'' බඩගිනියි ඒයි.. ''

'' නැති උනොත්නේ පුදුමේ.. දැන් හතරයි කාලයි..මේ වෙලාවට කන්නේ කොයි ලෝකේ ද ?  '' යොවන්දි කිව්වේ ගවීෂ්ගේ ඔරලෝසුවට එබිලා..

'' ම්ම්....තැනක් තියේ යමුකො.. අවී මාමාව දැකලාත් නැනේ ? '' ගවීෂ් ඇහුවේ යනතං මේසේ උඩ අවුස්සලා අවුස්සලා බයික් එකේ යතුර හොයාගෙන අතට අරගන්න ගමන්...

'' කවුද අවී මාමා ? ''

'' කිව්වට දන්නැ , එව්වා දකින්නම ඕන... යං යං... ''

'' මේම ? '' යොවන්දි ඇහුවේ එයා ඇදගෙන ඉදපු තඩී ටීෂර්ට් එකයි ෂෝටයි පොයින්ට් කරන ගමන්...

'' උබ හිතුවේ ඩ්‍රෙස් පෙරඩ් එකකට යනවා කියලා ද ? වරෙන් යන්න .. '' ගවීෂ් කිව්වේ යොවන්දිව කාමරෙන් එළියට තල්ලු කරන ගමන්... නැත්තන් මේකි ලැස්ති වෙලා එනකං ඉදියොත් බඩගින්නේ මැරිලා යයි... මැන්ෂන් එකේ පහළම ලොකු විසිත්ත කාමරේ දෙවෙනි පරම්පරාවේ  වැඩිහිටියො බරටම පවුලේ බිස්නස් කතාවක...කතාව කෙසේ වෙතත් සේරමලාගේ ඇස්-කන්වල අවධානේ යොවන්දිවත් ඇදන් එළියට ගිය ගවීෂ් දිහාවට....

ටයිඩ්‍රැක්ස් එක ගාව බයික් එක නවත්තලා, යොවන්දිවත් බස්සලා හෙල්මට් එක ගලවලා පැත්තකින් තියපු ගවීෂ් යාන්තං අගල් කාලක් විතර දික් වෙලා තිබ්බ කොන්ඩ පොජ්ජ හදාගත්තා... ආවේ බඩගින්නට උනාට ----

'' එහ් මෙහේ ලස්සනයිනේ....මේ කොහේ ද ගවීෂ් ? '' යොවන්දි ඇහුවේ කටත් ඇරගෙන.. ඔව් ඕව්.. විශ්වාස කරපන් මේ කොහෙද කියලා මේකි දන්නැ... ගවීෂ් මේකේ ඉන්න කාලේත් මෙහේ ආවේ ඩියෝන් , ආශදී ඩබල විතරයි. ඒ ආවාත් අවිනාශ්ව දන්නැ... අද නං මේකි සප්රයිස් වෙන්නයි යන්නේ කෝමත්...

'' අනාගතේ දවසක අපෙත් බිස්නස් තමයි .. එන්න එන්න.. '' ගවීෂ් කිව්වේ යොවන්දිව ඇදන් ඇතුළට අඩිය තියලා.... කාලෙකින් ටයිඩ්‍රැක්ස් එකට ආවේ... ම්ම් ම්ම් වැඩි වෙනසක්මත් වෙලා නැ හැබැයි... දොර අරිනවත් එක්කම වගේ වින්ඩ් චෑම්ප් එකක සිලිං බිලිං සද්දෙන් මුළු ටයිඩ්‍රැක්ස් එකම පිරිලා ගියා... ඒකත් මරු.. ෂොප් එකට කවුරු ආවාත් තනිකර සෙල්බ්‍රිටි එන්ට්‍රන්ස් එකක්...  ස්ටේජ් එකක් දාලා ලයිව් සින්ගින් එක්ක.. ෂුවර් එකට සුදු මාමාගේ අයිඩියාස් මේවා....  පහට ළග නිසාමදො ටිකක් මිනිස්සු පිරිලා පහළ තට්ටුවේ කැෆේ එකේ..

- Plot 23 -Where stories live. Discover now