'' ඒහ් ගවීෂ් මං එන්න ද ? '' දොරෙන් එබුනේ යොවන්දි... මේ දවස්වල ගෙදර ඉන්න එකම එකී..

'' එන්න එන්න... '' ගවීෂ් කිව්වේ අපාය වගේ වෙලා තිබ්බ අැද උඩින් වාඩිවෙලා.. කුණුකෙළත් පෙරාගෙන මෙලෝ ගානක් නැතුව ඌ යොවන්දිට ෆුල් ස්කේල් හිනාවක් දැම්මා.. කතා කරන්න කියලාවත් ඉන්නේ මෙච්චරයි අප්පා..

'' හැටි විතරක් බලනවා සවුසේගේ.. තාම බඩු ටික අන්පැක් කරලාවත් නැ.. '' ආපු ගමන් පටන් ගත්තා ඉතින් වැරදි හොයන්න.... මොනා උනත් මගේ කාමරේට එන්න විශේෂ අවසරයක් ලැබුනා කියලා ඒම අනං මනං කියන එක වැරදියි නැද්ද ......

'' සවුසේගේ කාමරේ ඇතිනේ මෙතන දූත විමන වගේ. අනේ මං කියන්නැ.. '' ගවීෂ් කිව්වේ පොත් විතරක් පිරිලා තියෙන යොවන්දිගේ කාමරේ මතක් කරගෙන...

'' වින්ට හවුස් එකට ආවා ද එකපාරක්වත් නැනේ ? '' නැ තමයි... ඒලෙවල්ස් කාලේ ඉදන් ඒක අයිති කරන් ඉන්නේ දැන් මේකි...

'' අඩො අමතක උනානේ... වින්ට හවුස් උත්තමාවියනි.. '' ගවීෂ් ඩ්‍රැමටිකල් විදියට කිව්වේ ටී ෂර්ට් එකක් දාගන්න ඇදෙන් බිමට පනින ගමන්... ගවිෂ්ගේ ඉස්සරහා පිටිපස්සේ , වෙනසක් නැතුවම සියාගේන් වැදුන බෙල්ට් පාරවල් දිහා බලපු යොවන්දි ආයේ අහක බලාගන්නවා ගවීෂ් බලාගෙන...එක අතකට යොවන්දිගෙන් මොනවා හංගන්න ද ?. ඒත් වැඩිමනත් එක්ක ගවීෂ් ටී ෂර්ට් එක දාගන්න බිමට බැස්සේ්ත් පරණ තුවාල පේන නිසා කියලා කිව්වොත් වැරදි නැ...

'' ම්ම්හ්..... ඒවාල තියෙන්නේ තමුසේගේ දරාගැනීම... and that makes me go more wild on you '' 

'' අහ් ? .... ''

''ම්ම් ? මේ සීබ්‍රා ලයින්ස් ගැන කිව්වේ...... ''

සීබ්‍රා ලයින්ස්... ඇගේ තුවාලවලට දැනට හම්බුන ලස්සනම කමෙන්ට් එක මතක් කරපු ගවීෂ් කබඩ් එක වැහුවේ ටිකක් සද්දෙන්.. අනිත් අය වගේ ඇග දැක්කම අනුකම්පාවට හැකිලෙන ඇස් වෙනුවට , එදා අඩ අදුරේ ඒ කළු ඇස්වල තිබුණේ අමුතුම ආඩම්බරයක්... ගවීෂ්ට ඒ බැල්ම අකුණක් තරම් මතක හිටින තරමටම...

'' ඇයි ගවීෂ් ? '' යොවන්දි ඇහුවේ ගවීෂ් ඔළුව දෙපැත්තට වනලා මූනේ මතුවෙලා තිබ්බ ලා හිනාව අතුරුදහන් කරගනිද්දි... හිත කොච්චර ඈතට යනව ද එක වචනයක් නිසා උනත්... යොවන්දි තාම බලන් ඉන්නේ ගවීෂ්ගේ ඉක්මනට වෙනස් වුන මූණ දිහා... කෙල්ලත් කොන්ෆියුස් වෙනවා ඇති ඉතින්...ඇතුළෙ ඇත්තම තත්වේ කොහොම උනත් දැන් යොවන්දි කියන්නේ තමුසේගේ ඥාති සහෝදරීම නෙවේ ගවීෂ්... අඩුම තරමේ දෙන්නම ඒකට හැඩගැහෙන්න හරි උත්සහ කළා...

- Plot 23 -Where stories live. Discover now