Chapter 05

148 45 14
                                    


' මේ මොකද මේ?
න-න්වතින්න ජන්කුක් කොහෙද ඔය යන්නෙ.. අහ්. නවතින්න. '
ටේයොන්ග් කෑ ගැහුවත් කිසිම දෙයක් නෑහුණු ගානට ජන්කුක් කැන්සර් හොස්පිල් එක ඇතුළටම ඇවිදන් යද්දි ටේයොන්ග් මූණත් ඇඹුල් කරගෙන ඒ පැත්තට ගියෙ මෙච්චරකල් හොයපු ඒන්ජල්ව නැති කරගන්න එයාට කිසිම උවමනාවක් තිබ්බෙ නැති හින්දා.

හොස්පිල් බිත්තිවල ගෑවෙන්නැතිවෙන්න අත් දෙකත් එකට ගුලි කරලා ජන්කුක්ගෙන් ඇස් එළියට ගන්නැතුවම ටේයොන්ග් ඇවිද්දා..
ටේයොන්ග්ට හිතාගන්න බෑ ජන්කුක්ට ඇයි එච්චර පුංචි ශරීරයක් තියෙන්නෙ කියලා.

"මේ කොල්ලට පිස්සුද?
ආයෙමත් රෝසකටු ඇනගෙන ඇවිත්.
කොහෙද ඔය කැලෑ ගාණෙ රිංගන්නෙ ආ?
දෙන දෙයක් කාලා මෙහෙට වෙලා ඉන්න බැරිද?  යන්න ඉක්මනට ගිහින් වොශ් එකක් දාගෙන එන්න..  ඉන්ජෙක්ට් ටයිම් එකත් පහුවෙලා. ඉක්මන් කරන්න ජන්කුක්.."
සුදු පාට කෝට් එකක් ඇඳගෙන හිටපු කරුණාවන්ත පාටක් පේන තරුණ ඩොක්ට කෙනෙක් සුදුමැලිව ඔහේ බලාගෙන ඉන්න ජන්කුක්ව ලාවට ඉස්සරහට තල්ලු කරා.

'ජන්කුක් මොකක්ද මෙතන කරන්නෙ?'
ටේයොන්ග් එහෙම හිත හිතම හොස්පිල් එකේ හැමතැනින්ම එන සැරට ඇසුත් පොඩි කර කර සුදු කෝට් එකක් ඇඳගෙන හිටපු පුද්ගලයා ළඟට ගියෙ ජන්කුක් ගැන මොනාහරි තොරතුරක් දන්නවා ඇති කියලා හිතලා.

"ඔහ්... මේ කවුද?
කාවහරි හම්බෙන්නද නැත්නම්_

"අහ් නෑ.. ම්-මට කෙනෙක් ගැන දැනගන්න ඕනෙ ඩොක්ට.."
ජන්කුක් ගියපු දිහාට ඇස් තියාගෙන කියවද්දි ඩොක්ටට තේරුම් ගියා ටේයොන්ග් කා ගැනද අහන්න යන්නෙ කියලා.

"ඔයා මොකටද ජන්කුක් ගැන හොයන්නෙ?
නැත්තන් තව මොනාහරි ඉතුරු වුණු දේවල් ගන්න යූස් කරන්නද?"
ඩොක්ට කැබින් එකට ගිහින් සැටියෙ ඉඳගන්න ගමන් ඇහුවම ටේයොන්ග්ට මොනා කියන්නද කියලා හිතාගන්න බැරිඋනා.

"හහ්? ඒ කිව්වෙ?"
ටේයොන්ග්ගෙ කන්ෆියුස්ඩ් මූණ දිහා පුදුමෙන් බලාගෙන හිටපු ඩොක්ට හිනාවුණා.

"ඔහ්- සොරි..  ඔයා ඒ දේවල්වලට සම්බන්ධ වුණු කෙනෙක් නෙවෙයි වගේ.
හරි.. දැන් කියන්නකො මොනාද ජන්කුක් ගැන දැනගන්න ඕනෙ?"

18 Pages(TK)Where stories live. Discover now