Chapter 01

209 41 0
                                    


එදා ටේයොන්ග් ඩයරිය අතට ගත්තත් තමන්ගෙ දෙයක් නොවන හින්දා ඒක කියවන එක අත ඇරලා දැම්මා.

කඳුළුවලින් පෙගුණු දවස් දෙකක් ගෙවිලා ගියාට පස්සෙ හැමතිස්සෙම වද දෙන මතකවලින් ටිකකට හරි අයින් වෙන්න හිතාගෙන ටේයොන්ග්ට ඒක කියවන්න ඕන වුණා.

ඩයරිය ඉස්සරහින් ලා නිල් පාට වගේම ලා රෝස පාට බේබි රිබන් එකකින් පුංචි සමනල් ගැටයක් දාලා තිබුණා.

ටේයොන්ග්ට ලා වර්ණ පේන්න බෑ. එයා හැමදාම ආස වුණේ තද කළු, රතු, නිල් වගේ පාට වලට.
ටේගෙ රූම් එක පවා පේන්ට් වෙලා තිබුණෙ තද කළු පාටකින්. කිසිම හැඟීමක් නැති කළු පාටක්.

Jeon Jungkook
1 and half year....

මුල්ම පිටුවෙ ලස්සන අත් අකුරුවලින් මුලින්ම ලියලා තිබුණෙ ඕක..

' කොල්ලෙක්ද?
කොල්ලෙක් වෙලත් රෝස පාටටද
කැමති? Ewww '

' එතකොට මොකක්ද මේ වන් ඇන්ඩ් හාෆ් ඉයර් කියන්නෙ? .
ම්ම්.. සමහර විට එයාගෙ බබාගෙ වයස වෙන්නැති. '

ටේයොන්ග් හිතුවෙ එහෙම.

ඊලඟ පිටුව පරිස්සමින් පෙරලපු ටේයොන්ග් ඒ චූටි අකුරු උඩ තමන්ගෙ ඇස් සීරුවට ගෙනිච්චා.

" ආදරේට පුළුවන් පණ පිටින් උනත් කෙනෙක්ව මරලා දාන්න,
කඳුළුවල හුස්ම හිරවෙනකන්
ගිල්ලලා තියන්න,
අහිංසක හිත් උනත් මිනීමරුවො
කරන්න,
මල් පිපුණු උද්‍යාන පවා
කාන්තාර කරන්න......

ටේයොන්ග් හිනාවුණා, හරියට එයාට දැනුනෙ දැන් එයාට සිද්දවෙලා තියෙන්නෙත් ඒ දේ වගේ.

හැබැයි ඊලඟ වචන පේළි කියවද්දි නම් ටේට දැනුනෙ පුදුමාකාර තරහක්.

" හහ්හ්හ්~
මොන බොරුද...
බොරුවට අඬන එක කොහොමද ආදරේ වෙන්නෙ?
කෙනෙක් එපා කියලා අත අරින්නෙ තව දුරටත් ආදරයක් ඒ හිත්වල නැති හින්දනෙ කියලා මේ මෝඩ මනුස්සයන්ට තේරෙන්නෑ. "

තරහ ගියත් ටේයොන්ග්ට තේරුණා කවුරු උනත් ඒ කියල තියෙන්නෙ ඇත්ත කියල.
හැමදේම ඉවර වෙලා ඇඬුවට වැඩක් තියෙනවද කියලා ටේයොන්ග් කල්පනා කරා.
වැරැද්ද කරපු කෙනා වර්තමානෙ සතුටින් ජීවත් වෙද්දි, වැරැද්දක් නොකරපු කෙනා කරේ අඬලා, බීලා තමන්ගෙ ජීවිතේ විනාශ කරගෙන, තමන්ට ඇත්තටම ආදරේ කරන අයත් නැති කරගන්න එක නේද කියලා ටේයොන්ග්ගෙ පුංචි මොලේට ඒ වෙලාවෙ කල්පනා වුණා.

18 Pages(TK)Where stories live. Discover now