෂ් එකට ආපු පළවෙනි දවසේ අහස , පුපුරපු අකුණු...ම්ම්ම්...

- Plot 23 -Where stories live. Discover now