'' මට එළියට යන්න ඕන.. '' ගවීෂ් ආයේම පොඩි එකෙක් වගේ කියනකොට නං යොවන්දිගේ හිත උණු වෙනවා.. ගවීෂ්ට පුරුදුම ඉතින් රවුම් ගහලනේ.. ඌ වගේ එකෙක්ට මාස දෙකක් යනකම් ෆෝන්ස් , වයිෆයි නැතුව නිවාස අඩස්සිය කියන්නේ ඉතින් දෙන්න පුලුවන් දරුණුම දඩුවම තමයි... ඒත් ඉතින් සීයා කිව්වොත් කිව්වාම තමයි.. ගවීෂ්ගේ අම්මයි තාත්තායි කොච්චර කතා කරලා බැලුවත් වැඩක් උනේ නැ .... මාස දෙකක් පුරාවට එයාගේ කාමරෙන් පිටට අඩියක්වත් තියන්න ගවීෂ්ට චාන්ස් එක ලැබුනේ නෑ.. එහෙම බැලුවම එක අතකින් මූ අඩන්නැතුව ජිවත් වෙලා ඉන්න එකත් පුදුමයි යොවන්දිට...

හරියට බැලුවොත් ගවීෂ්ගේ පළවෙනි සතියම ඉවර වුනේ තුවාල ටිකෙන් ටික හොද වෙන්න.. චූටි බාප්පා බැන බැන ගවීෂ්ට බෙහෙත් කලේ එකකට පස්සේ තව එකක් කියලා බැන බැන... දෙවෙනි සතියෙන් පස්සේ ගවීෂ්ගේ තුවාලත් හොද වීගෙන ආපු නිසා චූටි බාප්පාටත් ලොක් රූම් එකට ඇතුළු වෙන්න තහනම් උනා.. තුන් වෙනි සතිය වෙද්දි යොවන්දි විතරයි ගවීෂ්ව බලන්න ආවා නං , ඒකත් පාඩම් කියලා දෙන්න.. ඒකි ආවා කියලා මෙලො වැඩක් නෑ , පොත්වල මිසක් ක්ලාසස්වල වෙන මෙලො දෙයක් යොවන්දි දන්නැ... දෙවෙනි මාසේ පටන් ගනිද්දි නං ඇත්තටම මිනිහා ඉදියේ ඇඩෙන්න ඔන්න මෙන්න... හැමදාම ඩියෝන්ගේ බයික් එක ස්ටාට් වෙන සද්දේට ගවීෂ් කොට්ටෙන් කන් දෙක වහගන්න පුරුදු වෙලා ඉදියේ...සමහර වෙලාවට මෙලො දෙයක් හිතෙන්නැතුව සිවිලිම දිහා බලාගෙන ඉද්දි ගවීෂ්ට හිතෙනවා එයා මැරිල අපායේ ඇවිත්වත් ද  කියලත්.. කරන්නම වැඩක් නැති තැන තමයි මිනිහා පොත් ටිකත් අරගෙන මේසෙන් වාඩි වුනේ... පොත්වල තියෙන ජාති දැක්කම තමයි මිනිහාගේ ස්ට්‍රෙස් එක පීඑච් වක්‍රයක් වෙන්නේ...

'' දැන් මේ ටික ඉවර කරලා දාන්න ගවීෂ්. එක්සැම් එකත් ළග එනවනේ.. '' ඒකි කියයි.. ඒකිට ඉතින් ක්ලාසස්වලත් හයස්ට් මාක්ස්... ගවීෂ් හිතුවේ කටේ ඔබාගෙන ඉදපු පැන කටින් ගන්න ගමන්...

'' සවුසේ හිතුවේ මං ඕක ලියනවා කියලාද ? '' ගවීෂ් නෝන්ඩිය ඇහුවේ යොවන්දිගේ ඉස්සරහම පොත වහලා දාලා...

'' ඇයි දැන් ?''

'' මං ඕක ලියලා ඔයාට ෆස්ට් වෙන්න බැරි වුනොත් ඒම ? කාට කියන්න ද ? '' ගවීෂ් කිව්වේ යොවන්දිගේ පොත් ප්‍රහාරයෙන් බේරෙන්න පැත්තට පනින ගමන්...

- Plot 23 -Where stories live. Discover now