දෙවෙනි දිගහැරුම ~

Magsimula sa umpisa
                                    

"දැන් ඇයි ආවෙ මෙතනට "

"අම්මව හම්බෙන්න අම්මෙ කන්න ඕනේ "

" අ හිටු හිටු මෙන්න ශර්ට් එක අතන ටයි එක ඇති ඔය පුටුව අතෙ මේස් දෙක ඇති ඉක්මනට වරෙන් පහලට කන්න "

"හරි අම්මේ....."

අම්මයි සනුයි පහලට ගියා එතකොට සනූගෙ තාත්ත ආවා Night Job එක කරලා

" තාත්තේ..... "

" අ මගෙ සුදු මැනිකෙ ටිකක් ඉන්න මන් ඉක්මනට වොශ් එකක් දාගෙන එන්නම් එතකන් මට වතුර එකක් ගෙනත් දෙන්න "

"හා තාත්තෙ "

සදුනි වතුර ගේන්න කුස්සියට ගිය අතරෙ අම්මා මේසෙටයි කවිදුට ගෙනියන්නයි කෑම බෙදුවා

" මෙන්න තාත්තෙ "

" කෝ කොලුවා "

කවිදුත් ඉක්මනට පහලට ආවා

" මේ ඉන්නෝ....."

"ගෙදර ඉන්න එකාව හම්බ වෙන්න තියෙන අමාරුවක් "

"ඔව් නේද තාත්තා එනකොට මන් නැහැ මන් එනකොට තාත්තා නැහැ අද මට හොදටම පරක්කුයි නැත්තම් අදත් නැ "

"අ ....ඉක්මනට යන්න කොල්ලො එහෙනම් "

" කොහෙද යන්නෙ කාලා පල "

"මන් යන ගමන් කන්නම් උම්මා......යන්නම් අම්මෙ යනවා තාත්තේ ගිහින් එන්නම් පිස්සි "

" පරිස්සමට කොල්ලො බයික් එකේ යනකොට "

කෑම එකත් අරගෙන බයික් එකත් ස්ටාර්ට් කරගෙන කට්ටියට බායි කියලා ගියේ අද කවිදුගෙ College එකේ Last Day එකට

" මහත්තයා ඉක්මනට වොශ් එකක් දාගෙන එන්න කෑම කන්න "

" හරි නෝනා "

"ම්....අම්මේ තව දාන්නකො "

"අ ඉන්න ආ කන්න හොදට "

"ඔයත් කන්නකො අම්මේ....."

" කනවා කනවා තාත්තත් ආවහම "

" කන්න ඕනා හොදේ "

" හරි හරි කෙල්ලෙ "

සනූ කෑම ටික කාලා Tv බලන්න ගියා එතකොට තාත්‍තා වොශ් දාලා එනව දැක්ක නිසා ඉක්මනට හොරෙන් අම්මා තාත්තට බෙදලා කනවද කියලා බැලුවා සනූට ඒ දෙන්නව දැකලා හරිම සතුටක් දැනුනා තාත්තා අම්මගෙන් කෑවද කියල ඇහුවහම තාම නැ කිව්වහම තාත්ත එයාගෙ පිගානට බෙදාගෙන අම්මට කව කව තාත්තා කන ඒ Romantic Scene එක දකින්න හම්බ වෙච්ච නිසා

සනූ පස්සෙ දෙන්නට බාද නොකර හිනා වෙවී Tv බැලුවා විනාඩි 5 විතර එහෙම ඉදලා කාමරේට ගියා  යාලුවො එක්ක චැටක් දාන්න  තාත්ත අම්මා කතා කරලා ඉවර වෙනකන් මොකද ඒ දෙන්නා ඉවර වුනහම සනූට තාත්තට අම්මා ගැන අයියා ගැන කේලම් කියන්න තියෙන නිසා

පස්සෙ ඒ දෙන්නා ඉවර වුනහම සනූ ඇවිත් එක එක ඒවා කිව්වා ඒවලට තාත්තට බඩ පැලෙන්න හිනා සනූ එක්කම අම්මා ඔරවගෙන හිටියා ඔහොමම කතා කර කර හිනා වෙවී ඉද්දි එදා දවසත් ගෙවිලා ඉවර වුනා






කොහොමද අද එක 🌝❤ like Share comments කරන්න

My Teacher || GL ||Tahanan ng mga kuwento. Tumuklas ngayon