''තමුසේට ඕන මගුලක් කරගන්නවා.. '' ගවීෂ් ආපහු ඇරියස් එකටත් එක්කම මියුන්ව එහාට තල්ලු කරගෙනම හැරුනේ වොෂ්රුම් එක දොර දිහාවට..

'' මගේ ඇග රිදෙනවා..'' මියුන් කෙදිරිගෑවේ ගවීෂ් ආයේම මුමුණ මුමුණ බැන බැන නවතිද්දි... ඇග නෙවේ තව ටිකකින්.....

'' තමුසේ කලින් අරගෙනම නැද්ද වැරදිලාවත් ? '' ගවීෂ් ඒ පාර ඇහුවේ මියුන් දිහාවට හැරෙන ගමන්...

''  ඇයි තමුසේ අරගෙන තියේද ?.. ''  මියුන් ෂොක් වෙලා ඇහුවේ ගවීෂ් දිහා බලලා.. හරි ගවීෂ්.... හැබැයි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි.. මූ නං මොකෙක්ද මන්දා..

'' ඔහොම බිමින් වාඩිවෙන්න ටිකක්...'' ගවීෂ් කමාන්ඩ් කළේ වොෂ්රූම් එකේ දොරේ අගුල දාලා ආයේමත් මියුන් දිහාවට හැරිලා..

'' ඒ මොකටද ? ''

'' කුණුහර්ප අහගන්නැතුව වාඩිවෙයන්.. '' ගවීෂ් තදින් කිව්වේ මියුන් හිමින් බිත්තියට හේත්තු වෙලා බිමින් වාඩි වෙද්දි... ඒ නැතත් තව ටිකකින් එයා ඇදන් වැටෙන්න උනත් බැරි නැති තරමට ඇගම ගිනි ගන්නවා මියුන්ට දැනෙනවා... කකුල් දෙක පණ නැති ගතියට යටි බඩින් පටන් අරන් ඇග පුරා දුවන හිරිවැටීම....ම්මහ්...ආහ්..... මියුන් කෙදිරි ගගා එතනම ගුලි වෙනවා බලාගෙන ඉදපු ගවීෂ් ඊට ටිකක් ඈතට වෙන්න බිමින් වාඩි වුනේ මියුන් දිහාවට හැරිලා..

'' කොච්චර ඩෝස් එකක් ගත්තද තමුසේ  ?'' ගවීෂ් ඇහුවේ මියුන් දිහා කෙලින් බලාගෙන.. මහ ලොකු ආශක්‍යසිංහ කොල්ලා... කොල්ලෙක් විදියට තියෙන්න ඕන සාමාන්‍ය දැනීමවත් නෑ කිව්වම..

'' මං දන්නෑ !!! කිව්වනේ මං හිතලා ගත්තේ නැ.. ම්මහ්... '' මියුන් කේන්තියෙන් කිව්වත් මිනිහාගේ වචන පිටවෙන්නෙත් කැඩි කැඩි... එච්චර දෙයක් වෙලාත් උගේ ඇස් කළු පාටයි !!!

'' කොච්චර වෙලාවක් වෙනවද ? '' ගවීෂ් ඇහුවේ නළලත් රැළි කරලා.. සේරමත් හරිකොට මියුන්ගේ ගාඩ් එක බිදෙන්නැතුව තියෙන්නේ කොමද  ?

'' විනාඩි ම්හ්...-විස්සක් විත-ර.. ම්...''

'' හරි හරි. ඒක දැන් වැඩක් නෑ.. උබ ආස මල් ජාති තියේද ? '' ගවීෂ් සාමාන්‍ය විදියට ඇහුවේ මියුන්ව යකා අවුස්සලා...

- Plot 23 -Where stories live. Discover now