සුදු පාට බැක් කවර් එකක් දාපු ගවීෂ්ගේ ෆෝන් එක අතට අරගෙන කෝල් කරේ කවුද කියලාවත් බලන්නැතුව ෆෝන් එක සයිලන්ට් කරපු මියුන් ඒක ඇද උඩටම විසි කරලා ආපහු හැරෙන පරක්කුවට ෆෝන් එක ආයේ රින්ග් වෙන්න ගත්තා.. මොන අළු කෙහෙල් ඇවරියක්ද මේහ්..

*ඩියොන්.. * ස්ක්‍රින් එකේ වැටුන නම කියවපු මියුන් ඕන රෙද්දක් වෙන්න කියලා ෆෝන් එක ආන්ස කලේ මේ මල කරුමෙන් බේරෙන්න.. උගේ මතකේ හරි නං ඩියෝන් කියන්නේ උගේම වයසේ ගවීෂ් වගේ අනිත් අපතයා... 

'' ඕයි ගවීෂ් අය්යේ... ෆෝන් එකක් උස්සන්න බැරිද යකො හදිසියකට.. '' ඩියෝන් මහ හය්යෙන් කැගැහුවේ මියුනේ කනෙන් ෆෝන් එක පැත්තකට ගනිද්දි.. එක වල්ලේ පොල් තමයි මේවත් ඉතින්...

'' සීයා එනවලු අද රෑ.. දැන් බලහන් වෙලාව දැනටම හතට දහයයි....කොම හරි වරෙන් මෙහේ පුලුවන් තරම් ඉක්මනට...  සුදු මාමාත් ගෙදර ආවා !!  අනික - ''

මියුන් ෆෝන් එක කට් කරලා අායේ ඇද උඩට විසි කලේ  වේඝර්ණාරච්චිලාගේ මල කෙහෙම්මල් එයාට අදාළම නැති නිසා.. අනික දැනටම ෆෝන් එක සයිලන්ට් කරන්න ඇවිත් අනුන්ගේ කුණුගොඩවල් ඇවිස්සුවා වගේ ෆීලින් එකක් තමයි මියුන්ට දැනුනේ.. දැන් අර පාසි ගෙම්බා මෙතනට කඩන් පනින්න කලින් එළියට යාගන්න ඕන... නැත්තන් එනවානේ නැට්ටත් උස්සන්...  තව අඩියක් තියන්නත් කලින් මියුන්ගේ ෆෝන් එකත් රින්ග් වෙන්න ගත්තේ මියුන්වත් ටිකක් ගස්සන ගමන්.. හොර වැඩක් කරලා අහුවුනා වගේ නෙව හුහ්....

*ක්‍රිෂ්* මියුන් ෆෝන් එක ආන්ස කලේ හදිසියට...  ඉක්මනට ගෙදර පැනගත්තා නං කිසි කරදරයක් නැනේ..

'' හලො ? ''

'' අහ් හලො බේබි. මේහ්.. පොඩි එමජන්සි එකක් මෙහේ... අරවින්ද් කෝල් කළා.. සනෝශ්ගේ අත පොඩ්ඩක් ඩැමේජ් කියනවා... '' ක්‍රිෂ් හති දදා කියනවා මියුන් අහගෙන ඉදියා... හරිනේ , එතනත් එහෙනං මරාලයක් තමයි....

'' සනෝශ්ගේ ? ඒ මොකද ? '' ගවීෂ්ගේ කාමරේ දොර වහලා දාලා එයාගේ කාමරේට ගිහින් බැග් එක කරට දාගන්න ගමන් මියුන් ඇහුවේ තව ටිකකින් නොවරදවාම එයාට යන්න වෙන බව ඉවෙන් වගෙන් තේරිලා.. තුන්වෙනි පරම්පරාවේ අවුල කොතන ද මියුන් එතනට වාර්තා කලේ නැත්තන් ඒක කෙලවර වෙන්නේ කොහොමත් අවුල් ජාලයකින්...

- Plot 23 -Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα