Chapter 07

200 43 11
                                    


"යාහ්හ්හ්හ්හ්!! ජාක් පිමින්..
ඔය පොඩි එකාව අඬවන එක නවත්තනවා!"
ටේයොන්ග් විසි වෙනි වතාවටත් බෙරිහන් දුන්නෙ ජන්කුක් ආපහු කෑගහනවා ඇහිලා.
මොකද ජිමින් ආපු වෙලාවෙ ඉඳන් ජන්කුක්ගෙ බෝල කම්මුල් එක්ක ඇද ඇද සෙල්ලම.
කියුට් කිය කිය ජිමින් කුකීව හුරතල් කරත් ජන්කුක්ටනම් ඇතිවෙලයි තිබ්බෙ..

"යාහ්.. චිම් නවත්තනවකො ඕක.."
ටේයොන්ග්ගෙ කටහඬ ඇහුණා විතරයි කඳුළුත් පුරවන් ඇඳට වෙලා ඉඳපු ජන්කුක් දුවලා ගිහින් ටේගෙ පිටිපස්සෙ හැංගිලා ශ'ට් එක අස්සෙන් අග්ගලයක් වගේ ලොකු ඇස් දෙක විතරක් එළියට දාගෙන ජිමින්ට ඔරවන්න ගත්තා.

"අයිගූ!!
මේ හූනු පැටියා ඇයි මෙච්චර කියුට්?"
ජිමින් ඕව' ඇක්ටින් කර කර කිව්වම ටේයොන්ග් ඇස්දෙක පිටිපස්සට රෝල් කරලා හැංගිලා ඉඳපු හා පැටියව ළඟට ගත්තෙ රෝස වෙලා තිබුණු කම්මුල් අතගාන ගමන්.

"අපි හොස්පිල් එකට යමු නේද දැන්?
ජින් හ්යොන්ග්ගෙන් බැනුම් අහන්න වෙන්නෙ දැන් කූටයි මටයි."
ජන්කුක් ටේගෙ තොල් හෙලවෙන දිහයි, ඇස් ගැස්සෙන දිහයි මාරුවෙන් මාරුවට බලාගෙන හිටියෙ.

"කූ?
කූ කියන්නෙ කාද හ්-හ්යොන්ගි?"
ජන්කුක් එයාගෙ නිල් ඇස් දෙක ටේ දිහාවට හරවගෙන පුදුමෙන් වගේ අහද්දි ටේයොන්ග්ට හිනා ගියා.

"කූ කියන්නෙද?
මෙන්න මෙයා!"
ටේයොන්ග් ජන්කුක්ගෙ පපුවට හෙමින් දබරැඟිල්ලෙන් ඇනලා කුක්ගෙ අතිනුත් අල්ලන් එළියට ගියෙ හවස් වේගෙනත් එන හින්දා හොස්පිල් එකට යන්න..

"යාහ්හ්!
කොහෙද ගියෙ දෙන්නත් එක්ක..
ටේයොන්ග්, අමතක කරන්න එපා ජන්කුක් ඉන්නෙ අසනීපෙන්.. ඉන්ජෙක්ට් ටයිම් පහුවෙන්න පහුවෙන්න එයා තවත් දුර්වල වෙන එකයි වෙන්නෙ."

"ස්-සොරි හ්යොන්ග්.."

ටේගෙ සෑඩ් පෝටි ෆේස් එක දැක්ක ජින් පිටට තට්ටුවක් දාලා ජන්කුක් ඇලවෙලා ඉඳපු බෙඩ් එක ළඟට ගියෙ සුපුරුදු තරමෙ දිගකින් යුතුවුණු ඉන්ජෙක්ශන් එකත් අරගෙන..

දැනටමත් කඳුළු පිරිලා දිලිසෙමින් තිබුණු නිල් ඇස්, දිග නීඩ්ල් එක සිනිඳු සම පසාරු කරගෙන ඇතුළට විදිද්දි කඳුළු වැල්පිටින් ගලාගෙන ගියා. බොඳවුණු පටලෙකින් ජන්කුකීගෙ ඇස්වල නිල්පාට කොහෙදෝ දුරකට ගෙනියන විදිය ටේයොන්ග් බලන් හිටියෙ ටිකක් ඈත ඉඳන්..
කොච්චර ඕන වුණත් ජන්කුක් ළඟට ගිහින් එයාගෙ ඔළුව අතගාලා ස්ට්‍රෝන්ග් වෙන්න කියන්න තරම් ටේයොන්ග් ශක්තිමත් කෙනෙක් උනේ නෑ..
මේ වේදනාවෙන් ජන්කුක්ව ඉක්මනට ගලවගන්න ටේයොන්ග් ගියපු නැති හොස්පිල් එකක්, කතා නොකරපු ඩොක්ට කෙනෙක් නෑ.
හැමෝම ජින් කියන කතාවම කියද්දි කුකීව එයාගෙ සහෝදරයෙක් වගේ බලාගන්න ජින්ගෙන් වෙන් කරන්න ටේට ඕන වුණෙත් නෑ.

ඉන්ජෙක්ට් කරපු බේත්වල සැරට ජන්කුක්ට ඒ තප්පරේම නින්ද ගිහින් තිබුණෙ.. නින්ද ගිහින් කියනවට වඩා සිහි නැති වුණා කිව්වොත් හරි.

"මටනම් ඇතිවෙලා තියෙන්නෙ මේ ජීවිතේ..
මොකට මම මේ ජොබ් එකට ආවද මංද ටේ!!
අහිංසක මිනිස්සු මං ළඟට කෝමහරි හොඳ කරලා දෙන්න කියද්දි, කවදද මාව හොඳවෙන්නෙ අහද්දි ම-මං කොහොමද කියන්නෙ තව මාස දෙකක්, අවුරුද්දක් විතරයි ජීවත් වෙන්න තියෙන්නෙ කියල..
ප්-පණ අදින මනුස්සයෙක්ට ජීවත් වෙන්න හේතුවක් හොයාගන්න බැරි තරමටම මම අසරණ වෙලා ටේ..
ජ්-ජන්කුක්?
මොකක්ද ඒ අහිංසකයා කරලා තියෙන පව.. ඔයා හිතනවද ඒ තරම් ලොකු දඬුවමක් දෙන්න තරම් හරියකට අඬාගන්නවත් දන්නැති මේ පොඩි එකා වැරැද්දක් කරලා ඇති කියලා.! තව අවුරුද්දයි මාස තුනක් වගේ තියෙන්නෙ.
මං දන්නවා ටේ ඔයා ජන්කුක්ට ආදරෙයි කියල.. ඒකෙන් වෙන්නෙ ඔයා ඔයාටම රිද්දගන්න එක.. මං මෙහෙම ඉල්ලන එක වැරදී,  ඒත් ලොකු බ්-බලාපොරොත්තු ගොඩගහගන්න එපා..ම්ම්..?"

ටේයොන්ග්ට මතක් වුණා ටේට හම්බුණු ඩයරියේ මුල් පිටුවෙ ලියල තිබුණු 1& half year කියල ලියලා තිබිලා තියෙන්නෙ එයාට ජීවත් වෙන්න තිබුණු කාලෙ ගැන කියලා.
ටේයොන්ග් තෙත් වුණු කම්මුල් එක්ක බෙඩ් එක උඩ නිදන් ඉන්න ජන්කුක් දිහා බැලුවෙ වම් උරහිසට පහළින් කුහරයක් ඇතුළෙ වේගෙන් ගැහෙන මස් ගොබෙන් දැනුණු වේදනාව දරාගෙන..

"කොහොමද ජන්කුක්ව අමතක කරන්නෙ?"



අප්ඩේට් පරක්කු වෙනවට සොරි පැටව්නේ..
මේ සැරේ ඒ ලෙවල් හින්දා වැඩ ගොඩ ගැහිලා.. එක දවසයි ගෙදර ඉන්නෙ.
ඒකෙ තමයි ටික ටික ටයිප් කරලා දාන්නෙ..

🥺❤❤❤

You've reached the end of published parts.

⏰ Last updated: Jun 14, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

18 Pages(TK)Where stories live. Discover now