Chapter 02

161 40 0
                                    


ලා පාට තිර රෙදි අස්සෙන් ලා ඉර එළිය ටේගෙ මූණට වැටුණම, ආයෙමත් බ්ලැන්කට් එක අස්සට ගුලි වෙලා නිදාගන්න සැරසුණු ටේයොන්ග්ට දැනුණා මොකක් හරි තද දෙයක් ටේගෙ පපුවට තද වෙනවා.
ඉද්ද ගැහුවා වගේ නැගිට්ට ටේයොන්ග් විකාරෙන් වගේ ඇඳ අස් කරන්න ගත්තෙ ඒ පුංචි ඩයරියට මොනවත් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්. මොකද ටේයොන්ග් කියන්නෙ නින්දෙදි උනත් ඇඳ අනිත් පැත්ත හරවන්න පුළුවන් කෙනෙක්.

" ඔහ්- දෙයියනේ.
ඔයා හොඳින්.... "

පරිස්සමට ඩයරිය අතට ගත්තු ටේයොන්ග් ඇඳ උඩින් ඉඳගත්තෙ ආපහු ඒ පුංචි ජීවියගෙ ලෝකෙට සමවැදෙන්න කියලා හිතාගෙන.
ඒත් තාමත් අවුල්වුණු කෙස් එක්ක, දත් මැදලවත් නෑ නේද කියල මතක් උනත් ඔළුව හොළවපු ටේයොන්ග් ආපහු කියවන වැඩේට බැස්සා.

" කෝමද අප්පා මිනිස්සු දත් මදින්නෙවත් නැතුව, කිරි එක බොන්නෙ.?
ඈක්... හිතුවමත් අමුතුයි.
මෙහෙ ඉන්න අය හැමෝම එහෙමයි..
එයාලා මූණ හෝදන් එනකන් මංනම් එයාලත් එක්ක කතා කරන්න හිතන්නෙවත් නෑ. "

ඇස් දෙක පිටිපස්සට රෝල් කරපු ටේයොන්ග් ඩයරිය පැත්තකින් තියලා වොශ් රූම් එකට දිව්වෙ පුළුවන් තරම් ඉක්මනට වොශ් එකක් දාන් එන්න.
මොකද කවදාවත් නොදැකපු පුංචි ජීවියෙක් තරහ වෙනවලුනෙ ඒම නොකරොත්..?

" ඒකනම් ඇත්තටම බෝරින්..
ඇයි හැමෝම රෝසමල් දෙන්නෙ ස්පෙශල් වෙන හැම වෙලාවකම. අනිත් මලුත් ලස්සනයිනෙ. ඉතින් ඇයි...?
චූටි පොහොට්ටු මල්, ආහ්.. මොකක්ද ඒකෙ නම? "

ටියුලිප්, මෝඩ කුක්කො..
ටේයොන්ග් උත්තර දුන්නා.

' ඔව්,, අන්න හරි ටියුලිප් තමයි.
ඉතින් ඒවා ලස්සනයිනෙ, බේබි පින්ක් පාට ටියුලිප් තමයි ලස්සනම.
අර තද රතු පාට වගේ බය හිතෙන පාටවලට වඩා හදවතට හෙමින් තට්ටු කරන්න පුළුවන් ඒ මල්වලට ඇයි කවුරුත් කැමති නැත්තෙ?...

මට ගොඩක් දවසක ඉඳන් ඕනවුනා චූටි පැටව් ඉන්න අනාථ නිවාසෙකට ගිහින් හැම බබෙක්ටම එක මලක් ගානෙ දීලා එයාලව සතුටු කරන්න.
ඒත්, හැමදේටම සල්ලි ඉස්සර වුණාම මං වගේ කෙනෙක්ට ඒක ප්‍රාර්ථනාවක් විතරක්ම වෙන එක ඇත්තටම පුදුමයි.
එහෙමනෙ...? '

18 Pages(TK)Where stories live. Discover now