'' කොහේද තමුසේ යන්නේ ? '' අරවින්ද් කැගැහුවට ගවීෂ් මුකුත් නැහුන ගානට යොවන්දිවත් ඇදගෙනම අතුරුදහන් වෙනවා මියුන් බලාගෙන ඉදියා.. දැන් කොහොමත් සති දෙකහා මාරක් විතර තිස්සේ ඉදන්  ගවීෂ්ගේ හැසිරිම මේමයි කියන එක මියුන්ට අමුත්තක් නෙවේ.. පොරට ඒක අදාළත් නෑ , ගණන් ගන්නෙත් නෑ..

හැබැයි ගවීෂ්ගේ අතේ බැදලා තිබ්බ කොළ පාට නූල් දෙකින් එයා ටිකකට කලින් *ජගුවර් බන්ෂ්* එකට ගිහිල්ලා කියලා මියුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕන නැ... ඩ්‍රොප් සෝන් එකේ තිබුණ ආශක්‍යසිංහලාටත් , වේඝාර්ණාරච්චිලාටත් එක වගේ පරණ අතීතයක් වගේම බැදීමක් තිබ්බ ජගුවර් බන්ෂ් එක එක්තරා විදියකට එයාලාගේ පූජනීයම ස්ථානයක් කිව්වට වැරදි නෑ... හරියටම කිව්වොත් ජගුවර් බන්ෂ් එක දැනට සාමාන්‍යය ලෝකෙන් වද වෙලා ගියා කියලා සලකන , මේච්‍යුරි ගහක් වටේ තිබුණ ගල්වලින් කරපු ජගුවර් පිළිම ගොඩකින් වට වෙලා තිබුනා කියන්න මියුන් අහලා තියෙනවා...  මේ ස්මාරකය , බර්ඩ්‍රේන්වරුන්ගෙත් , ඩොමිඩියන්වරුන්ගෙත් උපතේ ඉදන්ම පැවතුනා කියලා තමයි සැලකෙන්නේ.. කොහොම උනත් ශුද්ධ ආශක්‍යසිංහ හෝ වේඝාර්ණාරච්චි කෙනෙක්ට ඇර එතනට වෙන සාමාන්‍ය යොරෙල් කෙනෙක්ට පවා ජගුවර් බන්ෂ් එකට ඇතුළු වෙන්න තහනම් වෙලා තිබුනා..

ඩ්‍රොමිඩියන්වරු වෙනුවෙන් මේච්‍යුරි ගහ හැමදාම පෙනි ඉදියත්, බර්ඩ්‍රේන්වරුන් වෙනුවෙන් පෙනී ඉදියා කියලා පුරාවෘත්තවල තියෙන ජගුවර් අතුරුහන් උන නිසාම , වේඝාර්ණලාගේ මේ ජගුවර් බන්ෂ් එකට තිබ්බ සම්බන්ධය ටිකෙන් ටික ගිලිහුනා කියලා තමයි මියුන් අහලා තියෙන්නේ... එක අතකට ආශක්‍යසිංහලාගේවත් , වේඝර්ණාරච්චිලාගේවත් තුන් වෙනි පරම්පරාව නං ඕකේ පස් පාගලවත් නෑ කිව්වට කමක් නෑ... හැබැයි මියුන් දන්න තරමින් සියා හැමදාම අරවින්ද්ගේ උපන්දිනේ දවසට එයාව වතාවත්වලට එක්කගෙන යනවා... මොකද ඩ්‍රොමිඩියන් උරුමය උනේ අරවින්ද් නිසා.. එක අතකට ගවීෂ් බර්ඩ්‍රේන් උරුමය නිසා එයාටත් ජගුවර් බන්ෂ් එකට නුහුරු තැනක් නොවෙන්න ඇති කියලා මියුන්ට හිතුනේ...

'' මං පැය බාගෙන් එන්නං.. '' මියුන් අරවින්ද්ට කිව්වේ ඌත් දෙපාරක් හිතන්නැතුව ඔළුව වනද්දි.. මියුන් තෝරපු මාලේ අක්කට දිලා අක්කාගෙන් ලකුණක් දාගන්න උගේ හිතේ තිබ්බ එක වෙනම කතාවක් ඉතින්... සාක්කුවේ තිබ්බ ෆෝන් එකත් අතට අරගෙන මියුන් වංගුවෙන් හැරෙනවා බලාගෙන ඉදලා උරහිස් දෙක අකුලපු අරවින්ද් මාලේ තිබ්බ බැග් එකත් වන වන හැරුනේ ඉක්මනට ආශක්‍යසිංහ මැන්ෂන් එකට යන්න...

- Plot 23 -Waar verhalen tot leven komen. Ontdek het nu