'' කොහොමද දන්නේ තමුසේ ? '' ගවීෂ් ඇහුවේ මියුන්ගේ ඇස් මගඇරලා..

'' මට ඇහෙනවා.. '' මියුන්ගේ දුර්වල උත්තරේට ගවීෂ් මුකුත් කියන්නත් කලින්ම වේඝර්ණ මැන්ෂන් එකේ පහළ ලයිට්ස් ඕන් වෙනවා ගවීෂ්ට පෙනුනා... ෂික්!!! එයා මියුන්ව ඇදලා ගත්තේ ඉස්සරහා යාඩ් එකේ තිබුන බයික් එක පැත්තට පුලුවන් තරම් ඉක්මනින් අඩිය තියන ගමන්... මේ වෙලාවේ යන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ...

එයා මියුන්ව අරගෙන අවි මාමාගෙ ගෙදරට වෙනකම් ආවේ කෝමද කියන්නවත් ගවීෂ්ට මතක නැති තරම්... ගවීෂ් කෝල් කරපු නිසාම ගවීෂ්ගේ බයික් එකේ සද්දේටම අවිනාශ් කලබලෙන් දොර ඇරියේ එයාගේ පිටිපස්සෙන් මෙතුලත් දොරෙන් එබෙද්දි...

'' ගවීෂ් ? '' මෙතුල ඇහුවේ ගවීෂ්ට හේත්තු වෙලා ඉදිය මියුන් දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්.. ඇතුළට ආපු ගවීෂ් දොර වහලා දැම්මේ කලබලෙන්...

'' ක්‍රිෂ්ට කෝල් කරන්න.. '' ගවීෂ් අවිනාශ්ට කිව්වා නෙවේ කමාන්ඩ් කළා කිව්වට වැරදි නෑ.. කිසිම දෙයක් ආපස්සට කියන්නැතුව අවිනාශ් කාමරේට දිව්වේ ෆෝන් එක හොයාගන්න..

'' මොකක් ද උනේ ගවීෂ් ? '' මෙතුල ඇහුවේ තාමත් මේ මහ රෑ තුනයි ගානකට ගවීෂ් මේම කඩන් පනින්න හේතුව හිතාගන්න බැරුව..... සුදු මාමාගේ උදව්වෙන් මියුන්ව එතනම බිමින් වාඩි කරවපු ගවීෂ් එහෙමම දණ ගහගත්තේ මියුන් ආයේම හිමින් ඇස් අරිද්දී...

'' මගේ දෙය්යනේ !!! '' මෙතුල කම්පනයටම අතින් කට වහගත්තේ අඩියක් පිටිපස්සට තියන ගමන්...

'' ඇයි ඒ ? '' මියුන් දුර්වල හඩින්ම ඇහුවේ මෙතුලගේ මූණේ තියන හැගීම හිතාගන්න බැරුව....

'' මුකුත් නෑ උබ ඔහොමම ඇස් පියාගනින්.. '' ගවීෂ් කිව්වේ එයාගේ අත තියලා මියුන්ගේ ඇස් දෙක හිමින් වහලා... එහෙමම එයා සාක්කුවට දාගත්ත මියුන්ගේ සුරේ ගවීෂ් එළියට ඇද්දේ ලොකු හුස්මක් ගන්න ගමන්... තමුසේගේයි වැරැද්ද ගවීෂ්.....

'' මාව විශ්වාස කරපන් හරිද ?.. '' ගවීෂ් තදින් කිව්වේ මියුන්ගේ බෙල්ල වටේ අත් දෙක දාලා.... මියුන්ට දගලන්න නොදී කකුල් දෙකින් හිර කරගත්ත ගවීෂ් සුරය මියුන්ගේ බෙල්ල වගේ ගැටගැහුවේ පුළුවන් තරම් මියුන්ට නොදැනෙන්න... එයා ගැට ගහන අතරෙදි මියුන් කලින්ටත් වඩා දුර්වල වෙන විදිය ගවීෂ්ට දැනෙනවා... ඔළුව පුපුරන්න තරමට වැඩිවෙන ඔළුවේ කැක්කුමට මියුන් දගලද්දි මෙතුල ඇවිත් මියුන්ට හෙලවෙන්න නොදී අල්ලගත්තේ පොඩි කොල්ලාගේ මූණේ තියන වේදනාවට කරන්න දෙයක් හිතාගන්න බැරුව... ගවීෂ් වෙව්ලන ඇගිලවලින් අන්තිම ගැටේත් දාලා මියුන්ව අතඇරියේ එයාට සන්සුන් වෙන්න වෙලාව දීලා... එක අතකට මේක ගළවනවා මියුන් නොදැක්ක එකම ලොකු දෙයක්...

- Plot 23 -Where stories live. Discover now