Chapter 03

162 41 3
                                    


ටේයොන්ග් ගෙදර ගියපු හැටියෙම කල්පනා කරන්න ගත්තෙ අනාථ නිවාසෙ එමී කියපු කතාව.
එයා කියන විදියට ජන්කුක් එයාලත් එක්ක කතා කරලා තියෙනවා. ඒ කියන්නෙ, සමහර විට ටේට පුළුවන් වෙයි මේ චූටි කුමාරයව ඇස් දෙකෙන්ම දකින්න.
ටේයොන්ග් හිතාගෙන හිටියෙ ඩයරිය පරණ පාට හින්දා ජන්කුක්ව හමුවෙන එක නිකන්ම නිකන් හිතළුවක් විතරයි කියලා.

ටේයොන්ග්ට චූටි බලාපොරොත්තුවක් ඇවිත් මිසරබ්ල් බෝයි -කුක් ගැන.
ඒත් දැන් වෙනකොට එයා මැරි කරලනම්?
මුල්ම පිටුවෙ ලියල තිබුණු half and year කියන්නෙ එයාගෙ බබාගෙ වයස නම්..?
ටේයොන්ග්ට චූටි දුකක් නොදැනුණමත් නෙවෙයි. සමහර විට ඒ ගැන ලියල ඇති.

" ඒ ලස්සන,නිල් පාටින් දිලිසෙන චූටි ඇස්.
ඇත්තමයි ඒවනම් පිස්සුවක්. එතකොට සිනිඳුම සිනිඳු ස්කින් එක. ඩාර් රෙඩ් බේබි ලිප්ස්.. හරියට රසම රස සීනි කූරක් වගේ
ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා.'

එපා!  ජන්කුකී ඔයාට බෑ-
ටේයොන්ග්ගෙ ඇස්වල කඳුළු පිරිලා ඒවා ගලාගෙන යන්න ඔන්න මෙන්නයි තිබුණෙ.

' සෝ කියුට් .  කෝමද චූටි බබාල ඒ තරම් ලස්සන වෙන්නෙ?... ඇයි එයාලා ඒ තරම් රෝස පාට...?   ඇයි බබාලා ගොඩක් චූටි?
අපේ මැනේජර්ගෙ බේබි ග'ල්..
ඒ පැංචිගෙ නම සොෆිලු.
මං හිතන්නෙ පැය ගාණක් එයාගෙ ඒලියන් ලැන්වේජ් එකෙන් එයා මාත් එක්ක කතා කරා. එච්චර වෙලාවක් මාත් එක්ක කතා කරපු එකම එක්කෙනා ඔයා තමයි ලිට්ල් සොෆි.  ඔහ්- ඒ වුණාට එයා ගොඩක් දඟ බබෙක් වෙයි වගේ.
බායි බායි සොෆි..
පුළුවන්නම් මාව අමතක කරන්නැතුව ඉන්න බලන්න., කරුණාකරලා... '
 

' අයිගෝ, එයා චුටි පැටියෙක්ද?
ඒත් කාට වුණත් ඔය තරම් ළං වෙන්න ඕන නෑනෙ. හුම්..
අහ්, එකක් මතක තියාගන්න මිස්ට කුක්, ඔයාගෙ ඩයරිය දැන් මගෙ නම්, ඩයරියෙ අයිතිකාරයත් මගෙ විතරයි. '
ටේයොන්ග් ඩයරිය පපුවට තුරුල් කරගෙන මිමිණුවා.

ටේයොන්ග් පොත් පිටු අතර සුවඳ හොඳට විඳගත්තත්, ජන්කුක්  කියන්නෙ කොයි වගේ කෙනෙක් ද, ඒ ඇස් කොයි වගේද කියලා හිතාගන්න ටේයොන්ග්ට පුළුවන් වුණේ නෑ.
ඒත් ටේයොන්ග් කොහොමහරි එයාගෙ ජීවිතේ වෙනස් කරපු මේ චූටි ජීවියව හොයාගන්න එයාටම පොරොන්දු වුණා.

18 Pages(TK)Where stories live. Discover now