Chapter 06

174 46 19
                                    


ටේයොන්ග් ඊළඟ දවසෙ උදේම පලතුරු බාස්කට් එකකුයි, චාලට් එහෙමත් නැත්තන් ටේගෙ අම්මගෙන් කෙඳිරි ගාලා හදාගත්තු කෑම පාර්සල් එකකුයි එක්ක යන්න හදන්නෙ කැන්සර් හොස්පිල් එකට..
ටේයොන්ග් හිතන් හිටියෙ 10 පහුවෙලා තමයි ඉර පායන්නෙ කියලා. මොකද ඊට කලින් මොකෙක් ආවත් ටේයොන්ග් කියන්නෙ නැගිටින කෙනෙක් නෙවෙයි.
කාටවත් නැගිට්ටවන්නත් බෑ.

හැබැයි අද පාන්දරම නැගිටලා ඔක්කොම ලෑස්ති කරගෙන ටේයොන්ග් කා එකට දිව්වෙ දොර ළඟ පොට් එකක තිබුණු පොඩි පතොක් ගහකට පයින් පාරකුත් ගහගෙන ඒකට බැනුම් තොගයකුත් පටවන ගමන්.

හොස්පිල් එක ළඟම තිබුණු ෆ්ලවර් ශොප් එකකින් ටියුලිප් මල් පොකුරකුත් අරගෙන ටේයොන්ග් ඉක්මනට ඉක්මනට ඇවිද්දෙ ඔක්කොම උස්සගෙන දුවාගන්න බැරි හින්දා.

"දෙයියනේ, ටේයොන්ග් මේ මොකද?"

"ගුම්මෝනින් ඩොක්ට!
මම මේ කුකීව හම්බෙන්න යන ගමන්.
එයා තාම දොයිද?"
ටේයොන්ග් පොඩි එකෙක් වගේ කියවන් යන විදිහ දිහා බලලා ජින් හිනාවුණා.

"මට ජින් කියන්න.. ඒ ඇති..
අහ් ජන්කුකීනම් දැන් ගොඩක් වෙලා නැගිටලා.  කෑම කෙසේවෙතත් ඔය මල් පොකුරනම් කොල්ලා එකපාරින්ම තුරුල් කරගනී. ඔයා යන්න ටේ.. මම තව ටිකෙන් එන්නම්.."
ජින් ඒම කියලා එතනින් ගියාම ටේයොන්ග් ඉක්මනට ජන්කුක්ගෙ බෙඩ් එක පැත්තට ගියා.

ඇඳේ ඉඳගෙන තමන්ගෙ රෝසපාට ඇඟිලි තුඩු එහෙ මෙහෙ කරක කරක, නිල් පාට බැම්බි ඇස්වලින් මොනවද හොයමින් හිටපු ජන්කුක්ව ගැස්සිලා ගියෙ ටේයොන්ග්ගෙ මිණිගෙඩියක් වගේ කටහඬට..

"ගුම්මෝනින් කුකියෝ..
හම්මෝ මේවගෙ බර!!"
අතේ තිබුණු ඔක්කොම බඩුටික මේසෙට අතාරින ගමන් හිටපු ටේයොන්ග් දිහා ජන්කුක් බලන් හිටියෙ බයවෙලා.

"ආ... මේ මල්ටික ඔයාට"
පාට ටියුලිප් පොකුර ජන්කුක් දිහාවට දික් කරද්දි ජන්කුක්ගෙ අත් ලාවට ඉස්සුණේ ඒවා ගන්න උනත් එයා ආපහු අත් පහළට අරන් ඔළුව දෙපැත්තට වැනුවෙ එපා කියන්න. කවුද දන්නෙ ආපහු උදුරගනීද කියලා.

ටේයොන්ග් හිනාවෙලා බෙඩ්ශීට් එක මිරිකගෙන ඉඳපු රෝසපාට අතක් තමන්ගෙ අත උඩට අරගෙන ටියුලිප් පොකුර අල්ලට තියලා තදකරාම ජන්කුක්ගෙ කම්මුල් රෝස ටියුලිප් පොහොට්ටුවලට වඩා රෝසපාට වෙලා ගියා. එයා ඉක්මනට ඒ ඔක්කොම පපුවට හිර කරගත්තෙ කවුරුහරි එයාගෙන් ඒවා හොරකම් කරයි වගේ.

18 Pages(TK)OÚ les histoires vivent. DÊcouvrez maintenant