Chapter 04

163 44 2
                                    


ටේයොන්ග් හිටියෙ සෝල්වල හින්දා ජන්කුක් ලියල තිබ්බා කැන්සර් හොස්පිල් එක හොයාගන්න එයාට අමාරු වුණේ නෑ.

ටේයොන්ග් දන්න කාලෙක ඉඳන්ම ලෙඩ හැදෙනවට බය කෙනෙක්. සාමාන්‍ය උණක් හැදුණත් එයා අසාමාන්‍ය විදියට බයවෙනවා, වර්තමානෙ උනත් එහෙමයි.
ඒ වෙලාවට ටේගෙන් එයාගෙ මමාට තියෙන්නෙ පුදුම වදයක් ඇත්තටම.

කැන්සර් එකක් කියන්නෙ බෝ නොවෙන එකක් උනත් ටේයොන්ග් ඒ හොස්පිල් එක දිහා නිකමටවත් හැරිලා බැලුවෙ නැත්තෙ ඒ බය හින්දමයි. ඇත්තම කියනවනම් කොච්චර ලොකු ශරීරයක් තිබ්බත් එයා බය ලෙඩ හැදෙනවට. ඒක අමුතුයි තමයි.

කොහොමින් කොහොම හරි ටේයොන්ග් කා එක පාක් කරලා කැන්සර් හොස්පිල් එක පිටිපස්සෙ තිබුණු ගාඩ්න් එකට ඇවිදන් යන ගමනුයි හිටියෙ.

එතන තිබුණා පුංචි ගේට්ටුවක්, හැබැයි ඒක දැකපු කෙනෙක්නම් ඒ පැත්තවත් බලන්නෑ කියලා විශ්වාසයි.
මොකද ඒක ඒ තරම්ම පරණ, මලකඩ කාලා තිබුණු ගරා වැටිච්ච ගේට්ටුවක් හින්දා.

' මෙතනනම් වෙන්න බෑ කොහෙත්ම.
වෙන කැන්සර් හොස්පිල් එකක් වෙන්නත් පුළුවන්නෙ ඉතින්. '
ටේයොන්ග් ඒම හිතලා යන්න හැරුණත් අඩි දෙකක් විතර ගියායින් පස්සෙ මොකක්දෝ හේතුවකට ටේයොන්ග්ට ආපහු ගේට්ටුව පහුකරන් ඇතුළට යන්න හිතුණා.

ෆෝන් එකෙන් ප්ලේ ලිස්ට් එක ප්ලේ කරන ගමන් ඉයර්ෆෝන් එක කනේ ගහගත්තු ටේයොන්ග් ගේට්ටුවට ගෑවී නොගෑවී හෙමින් ඇරියා.
බැරිවෙලාවත් පිටගැස්ම හැදුණොත් ඒම.

ටිකක් දුර යනකන් කැලෑ ගොල්ලකින් වැහිලා තිබුණත් ඊට පස්සෙ තිබුණෙ පිළිවෙලකට හිටවලා තිබුණු පඳුරු ගහපු වල්‍ රෝස ගස්. හැම ගහක්ම පිරිලා තිබුණු මල්වල සුවඳ නහය ඇතුළට ම ඇදගත්ත ටේයොන්ග් තව ටිකක් ඉස්සරහට ඇවිදන් ගියා.
ඇත්තටම එතන එක එක ජාතියෙ මල්, වැල්, ගස් වර්ග ඕනවටත් වඩා තිබුණා.

හැමතැනම ලස්සන බල බල හිටපු ටේයොන්ග් විනාඩියකට ඔය කනේ ඔබාගෙන ඉන්න ලබ්බ ගැලෙව්වනම් ඊට වඩා ලස්සන ඇත්ත කටහඬක් එයාට ලේසියෙන් ම අහගන්න තිබුණා.

'ඒ කියන්නෙ එයා මෙතන නෑ'
ටේයොන්ග් යන්න හැරිලා දිගටම ඇවිදිද්දි එතන බිම දිගේ දඟර දදා ගිහින් තිබුණු දඟකාර වැල් පොටක පැටලුණු හින්දා බොරළු පාර උඩ ඇදගෙන වැටුණා.
ෆෝන් එකයි, ඉයර්ෆෝන් එකයි විසිවුණේ වෙන තැනකට.
දණහිස තදින්ම බිම වැදුණු හින්දා ඒකත් අතගගා ටේයොන්ග් නැගිට්ටා.

18 Pages(TK)Onde as histórias ganham vida. Descobre agora